ජවන හා පිටිය ශූරියට තවත් රන් පදක්කමක්

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

815

ඔලිම්පික් ඉතිහාසයේ සාර්ථකම ජවන හා පිටිය ශූරිය වන ඇමරිකා එක්සත් ජනපදයේ Allyson Felix තම පදක්කම් ගොන්නට තවත් රන් පදක්කමක් එක් කිරීමට සමත් වුනේ කාන්තා 4 x 400m සහාය දිවීම ඉසව්ව ජයග්‍රහණය කරමින්. මේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (07) සිදු වූ තවත් විශේෂ සිදුවීම් කිහිපයක්. 

මලල ක්‍රීඩා (Athletics) 

කාන්තා 4 x 400m සහාය දිවීම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට මිනිත්තු 3:16.85කින් ඉසව්ව නිමා කළ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම (Sydney McLaughlin, Allyson Felix, Dalilah Muhammad සහ Athing Mu) සමත් වුනා. 

එම රන් පදක්කම Allyson Felix මෙවර ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණය කළ දෙවන පදක්කම වන අතර එයත් සමඟ ඇය ජයග්‍රහණය කර තිබෙන මුළු ඔලිම්පික් පදක්කම් වල එකතුව 11ක්. 

මිනිත්තු 3:20.53ක කාලයක් වාර්තා කළ පෝලන්ත කණ්ඩායමට (Natalia Kaczmarek, Iga Baumgart-Witan, Malgorzata Holub-Kowalik සහ Justyna Swiety-Ersetic ) රිදී පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම මිනිත්තු 3:21.24කින් ඉසව්ව අවසන් කළ ජැමෙයිකානු කණ්ඩායම (Roneisha Mcgregor, Janieve Russell, Shericka Jackson සහ Candice McLeod) විසින් දිනාගත්තා. 

මෙවර ඔලිම්පික් උළෙලේ තමන් විසින් දිනාගත් තෙවන පදක්කම ලෙස කාන්තා මීටර් 10,000 ධාවන ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්තයේ Sifan Hassan සමත් වුනා. ඇය මිනිත්තු 29:55.32ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව නිමා කළ අතර රිදී පදක්කම මිනිත්තු 29:56.18ක කාලයක් වාර්තා කළ බහරේනයේ Kalkidan Gezahegne විසින් දිනාගත්තා. මිනිත්තු 30:01.72කින් ඉසව්ව නිමා කළ ඉතියෝපියාවේ Letesenbet Gidey හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

Sifan Hassan මීට පෙර කාන්තා මීටර් 1500 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් අතර කාන්තා මීටර් 5,000 ධාවන ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එසේ එකම ඔලිම්පික් උළෙලක මීටර් 1500, 5000 සහ 10000 යන ධාවන ඉසව් තුනෙහි ම පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වූ එකම ක්‍රීඩිකාව ඇය වීම විශේෂත්වයක්. 

නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් පිරිමි මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට නෝර්වේ රාජ්‍යයේ Jakob Ingebrigtsen සමත් වුනා. ඔහු මිනිත්තු 3:28.32කින් ඉසව්ව නිමා කරමින් බිඳ හෙළනු ලැබුවේ අවසන් පූර්ව වටයේ දී කෙන්යාවේ Abel Kipsang (3:31.65) විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. 

(Jakob Ingebrigtsen තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව) ඡායාරූපය – olympics.com

මිනිත්තු 3:29.01කින් ඉසව්ව නිමා කළ කෙන්යාවේ Timothy Cheruiyot විසින් රිදී පදක්කම දිනාගත් අතර ලෝකඩ පදක්කම මිනිත්තු 3:29.05ක කාලයක් වාර්තා කළ මහා බ්‍රිතාන්‍යයේ Josh Kerr හට හිමි වුනා. අවසන් පූර්ව වටයේ දී ඔලිම්පික් වාර්තාවක් පිහිටවූ කෙන්යාවේ Abel Kipsang හට සිව්වැනි ස්ථානය හිමි වීම විශේෂත්වයක්. 

පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ අවසන් තරගවටයේ දී මීටර් 87.58ක දක්ෂතාවයක් දැක්වූ ඉන්දියාවේ Neeraj Chopra එහි රන් පදක්කම දිනාගත්තා. එම රන් පදක්කම ‘ඉන්දීය ක්‍රීඩකයෙකු විසින් ඔලිම්පික් උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් ජයග්‍රහණය කළ පළමු රන් පදක්කම’ ලෙස සටහන් වීම විශේෂත්වයක්. 

