නුවනිදුගේ පිතිකරණයෙන් ඉන්දියාව බලාපොරොත්තු අත්හරී

620

ඉන්දියාවේ මුම්බායි නුවර බී. කේ. සී පිටියේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (30) අවසන් වූ තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායමට හැකි විය.

සන්තුෂ්ගේ පිතිකරණයෙන් ඉන්දීය සිහින බිඳ වැටේ

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා කුසලාන (Challenger Trophy) එක්දින තරගාවලියේ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් …

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වියළි මුම්බායි තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ඉන්දීය බ්ලු කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට පළමුව පිටියට පිවිසියේ නායක හිමංෂු රානා හා මන්ජොට් කල්රා යන දෙපලයි. නමුත් ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණු 8ක් එක්වෙද්දී දකුණතින් පිත්ත හසුරුවන රානාව ලකුණු 2කට දවා ගැනීමට දකුණතින් මඳ වේග පන්දු යවන  හේශාන් හෙට්ටිආරච්චි සමත් විය.

ලකුණු 22කට ඉන්දීය බ්ලු ඉනිමේ කඩුලු 2ක් දැවී තිබිය දී බොස්ලේ සමඟින් තෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වූ ශිවාම් මාවී ලකුණු 87ක් දක්වා සිය කණ්ඩායමේ ඉනිම ගොඩනැංවූයේ ලකුණු 65ක හොඳ සබඳතාවයක් ගොඩනංවමිනි.

ඒ වන විට 4 පහර 4ක් සමඟ ලකුණු 33ක් ලබාගෙන සිටි කල්රාව දවා ගැනීමට ධනංජය ලක්ෂාන් හට හැකි වූයේ නිශාන් මදුසංක අතට උඩ පන්දුවක් ලබා දීම නිසාවෙනි. එම සබඳතාවයට තිත තැබීමෙන් පසුව ඉන්දීය බ්ලු ඉනිමේ පිතිකරුවන්ව ඉක්මනින්ම දවා ගැනීමට හරීන් බුද්ධිල ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක් මොහොතක ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 120ක් ලෙස යම් අගාධයකට ඇඳ වැටී තිබුණි. තවද ඒ වන විට ලකුණු අතර සිටි බෝස්ලේ අවාසනාවන්ත ලෙස ලකුණු 49ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගොස් අවසන්ව තිබූ අතර ඔහුගේ ඉනිම 4 පහර 7කින් අලංකාරවත් විය.

Easy to work with Chandika Hathurusingha – Thisara Perera

Newly-appointed Sri Lanka ODI & T20I captain Thisara Perera expressing…

මනෝජ් භන්දාගේ හා දකුණතින් පිත්ත හසුරුවන ශිවාම් මාවී 8 වන කඩුල්ලට ලකුණු 77ක  තවත් අගනා සබඳතාවයක් ගොඩනැංවූයේ ඉන්දීය බ්ලු ඉනිමට පෙරට වඩා යම් ජවයක් එක්කාසු කරමිනි. එහි දී 4 පහර 6ක් හා 6 පහර 2ක් සමඟින් පන්දු 31ක් තුල ලකුණු 44ක් ලබා සිටි ශිවාම් හා ලකුණු 30ක් ලබා සිටි මනෝජ්ව දවා ගැනීමට බුද්ධිල හා නිපුන් මාලිංගට හැකි විය. අවසානයේ ඉන්දීය බ්ලු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 203ක් පමණි. පන්දු යැවීමේ දී බුද්ධිල හා හේශාන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

පෙර තරගය සමඟින් බලන විට ලකුණු 204ක ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් අභියෝගයක් නොවීය. නමුත් පෙර තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සන්තුෂ් ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසුව ලකුණු 8කට දැවී ගියේ ශිවාම්ගේ පන්දුවකටයි. ධනංජය ලක්ෂාන් ලකුණු 4කට දුවද්දී දැවී ගියේය. ආරම්භක පිතිකරුවන් යුගල ලෙස පිටියට පිවිස එක් අන්තයක් රැකගෙන මෙතුවක් වේලාවක් ක්‍රීඩා කරමින් විශ්ව චතුරංග 4 පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ඉන්දීය බ්ලු පන්දු යවන්නන්ට අභියෝගයක් වෙමිනි.

“නායකයෙකුගේ දැක්ම පසුපස බැලීම නොව ඉදිරිය බැලීමයි” – තිසර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ (30) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී, එළඹෙන ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දක්වන ලදි…

ලකුණු පුවරුව 43/3ක් ලෙස දිස්වෙද්දී පිටියට පැමිණි නුවනිදු ප්‍රනාන්දු හා එක්වූ වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක නිපුන් දනංජය සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 156ක අගනා සබඳතාවයක් ගොඩනැංවූයේ, ඉන්දීය බ්ලු පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වෙමිනි.

ලකුණු 91ක් ලබාගත් නුවනිදු මන්දීප් සිංගේ පන්දුවකට දැවී යන ලදි. නුවනිදු දැවී යාමට පෙර අනිත් අන්තයේ රැඳී සිටි දනංජය 4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 65*ක් රැස්කරගත් අතර, අවසානයේ නිශාන් මදුසංක හා එක්ව තරගය අවසන් කරන ලදි. කඩුලු 4ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පන්දු යැවීමේ දී ඉන්දීය බ්ලු පිලේ ශිවාම් කඩුලු 2යි.

පොරවෙන් කපනවා ද? නියපොත්තෙන් කඩනවා ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා සිටම වාර්තා තියන්නට සූරයෝ ය. හොඳ නරක කෙසේ වෙතත් ක්‍රිකට් වාර්තා පොත් බොහෝමයක ‘ශ්‍රී ලංකාව’ යන නාමය උඩින්ම ලියවී ඇත…

ඉන්දීය බ්ලූ කණ්ඩායම – 203/10 (46.3): ඕම් බෝස්ලේ 49, ශිවාම් මාවී 44, මන්ජොට් කල්රා 33, මනෝජ් භන්දාගේ 30, හේශාන් හෙට්ටිආරච්චි 2/26, හරීන් බුද්ධිල 2/43.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම – 204/4 (44.2): නුවනිදු ප්‍රනාන්දු 91, නිපුන් දනංජය 65*, විශ්ව චතුරංග 27, ශිවාම් මාවී 2/40.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා (2) ද මේ කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<