Home Sinhala මුල්පෙළ නාය යෑම නිසා ලයන්ස් පළමු තරගය උදුරා ගනියි

මුල්පෙළ නාය යෑම නිසා ලයන්ස් පළමු තරගය උදුරා ගනියි

274
England Lions tour of Sri Lanka 2023

ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලබා ගැනීමට අද (15) එංගලන්ත Lions කණ්ඩායම සමත් වුනා.

ඊට මූලිකවම හේතු වුනේ ශ්‍රී ලංකා මුල්පෙළ ඉතා අඩු ලකුණු ගණනකට නාය යෑමයි. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා A නායක සදීර සමරවික්‍රම මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම තීරණයට සාධාරණයක් ඉටු කළේ නැහැ.

ප්‍රේමදාස පිටිය උදෑසන කාලයේ වේගපන්දු යවන්නන්ට දක්වන සුළු සහය උපයෝගී කර ගත් එංගලන්ත ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා ලසිත් කෲස්පුල්ලේ සහ අවිශ්ක ප්‍රනාන්දු වේලාසනම ක්‍රීඩාගාරයට හරවා යැව්වා.

ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත් වන්නට පෙර එක්දින තරගවල දස්කම් දැක්වූ අවිශ්ක මෙලෙස අසාර්ථක වීම ඉදිරි එක්දින ලෝක කුසලානයටත් ගැටලුවක් වනවා. නුවනිඳු ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 02ක් පමණයි. මේ නිසාම ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 4ක් අවසානයේ ලකුණු 9කට කඩුලු 3ක් ඇද වැටී අසරණ වුනා.

කලකට පසු නැවතත් ප්‍රධාන ධාරාවේ තරගාවලියක දී දැක ගන්නට ලැබුණු ඇන්ජලෝ මැතිව්ස් අද රැස් කළේ ලකුණු 13ක් පමණයි. ඒ අතරේ ඔහු හතරේ පහර 2ක් එල්ල කළා. පස්වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ආරච්චිගේ සහ නායක සදීර අතර ගොඩ නැගුණු ලකුණු 121ක සබඳතාවය ශ්‍රී ලංකාවට තරමක අස්වැසිල්ලක් ගෙන දුන්නා.

එහි දී පුල් පහරවල් සහ ස්වීප් පහරවල් මගින් පා ඉන්න දෙසින් පහසුවෙන් ලකුණු සොයා ගිය සහන් ආරච්චිගේ අද පන්දු 80ක දී ලකුණු 57ක් රැස්කර ගත්තා. ඔහුගේ අර්ධ ශතකය හතරේ පහර 4කින් වර්ණවත් වුනා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සදීර අද පන්දු 86කින් ලකුණු 74ක් රැස් කළා. ඒ හතරේ පහර 4ක් සමඟයි. චාමික කරුණාරත්න අද ක්‍රීඩා කළ ඉනිම පැසසිය හැකි මට්ටමක පැවති අතර පන්දු 48කින් ඔහු අර්ධ ශතකයක් (ලකුණු 52) ලබා ගත්තා. ඒ හතරේ පහර 5ක් සහ ඉනිමේ අවසන් භාගයේ දී එල්ල වූ දැවැන්ත හයේ පහර 2ක් ද සමඟයි.

සැබවින්ම ලකුණු 201ට කඩුලු 9ක් දැවී ගිය ශ්‍රී ලංකා A ඉනිම ලකුණු 230ක් දක්වා හෝ ඉහළ නගින්නේ චාමිකගේ මෙම උත්සාහය නිසයි. ශ්‍රී ලංකා ඉනිම වරක් ලකුණු 194කට කඩුලු 6ක් ලෙස සටහන් වූ අතර ඉතා ක්ෂණිකව කඩුලු 3ක් දැවී යාමත් ඉන් දෙකක්ම දුවද්දී දැවී යාම් වීමත් කනගාටුවට කරුණක්.

ශ්‍රී ලංකා පිතිකරුවන් අද අසාර්ථක වීම නිසා තවත් පන්දුවාර 4.5ක් ක්‍රීඩා නොකරම අපතේ ගියා. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන Saqib Mahmood කඩුලු 3ක් දවා ගත්තා. Sam Cook සහ Jacob Bethell කඩුලු 4ක් ඔවුන් දෙදෙනා අතරේ සම සේ බෙදා ගත්තා.

මෙම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලටම ලකුණු 69ක සබඳතාවයක් ගොඩ නගමින් හොඳ අත්තිවාරමක් දමා දුන්නා. එහි දී පිත්තෙන් ද තම වගකීම පැහැර නොහැරි Jacob Bethell අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසු පිටිය හැර යන විට පන්දු 58කට මුහුණ දී තිබුණා.

