පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

930

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලියේ ද සුපුරුදු පරිදි ශ්‍රි ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්න හටයි.

නිමා වූ ඕස්ට්‍රේලියා සංචාරයේ දී කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගත් පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, අසිත ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ මෙම තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ඇතුළත්.

එමෙන්ම එම තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ දඟපන්දු යවන ක්‍රීඩකයින් වූ ලසිත් ඇඹුල්දෙනිය සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙම තරගාවලියේ පළමු තරගය ජූලි 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රභාත් ජයසූරිය, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ

මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<