59 වැනි සහෝදරයින්ගේ සටනට අලුත් දිනයක්

233

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත 59 වැනි සහෝදරයින්ගේ මහා සටන, රටේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගනිමින්, කල් දැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

මෙවර මහා සංග්‍රාමය ජූලි 15 සහ 16 දිනවල SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

කඩුලු රකින පිතිකරු තිනුල ලියනගේ විසින් ඉසිපතන විද්‍යාලයට නායකත්වය ලබා දෙන විට, තුන් ඉරියව් ක්‍රීඩක බවන්ත ජයසිංහ තර්ස්ටන් කණ්ඩායමේ නායකයා ලෙස මෙවර සංග්‍රාමයේ දී කටයුතු කරන්නට නියමිතයි.

කෙසේ නමුත්, මෙම මහා තරගය මේ මස 25 සහ 26 දිනවල SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සංවිධායකයින් දැනට තීරණය කර තිබෙනවා. එම තරගය ThePapare.com හරහා සජීව ලෙස නැරඹීමට හැකියි.

එසේම සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ 48 වැනි සාන්තුවරයින්ගේ එක්දින මහා තරගය සහ 88 වැනි දෙදින මහා තරගය ද දින නියමයක් නොමැතිව තාවකාලිකව කල් දමා තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<