කෝට්ටේ සටන විසඳුමකින් තොරව විසිරෙයි

45th Battle of the Kotte

129

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ පිටකෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර 45 වැනි වරටත් පැවැති කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

කොළඹ P. Sara Oval පිටියේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 131ක් ලබා ගත් අතර ඊට පිළිතුර ලෙසින් සාන්ත තෝමස් විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 91ක් පමණයි.

ලකුණු 40ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට ආරම්භ කළ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 121ක් ලබා ගනිමින් ඉනිමි අත් හිටවූවා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබා සිටියා.

Battle of the Kotte, කොළඹ, 22-23, මාර්තු 2024

o කාසියේ වාසිය – ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – බියංක තමීර (නායක), හේෂාන් උදාර, සචින්ත නිර්මාල්, සත්සර හසංජ, වෙනුක බණ්ඩාර, ටලීෂ සිල්වා, අශේන් රන්දිම (කඩුලු රකින්නා), සචින් ශෙහාන්, අර්ජුන් අභිශේක්, මනුත් මල්සුක, චාමික නෙත්සර.

සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – වාසනා අබේරත්න (නායක), මැතිව් සොලමන්ස්, දිනුජ ජයසිංහ (කඩුලු රකින්නා), චමෝද් නිම්නද, කුෂාන් ආදිත්‍ය, විරුල් කෙත්මික, ගීත් හෙල්ලරාව, සේසත් ජයතිලක, සදිල් නෙත්මික ඩයස්, කෙනන් ප්‍රමෝද්, ෂෙවෝන් ක්‍රිස්ටියන්.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 63ක සබඳතාවක් එක් වූව ද ඉතිරි කඩුලු 9 ලකුණු 68ක් තුළ දවා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූවා.

පළමු කඩුල්ල වෙනුවෙන් එක් වූ හේෂාන් උදාර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ද සහ සචින්ත නිර්මාල් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඊට අමතර ව සත්සර හසංජ ද පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

අනිකුත් පිතිකරුවන් තනි ඉලක්කමේ ලකුණු ලබා ගනිද්දී සචින් ශෙහාන් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මැතිව් සොලමන්ස් ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර ඉනිම පාලනය කිරීමේ දී පෙරමුණ ගත්තා. ඊට අමතර ව සදිල් නෙත්මික ඩයස් ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් දැක් වූවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩ ලැබුණේ නැහැ. ඔවුන්ගේ ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 58 වෙද්දී අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය නතර කළා.

දෙවැනි දිනයේ දී ඔවුන්ට තම ඉනිමට එකතු කර ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 33ක් පමණයි. සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ ආරම්භක පිතිකරු මැතිව් සොලමන්ස්. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

ඊට අමතර ව චමෝද් නිම්නද ලකුණු 21ක් ද සහ නායක වාසනා අබේරත්න ලකුණු 18ක් ද ලබා ගත්තා. අනෙකුත් පිතිකරුවන් තනි ඉලක්කමේ ලකුණු රැස් කරද්දී බියංක තමීර කඩුලු 4ක් ද, සචින් ශෙහාන් සහ අර්ජුන් අභිශේක කඩුලු 2ක් බැගින් ද සහ ටලීෂ සිල්වා කඩුල්ලක් බැගින් ද බෙදා ගත්තා.

තම දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවසි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පළමු ඉනිමේ සේ ම ආරම්භක පිතිකරු හේශාන් උදාරයි. එවර ද ඔහුගේ ඉනිම පන්දු 60ක සීමා වූ අතර වෙනසකට වූයේ එක් හතරේ පහරක් වැඩි වීමයි.

අනෙකුත් පිතිකරුවන් අතුරින් බියංක තමීර (21), වෙනුක බණ්ඩාර (20) සහ සචින් ශෙහාන් (16) දක්ෂතා දැක් වූවා.

කඩුලු බිඳ දැමීමේ දී සේසත් ජයතිලක ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින් එවර ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූවා. මැතිව් සොලමන්ස්ට එම ඉනිමේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 2ක් පමණයි.

තරගයේ අවසන් හඹා යන ඉනිම පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය තම කඩුලු ආරක්ෂා කර ගනිමින් තරගය විසඳුමකින් තොරව අවසන් කළා. එම ඉනිම වෙනුවෙන් දිනුජ ජයසිංහ පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. ඊට අමතර ව චමෝද් නිම්නද පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ද සහ නායක වාසනා අබේරත්න පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අර්ජුන් අභිශේක්, සචින් ශෙහාන් සහ බියංක තමීර කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (44.1) හේශාන් උදාර 36, සචින්ත නිර්මාල් 30, සත්සර හසංජ 33, මැතිව් සොලමන්ස් 6/32, සදිල් නෙත්මික ඩයස් 4/20

සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 91 (48.1) මැතිව් සොලමන්ස් 32, චමෝද් නිම්නද 21, වාසනා අබේරත්න 18, අර්ජුන් අභිශේක් 2/19, බියංක තමීර 4/21, සචින් ශෙහාන් 2/18

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 121 (35.0) හේශාන් උදාර 36, බියංක තමිර 21, වෙනුක බණ්ඩාර 20, මැතිව් සොලමන්ස් 2/25, සේසත ජයතිලක 4/25

සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 73 (46.0) දිනුජ ජයසිංහ 23, චමෝද් නිම්නද 18

තරගය විසඳුමක් නැහැ.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<