අනුෂට ක්‍රිකට් මහගෙදර දොර වැසෙයි

353

මහත් ආන්දොලනයකට ලක්වු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකුහට මුදලට තරඟ පාවාදිමට උත්සහ කලේයැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

මෙම පරික්ෂණ අවසන් වනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  වසර 15ක් පමණ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනුෂ සමරනායක මහතාගේ සහ තවත් සේවකයකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරිමට ඊයේ රැස්වු ක්‍රිකට් විධායක කමිටුව තිරණය කලේය. ඒ අනුව ඊයේ දිනයේම අනුෂ සමරනායකට අදාල තහනම දැක්වෙන ලිපිය බාරදුන් බවත් මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ කිසිදු කටයුත්තකට දායකත්වය දැක්විය නොහැකි බවත් දැනගන්නට ලැබේ. තහනමට ලක් වු අනෙක් පුද්ගලයා ගයාන් විශ්වජිත් නැමැත්තෙකු බවත් ඔහු ස්ථිර සේවකයෙකු නොවන බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කලේය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 14වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේ ඇරඹි බටහිර ඉන්දීය කොදෙව්  තරගාවලියේදි ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට සහ රංගන හේරත් යන ක්‍රීඩකයින් දෙදෙනාට තරග පවාදිම සදහා මුදල් ලබාදිමට යොජනා කළෙයැයි ඔවුන් දෙදෙනා කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධව පරික්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණ අරඹා තිබේ.