බෙල්ජියම හමුවේ හොඳට පැරදුණු රුසියාව යූරෝ 2020ට

139

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග කිහිපයක් ඊයේ (16) පැවැත්වුණා.

Hazardලා බෙල්ජියමට ජය ගෙනෙයි

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ සිය අසුන වෙන් කරගනිමින් බෙල්ජියම ගෝල 4-1ක් ලෙස රුසියාව පරාජය කරන්නට සමත් වුනා. මේ තරගයේ දී සුපිරි ක්‍රීඩක Eden Hazard මෙන්ම ඔහුගේ සොයුරු Thorgan ද ගෝල වාර්තා කිරීම විශේෂත්වයක්. මේ තරගය පරාජය වුනත් රුසියානු කණ්ඩායමත් යුරෝ 2020 තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්.

තරගයේ 19 වැනි මිනිත්තුවේ දී Thorgan Hazard තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Lukakuගේ පන්දු යොමු කිරීමක් ඔහු හරවා ගෝල රකින්නා පසු කරමින් දැල වෙත එල්ල කළා.   

33 වැනි මිනිත්තුවේ දී Eden Hazard තරගයේ දෙවන ගෝලය වාර්තා කළ අතර Kevin De Bruyneගේ සුපිරි පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස ගෝල රකින්නා නොමැති වූ හිස් ගෝල රාමුව වෙත එල්ල කරමින් 40 වැනි මිනිත්තුවේ දී Eden Hazard සිය දෙවන ගෝලයත් වාර්තා කළා. 

Lukakuගේ අසාර්ථක ප්‍රහාරයක් හා ගෝල රකින ක්‍රීඩක Guilhermeගේ අලංකාර ආරක්ෂා කිරීම් දෙකක් නිසා බෙල්ජියම් කණ්ඩායමට විශාල ගෝල ගණනකට යන්නට තිබුණු අවස්ථාව අහිමි වුනා. කෙසේ වෙතත් රුසියානු කණ්ඩායමට ගෝල ලබා ගැනීම සඳහා බෙල්ජියම් ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක් ඉතිරි කළේ නැහැ.  

Messiගේ හුදකලා ගෝලයෙන් ආර්ජෙන්ටිනාවට ජය

අන්තර්ජාතික තරග තහනමකින් පසුව නැවතත් පාපන්දු පිටියට පිවිසුණු ආර්ජෙන්ටිනා සුපිරි ක්‍රීඩක…

72 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම සිය සිව්වැනි ගෝලයත් වාර්තා කරන්නට සමත් වුනා. Lukaku සිය වරද නිවැරදි කර ගනිමින් මීටර 16 සීමාවේ සිට තරගයේ අවසන් ගෝලය වාර්තා කළා. පරාජයේ අවමානයෙන් ගැලවීම සඳහා 79 වැනි මිනිත්තුවේ දී රුසියානු ක්‍රීඩක Giorgi Jikia හුදකලා ගෝලයක් වාර්තා කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ. 

අවසන් ලකුණු තත්වය: බෙල්ජියම 04 – 01 රුසියාව

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • බෙල්ජියම – Thorgan Hazard (19′), Eden Hazard (33′, 40′), Romelu Lukaku (72′)
  • රුසියාව – Giorgi Jikia (79′)

යොවුන් ජර්මන් ක්‍රීඩකයින්ගෙන් දැවැන්ත ජයක්

ආරක්ෂක ක්‍රීඩක Matthias Ginterගේ විශිෂ්ට දක්ෂතා නිසා ජර්මනිය ගෝල 4-0ක් ලෙස පහසුවෙන් බෙලරූස් පරාජය කරන්නට සමත් වුනා. Ginter ගෝල දෙකකට සිය දායකත්වය ලබා දී තමන්ගේ නමට ගෝලයක් ද ලියා ගැනීම විශේෂත්වයක්. 

Maurizio Sarriට රිදෙන්න රොනාල්ඩෝගෙන් ගෝල ත්‍රිත්වයක්

සති කිහිපයක ක්‍රීඩා සමාජ තරග උණුසුමෙන් පසුව පසුගිය දා ජාත්‍යන්තර තරග විවේකය ආරම්භ වුනා…

41 වැනි මිනිත්තුවේ දී Ginter තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර ප්‍රතිවාදීන් නොමඟ යවමින් ඔහු Leon Goreztkaට තරගයේ දෙවන ගෝලය සඳහා අනගි සහයක් ලබා දුන්නා. පසුව Toni Kroosට ඔහු අලංකාර පන්දු යොමු කිරීමක් සිදු කළේ තරගයේ තුන්වැනි ගෝලයටත් සිය දායකත්වය දක්වමින්.  

ජර්මානු ගෝල රකින ක්‍රීඩක Manuel Neuer 75 වැනි මිනිත්තුවේ දී Igor Stasevichගේ ප්‍රහාරයක් වැළැක්වූ අතර Kroos 83 වැනි මිනිත්තුවේ දී සිය දෙවන ගෝලයත් වාර්තා කර ගත්තා. 

2014 ලෝක කුසලානයේ බ්‍රසීලය තරගයේ දී ගෝල දෙකක් වාර්තා කිරීමෙන් පසුව Kroos පළමු වතාවට තරගයට ගෝල ද්විත්වයක් වාර්තා කළේ මේ තරගයේ දී වීම විශේෂත්වයක්. 

අවසන් ලකුණු තත්වය: ජර්මනිය 04 – 00 බෙලරූස්

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • ජර්මනිය – Matthias Ginter (41′), Leon Goretzka (49′), Toni Kroos (55′, 83′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<