රිදී පදක්කම මීටර් 86.67ක දක්ෂතාවයක් දැක්වූ චෙක් ජනරජයේ Jakub Vadlejch විසින් හිමි කරගත් අතර මීටර් 85.44ක දක්ෂතාවයක් දැක්වූ චෙක් ජනරජයේම Vítězslav Veselý හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

කාන්තා මැරතන් ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථාන ද්විත්වයම කෙන්යාවේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු විසින් දිනාගැනීමට සමත් වුනා.  මිනිත්තු 2:27:20කින් නිමා කළ Peres Jepchirchir රන් පදක්කම දිනාගත් අතර මෙම ඉසව්වේ වර්තමාන ලෝක වාර්තාවට (2:14:04) හිමිකම් කියනා Brigid Kosgei මිනිත්තු 2:27:36ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම හිමි කරගත්තා. මිනිත්තු 2:27:46කින් ඉසව්ව නිමා කළ ඇමරිකා එක්සත් ජනපදයේ Molly Seidel හට ලෝකඩ පදක්කම හිමි වුනා. 

පිරිමි 4 x 400m සහාය දිවීම ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 2:55.70කින් ඉසව්ව නිමා කළ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම (Michael Cherry, Michael Norman, Bryce Deadmon සහ Rai Benjamin) හට හිමි වුනා. 

මිනිත්තු 2:57.18කින් ඉසව්ව නිමා කළ නෙදර්ලන්ත කණ්ඩායමට (Liemarvin Bonevacia, Terrence Agard, Tony van Diepen සහ Ramsey Angela) රිදී පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම මිනිත්තු 2:57.27ක කාලයක් වාර්තා කළ බොට්ස්වානා කණ්ඩායම (Isaac Makwala, Baboloki Thebe, Zibane Ngozi සහ Bayapo Ndori) විසින් දිනාගත්තා. 

කාන්තා උස පැනීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට මීටර් 2.04ක දක්ෂතාවයක් දැක්වූ රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Mariya Lasitskene සමත් වුනා. ඕස්ට්‍රේලියාවේ Nicola McDermott මීටර් 2.02ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනාගත් අතර මීටර් 2.00ක දක්ෂතාවයක් දැක්වූ යුක්රේනයේ Yaroslava Mahuchikh විසින් ලෝකඩ පදක්කම දිනාගත්තා. 

පාපන්දු (Football) 

බ්‍රසීලය සහ ස්පාඥ්ඥය අතර පැවති අවසන් තරගයේ අතිරේක කාලයේ (108′) දී Malcom de Oliveira විසින් වාර්තා කරන ලද ගෝලයත් සමඟ ගෝල 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමි කරගැනීමට බ්‍රසීලය සමත් වුනා. 

ලෝකඩ පදක්කම සඳහා සත්කාරක ජපානය සමඟ පැවති තරගයෙන් ගෝල 3-1ක ජයක් වාර්තා කරගැනීමට මෙක්සිකෝව සමත් වුනා. 

වොලිබෝල් (Volleyball) 

පිරිමි අංශයේ අවසන් තරගය සඳහා රුසියානු ඔලිම්පික් කමිටුව සහ ප්‍රංශය සුදුසුකම් ලබා සිටි අතර එහි දී තරගවට 3-2ක (23-25, 17-25, 25-21, 25-21, 12-15) ලෙස ජයග්‍රහණය කිරීමට ප්‍රංශය සමත් වුනා. 

ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය අතර ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයෙන් තරගවට 3-2ක (25-23, 20-25, 20-25, 25-17, 15-13) ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනාවට හැකි වුනා. 

බීච් වොලිබෝල් (Beach Volleyball) 

පිරිමි අංශයේ අවසන් මහා තරගයේ දී තරගවට 2-0ක් (21-17, 21-18) ලෙස රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරන Viacheslav Krasilnikov සහ Oleg Stoyanovskiy පරාජයට පත් කිරීමට නෝර්වේ රාජ්‍යයේ Anders Berntsen Mol සහ Christian Sandlie Sorum සමත් වුනා. 

ලැට්වියාවේ Martins Plavins සහ Edgars Tocs තරගවට 2-0ක් ලෙස පරාජයට පත්කළ කටාර් රාජ්‍යයේ Cherif Younousse සහ Ahmed Tijan ලෝකඩ පදක්කම දිනාගත්තා.

පැසිපන්දු (Basketball) 

පිරිමි අංශයේ අවසන් තරගයේ දී ලකුණු 87-82ක් ලෙස ප්‍රංශය පරාජයට පත්කර රන් පදක්කම හිමි කරගැනීමට ප්‍රබල ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වුනා. ලෝකඩ පදක්කම සඳහා ඕස්ට්‍රේලියාව සහ ස්ලෝවේනියාව අතර පැවති තරගයේ දී ලකුණු 107-93ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය හිමි කරගත්තා.

