ඇන්ඩර්සන්ට දැන් හොඳයි

77

එංගලන්ත වේගපන්දු ‍යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පසුගිය දා තම පාදයේ ආබාධයක් නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත් විය. නමුත් මේ වන විට එම ආබාධ තත්වය සුව අතට හැරෙමින් පවතින බව ඇන්ඩර්සන් පවසා සිටියා. 

ලුවිස් සහ විලියම්ස් කොදෙව්වෝ දිනවති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ (14) ලක්නව් හිදී පැවති පළමු විස්සයි….

ඕස්ට්‍රේලියා – එංගලන්ත අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ඩර්සන් ‍යැවූයේ පන්දුවාර 4ක් පමණි. ඉන් අනතුරුව එංගලන්තය එක්වූ නවසීලන්ත තරග සංචාරය සඳහා ඇන්ඩර්සන් නම් කර තිබුණේ නැත. ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තය බිහි කළ සාර්ථකම වේගපන්දු ‍යවන්නා ලෙස ඇන්ඩර්සන් හැදින්විය හැක. 

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා ට්වීටර් ඔස්සේ පුහුණුවීම් කරන  වීඩියෝවක් නිකුත් කළේය. එයට මාකර් තෙස්තොතික් හා ජොනතන් ට්‍රොට් ද එක්ව සිටියහ. 

“Another day of building up my bowing. Progressing nicely. Happy the two guys on the right weren’t batting!” (මගේ පන්දු ‍යැවීම ගොඩනගන තවත් දවසක්. හොඳින් කෙරීගෙන යනවා. මේ දෙපැත්තේ දෙදෙනා ක්‍රීඩා නොකරන එක ගැන සතුටුයි.)

ඇන්ඩර්සන් නවසීලන්ත තරගාවලියට එක් නොවූවද එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා එක්වීමට බලාපොරොත්තුවෙන් පසුවේ. 

එංගලන්ත දකුණු අප්‍රිකානු තරගාවලිය බොක්සින් ඩේ ටෙස්ට් තරගයෙන් ආරම්භ වීමට නියමිතය. එය ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<