වෙල්ලාලගේ සහ ඩැනියෙල් අර්ධ ශතකවලින් නවතී

241

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (28) අවසන් වූ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතරින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ උපනායක දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත් විය. 

ඔහුට අමතරව එම කණ්ඩායමේම වමත් පිතිකරු ශෙවෝන් ඩැනියෙල් අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි.

ඩී. එස්. සහ ත්‍රිත්ව ක්‍රීඩකයෝ තවත් ඉදිරියට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් …

පැවති තරග අතරින් මාතර සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කළ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය ද මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය පරාජය කළ කොළඹ නාලන්දා විද්‍යාලය ද අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.  

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 34ක ජයග්‍රහණයක් වාර්තා කළහ.

ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තරගය පන්දුවාර 37ක තරගයක් සේ ආරම්භ විය. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 176ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ ශෙවෝන් ඩැනියෙල් අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

Photos – St.Joseph’s College Vs S.Thomas’s College, Matara – U17 Cricket Tournament 2019 – Pre – Quarter Final

වර්ෂාව හේතුවෙන් පිළිතුරු ඉනිම පන්දුවාර 33කට සීමා විය. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 165කි. එහෙත් ඔවුන්ට ඒ වෙද්දී ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 131කි. 

සාන්ත ජෝසප් විද්‍යාලය; සියලුම දෙනා දැවී 176 (35.3): දුනිත් වෙල්ලාලගේ 54, ෂෙවෝන් ඩැනියෙල් 51, හරිඳු ජයසේකර 3/26, එරන්ත ලක්ෂාන් 3/40, උෂිත අත්සර 2/51

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 6ක් දැවී 131 (33): උෂිත අත්සර 32, සචිර රශ්මික 21, දුනිත් වෙල්ලාලගේ 2/24

නජ්මුල්ගේ නායකත්වයේ ශතකය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි!

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය අද (27) ආරම්භ වූයේ කුල්නා…

 කොළඹ නාලන්දා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය 

පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් නාලන්දා විද්‍යාලය ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 37කට සීමා විය. 

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමරුවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 129ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් වේල්ස් කුමාර විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණි. 

Photos: Nalanda College vs Prince of Wales College | U17 Cricket Tournament 2019 | Pre – Quarter Final

වේල්ස් කුමරුවන් අසරණ කිරීමේ දී චානුක අතුකෝරල ලකුණු 27කට කඩුලු 4ක් ලබා ගත් අතර දිනෙත් සමරවීර ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තේය. 

නාලන්දා විද්‍යාලය; සියලුම දෙනා දැවී 129 (35.3): විනුක නානායක්කාර 22, නවෝද්‍ය නවාංජන 22, රවීන් ද සිල්වා 21, විනුජ රාන්පෝල් 3/15, කුංචන පෙරේරා 3/24, ආදිත ඉමාශ 2/23

වේල්ස් කුමාර විද්‍යාලය; සියලුම දෙනා දැවී 98 (30.3): පසිඳු පැතුම් 38, චානුක අතුකෝරල 4/27, දිනෙත් සමරවීර 3/20

විනිසුරු තීරණ වරද්දා ගත් දෙදෙනා ඉවතට

නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගයේ දී බෙන් ස්ටෝක්ස්ගේ සුපිරි ඉනිම ලෙසටම තරගය එංගලන්තය දෙසට බර…

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය 

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<