ශ්‍රී ලංකාවෙන් කනිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට 7 දෙනෙක්

වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය

294

අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය හෙවත් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 7 දෙනෙකුගෙන් යුතු සංචිතයක් සහභාගී වීමට නියමිතයි. 

පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණු මෙම තරගාවලිය කොරෝනා වසංගතය හමුවේ මේ වසර දක්වා කල් දැමුණු අතර ජාත්‍යන්තර කනිෂ්ඨ මට්ටමේ සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් තරගාවලිය සඳහා සහභාගී විය හැකි.

සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්:

බාලක:

  • ඉසුරු කෞෂල්‍ය (ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම) – 400m & 4 x 400m මිශ්‍ර සහය 
  • යූ. බී. එම්. ආර්. ඩී. බණ්ඩාර (වෑකඩ මහා විද්‍යාලය) – 4 x 400m මිශ්‍ර සහය 
  • එච්. එච්. ආර්. එස්. ජයසුන්දර (ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය) – 4 x 400m මිශ්‍ර සහය

බාලිකා:

  • කේ. ශානිකා ලක්ෂානි (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) – 800m
  • ඩී. එම්. ටී. ඩී. කරුණාරත්න (වලල ඒ රත්නායක විද්‍යාලය) – 800m සහ 4 x 400m මිශ්‍ර සහය
  • බී. අයි. මේධානි ජයමාන්න (ලුම්බිණි විදුහල) – 100m සහ 200m
  • බී. සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (සිරි කුරුස විද්‍යාලය, ගම්පහ) – 4 x 400m මිශ්‍ර සහය

ඊට අමතරව COVID-19 සම්බන්ධතා නිලධාරි ලෙස වෛද්‍ය ධම්මික සේනානායක, කණ්ඩායම් කළමනාකරු ජගත් ඥානසිරි සිල්වා සහ පුහුණුකරුවන් ලෙස උමංග සුරේන්ද්‍ර, ධනුෂ්ක ආර්. මුණසිංහ, සුනේත්‍රා කරුණානායක යන මහත්ම මහත්මීන් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 15 වැනිදා කෙන්යාව බලා පිටත්ව යෑමට නියමිතයි. තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොර ජෛව ආරක්ෂිත වටපිටාවක් තුළ පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<