බේස්බෝල් (Baseball) 

2008 වසරෙන් පසුව මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් කළ බේස්බෝල් ක්‍රීඩා ඉසව්වේ පිරිමි අංශයේ රන් පදක්කම සත්කාරක ජපානය විසින් ජයග්‍රහණය කළා. ඒ අවසන් තරගයේ දී ප්‍රබල ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 3-0ක් ලෙස පරාජයට පත් කරමින්. 

(ජපාන බේස්බෝල් කණ්ඩායම ජයග්‍රහණය සමරමින්) ඡායාරූපය – olympics.com

ඩොමිනිකන් ජනරජය සහ දකුණු කොරියාව අතර ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයෙන් ලකුණු 10-06ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගැනීමට ඩොමිනිකන් ජනරජය සමත් වුනා. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්,

කිමිදුම් (Diving) 

පිරිමි 10-metre platform ඉසව්ව 

  1. රන් පදක්කම – Cao Yuan (චීනය) 
  2. රිදී පදක්කම – Yang Jian (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Tom Daley (මහා බ්‍රිතාන්‍යය) 

බොක්සිං (Boxing) 

පිරිමි flyweight (48-52 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Galal Yafai (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Carlo Paalam (පිලිපීනය) 
  3. ලෝකඩ පදක්කම – Ryomei Tanaka (ජපානය) සහ Saken Bibossinov (කසකස්ථානය) 

කාන්තා flyweight (48-51 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Stoyka Krasteva (බල්ගේරියාව) 
  2. රිදී පදක්කම – Buse Naz Çakıroğlu (තුර්කිය) 
  3. ලෝකඩ පදක්කම – Huang Hsiao-wen (චීන තායිපේ) සහ Tsukimi Namiki (ජපානය) 

පිරිමි middleweight (69-75 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Hebert Conceição (බ්‍රසීලය) 
  2. රිදී පදක්කම – Oleksandr Khyzhniak (යුක්රේනය) 
  3. ලෝකඩ පදක්කම – Eumir Marcial (පිලිපීනය) සහ Gleb Bakshi (රුසියානු ඔලිම්පික් කමිටුව) 

කාන්තා welterweight (64-69 kg) බර පන්තිය 

  1. රන් පදක්කම – Busenaz Sürmeneli (තුර්කිය) 
  2. රිදී පදක්කම – Gu Hong (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Lovlina Borgohain (ඉන්දියාව) සහ Oshae Jones (ඇමරිකා එක්සත් ජනපදය) 

මල්ලවපොර (Wrestling) 

පිරිමි Freestyle 65 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Takuto Otoguro (ජපානය) 
  2. රිදී පදක්කම – Haji Aliyev (අසර්බයිජානය) 
  3. ලෝකඩ පදක්කම – Gadzhimurad Rashidov (රුසියානු ඔලිම්පික් කමිටුව) සහ Bajrang Punia (ඉන්දියාව) 

පිරිමි Freestyle 97 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Abdulrashid Sadulaev (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  2. රිදී පදක්කම – Kyle Snyder (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Reineris Salas (කියුබාව) සහ Abraham Conyedo (ඉතාලිය) 

කාන්තා Freestyle 50 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Yui Susaki (ජපානය) 
  2. රිදී පදක්කම – Sun Yanan (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Mariya Stadnik (අසර්බයිජානය) සහ Sarah Hildebrandt (ඇමරිකා එක්සත් ජනපදය) 

Equestrian 

කණ්ඩායම් jumping ඉසව්ව 

  1. රන් පදක්කම – Henrik von Eckermann, Malin Baryard-Johnsson සහ Peder Fredricson (ස්වීඩනය) 
  2. රිදී පදක්කම – Laura Kraut, Jessica Springsteen සහ McLain Ward (ඇමරිකා එක්සත් ජනපදය) 
  3. ලෝකඩ පදක්කම – Pieter Devos, Jérôme Guery සහ Grégory Wathelet (බෙල්ජියම) 

Gymnastics 

කාන්තා rhythmic individual all-around ඉසව්ව 

  1. රන් පදක්කම – Linoy Ashram (ඊශ්‍රායලය) 
  2. රිදී පදක්කම – Dina Averina (රුසියානු ඔලිම්පික් කමිටුව) 
  3. ලෝකඩ පදක්කම – Alina Harnasko (බෙලරූස්) 

කරාතේ (Karate) 

පිරිමි kumite +75 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Sajjad Ganjzadeh (ඉරානය) 
  2. රිදී පදක්කම – Tareg Hamedi (සෞදි අරාබිය) 
  3. ලෝකඩ පදක්කම – Ryutaro Araga (ජපානය) සහ Uğur Aktaş (තුර්කිය) 