එංගලන්ත කණ්ඩායමට අද හිසරදයක් නැතිවම ජය කණුව කරා යාමට සවියක් වුනේ මුල්පෙළ සෑම කඩුල්ලකටම හොඳ ලකුණු සබඳතා ගොඩ නැගීමට පිතිකරුවන් සමත් වීමයි. මේ නිසා කුමන අවස්ථාවකවත් පීඩනය දැඩි කරමින් තරගය තමන් වෙත නම්මා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනේ නැහැ.

අංක 03 පිතිකරු Sam Hain අද පන්දු 51කින් අර්ධ ශතකයක් වාර්තා කරද්දී, LPL තරගාවලිය සඳහා සහභාගි වූ Jordan Cox ශ්‍රී ලංකාවේ තණතිලි ගැන තමන් සතු දැනුමත් භාවිතා කරමින් ලකුණු 46ක් රැස් කළා. ඒ පන්දු 48ක දීයි. Coxගේ ඉනිම හතරේ පහර ත්‍රිත්වයකින් සහ එක් හයේ පහරකින් හැඩ වුනා.

මෙම සාර්ථක පිතිකරණය නිසා එංගලන්තයට අදාළ ලකුණු සංඛ්‍යාව පසුකර යාමට අවශ්‍ය වුනේ පන්දුවාර 40.2ක් පමණයි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අද කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් වූ අතර පා දඟපන්දු යවන දුශාන් හේමන්ත කඩුලු 3ක් බිඳ හෙළුවා.

ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2යි. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් අද පන්දු යැවූ ආකාරය දෙස බැලීමේ දී කණ්ඩායමට තවත් එක් දඟ පන්දු යවන්නෙක් සිටියා නම් මීට වඩා හොඳ තරගයක් සංචාරක එංගලන්තයට මීට වඩා හොඳ අභියෝගයක් එල්ල කරන්නට තිබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

Result


Sri Lanka A Team
230/10 (45.1)

England Lions
231/6 (40.2)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle lbw b Sam Cook 4 4 1 0 100.00
Avishka Fernando c Jordan Cox b Saqib Mahmood 0 7 0 0 0.00
Nuwanidu Fernando c Jack Haynes b Saqib Mahmood 2 11 0 0 18.18
Angelo Mathews c James Rew b Sam Cook 13 17 2 0 76.47
Sadeera Samarawickrama c Jordan Cox b Jacob Bethell 74 86 4 0 86.05
Sahan Arachchige c Jack Haynes b Tom Prest 57 80 4 0 71.25
Chamika Karunarathne c Tom Haines b Saqib Mahmood 52 48 5 2 108.33
Dushan Hemantha b Jacob Bethell 9 9 0 1 100.00
Pramod Madushan run out () 4 5 0 0 80.00
Milan Rathnayake run out (Jordan Cox) 0 0 0 0 0.00
Praveen Jayawickrama not out 0 4 0 0 0.00


Extras 15 (b 0 , lb 2 , nb 0, w 13, pen 0)
Total 230/10 (45.1 Overs, RR: 5.09)
Bowling O M R W Econ
Sam Cook 9 2 35 2 3.89
Saqib Mahmood 7.1 0 27 3 3.80
Tom Abell 2.1 1 2 0 0.95
Matt Critchley 5 0 39 0 7.80
Tom Prest 2.5 0 13 1 5.20
Tom Hartley 10 0 62 0 6.20
Jacob Bethell 9 0 50 2 5.56


Batsmen R B 4s 6s SR
Jacob Bethell c Nuwanidu Fernando b Sahan Arachchige 50 58 7 0 86.21
Jack Haynes b Praveen Jayawickrama 25 28 4 0 89.29
Sam Hain c Sahan Arachchige b Dushan Hemantha 52 51 4 0 101.96
Jordan Cox c Nuwanidu Fernando b Praveen Jayawickrama 46 48 3 1 95.83
James Rew c Milan Rathnayake b Dushan Hemantha 13 22 0 0 59.09
Tom Prest c Lasith Croospulle b Dushan Hemantha 27 31 2 1 87.10
Matt Critchley not out 5 3 1 0 166.67
Tom Hartley not out 3 4 0 0 75.00


Extras 10 (b 0 , lb 2 , nb 3, w 5, pen 0)
Total 231/6 (40.2 Overs, RR: 5.73)
Bowling O M R W Econ
Pramod Madushan 4 0 20 0 5.00
Milan Rathnayake 5.2 0 42 0 8.08
Chamika Karunaratne 3 0 20 0 6.67
Praveen Jayawickrama 10 0 52 2 5.20
Sahan Arachchige 7 0 31 1 4.43
Dushan Hemantha 10 0 56 3 5.60
Nuwanidu Fernando 1 0 8 0 8.00



තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මීළඟ තරගය ලබන සෙනසුරාදා (18) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එහි සියලු තරග තොරතුරු ThePapare.com ඔස්සේ ක්ෂණික ඔබ වෙත සමීප කිරීමට අප සූදානම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<