කාන්තා kumite +61 kg බර පන්තිය 

  1. රන් පදක්කම – Feryal Abdelaziz (ඊජිප්තුව) 
  2. රිදී පදක්කම – Irina Zaretska (අසර්බයිජානය) 
  3. ලෝකඩ පදක්කම – Gong Li (චීනය) සහ Sofya Berultseva (කසකස්ථානය) 

Canoeing 

පිරිමි C-1 1000m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Isaquias Queiroz (බ්‍රසීලය) 
  2. රිදී පදක්කම – Liu Hao (චීනය) 
  3. ලෝකඩ පදක්කම – Serghei Tarnovschi (මොල්ඩෝවා රාජ්‍යය)

පිරිමි K-4 500m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Max Rendschmidt, Ronald Rauhe, Tom Liebscher සහ Max Lemke (ජර්මනිය) 
  2. රිදී පදක්කම – Saúl Craviotto, Marcus Walz, Carlos Arévalo සහ Rodrigo Germade (ස්පාඥ්ඥය) 
  3. ලෝකඩ පදක්කම – Samuel Baláž, Denis Myšák, Erik Vlček සහ Adam Botek (ස්ලෝවැකියාව) 

කාන්තා C-2 500m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Xu Shixiao සහ Sun Mengya (චීනය) 
  2. රිදී පදක්කම – Liudmyla Luzan සහ Anastasiia Chetverikova (යුක්රේනය) 
  3. ලෝකඩ පදක්කම – Laurence Vincent Lapointe සහ Katie Vincent (කැනඩාව)

කාන්තා K-4 500m Sprint ඉසව්ව 

  1. රන් පදක්කම – Danuta Kozák, Tamara Csipes, Anna Kárász සහ Dóra Bodonyi (හංගේරියාව) 
  2. රිදී පදක්කම – Marharyta Makhneva, Nadzeya Papok, Volha Khudzenka සහ Maryna Litvinchuk (බෙලරූස්) 
  3. ලෝකඩ පදක්කම – Karolina Naja, Anna Puławska, Justyna Iskrzycka සහ Helena Wiśniewska (පෝලන්තය) 

ගොල්ෆ් (Golf) 

කාන්තා කේවල ඉසව්ව 

  1. රන් පදක්කම – Nelly Korda (ඇමරිකා එක්සත් ජනපදය) 
  2. රිදී පදක්කම – Mone Inami (ජපානය) 
  3. ලෝකඩ පදක්කම – Lydia Ko (නවසීලන්තය) 

Modern pentathlon 

පිරිමි අංශය 

  1. රන් පදක්කම – Joe Choong (මහා බ්‍රිතාන්‍යය) 
  2. රිදී පදක්කම – Ahmed El-Gendy (ඊජිප්තුව) 
  3. ලෝකඩ පදක්කම – Jun Woong-tae (දකුණු කොරියාව) 

Water polo 

කාන්තා අංශය 

  1. රන් පදක්කම – ඇමරිකා එක්සත් ජනපදය 
  2. රිදී පදක්කම – ස්පාඥ්ඥය 
  3. ලෝකඩ පදක්කම – හංගේරියාව 

Artistic swimming 

කාන්තා කණ්ඩායම් ඉසව්ව 

  1. රන් පදක්කම – රුසියානු ඔලිම්පික් කමිටුව 
  2. රිදී පදක්කම – චීනය 
  3. ලෝකඩ පදක්කම – යුක්රේනය 

අත්පන්දු (Handball) 

පිරිමි අංශය 

  1. රන් පදක්කම – ප්‍රංශය 
  2. රිදී පදක්කම – ඩෙන්මාර්කය 
  3. ලෝකඩ පදක්කම – ස්පාඥ්ඥය 

බයිසිකල් ධාවනය (Cycling) 

පිරිමි Madison ඉසව්ව 

  1. රන් පදක්කම – Lasse Norman Hansen සහ Michael Mørkøv (ඩෙන්මාර්කය) 
  2. රිදී පදක්කම – Ethan Hayter සහ Matthew Walls (මහා බ්‍රිතාන්‍යය) 
  3. ලෝකඩ පදක්කම – Benjamin Thomas සහ Donavan Grondin (ප්‍රංශය) 

මෙවර ඔලිම්පික් උළෙලේ අවසානයට තවත් එක් දවසක් පමණක් තිබිය දී පදක්කම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබෙන්නේ රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 31ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ජයග්‍රහණය කරමින්. 

ඡායාරූපය – olympics.com

රන් පදක්කම් 36ක්, රිදී පදක්කම් 39ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානයේ පසුවන අතර සත්කාරක ජපානය රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ජයග්‍රහණය කරමින් තෙවැනි ස්ථානයේ පසුවෙනවා. 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවසන් දිනය වන හෙට (08) දිනයේ දී පදක්කම් සඳහා වන තවත් අවසන් තරග 13ක් පැවැත්වීමට නියමිතයි. 

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<