කුමේෂ් සහ විරාන් නිල් සටන බබළවයි

124th Battle of the Blues Ruhuna

74

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර 124 වැනි වරටත් පැවැත්වෙන “රුහුණු නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය දෙවැනි දිනයට නිමා වෙද්දී ප්‍රතිවාදී සාන්ත සර්වේශස් විද්‍යාලය ලබා ගත් ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වූවා.

සාන්තර සර්වේශස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 131ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය තරගය 2 වැනි දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 200ක් ලබා සිටියා.

තරගයේ දෙවැනි දිනයේ දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක ඉනිමක් රැස් කිරීමට කුමේෂ් නුවන්ජන සමත් වූ අතර පන්දු යැවීමේ දී සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Battle of the Blues Ruhuna, මාතර, 22, 23, 24 මාර්තු 2024

o කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර

තරගයේ දෙවැනි දිනය ආරම්භ වෙන විට සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 79ක් ලබා සිටි අතර ඒ වෙද්දී සිවු වැනි කඩුල්ල වෙනුවෙන් නායක නවිජ ද සේරම් සහ පෙසඳු සංජන නොදැවී පිටියේ රැදී සිටියා.

ඔවුන් දෙදෙනා අතුරින් පළමුවෙන් ම ඉනිම හැර යමින් සිවු වැනි කඩුල්ලේ සබඳතාව බිඳ දැමුවේ පෙසඳු සංජන. ඔහු දැවී යන විට පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 55ක්.

නවිජ ද සිල්වා ද අද වැඩි වේලාවක් පිටියේ රැදී සිටියේ නැහැ. අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටිය දී ඔහුගේ ඉනිම නිමා වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 154කට මුහුණ දී සිටි අතර හතරේ පහර 6ක් ඊට ඇතුලත් ව තිබුණා.

සාන්ත තෝමස් ඉනිමේ දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ කුමේෂ් නුවන්ජන. ඔහු පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ විරාන් චමුදිත ලකුණු 51කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වුනා. ඔහුට අමතර ව හේෂාන් මදුශංක සහ සනි පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.

දිනය අවසන් වන විට සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 200ක් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේශස් විද්‍යාලය ලබා ගත් ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 69ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (43.0) රිසිනු කිත්නුක 28, විශ්ව සුපුන් 32, රවීන් කවින්ත 27, නවිජ ද සේරම් 5/44, මනුග ගුරුගේ 2/26

 

සාන්ත තෝමස් විදයාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 200 (105.0) නවිජ ද සේරම් 49, පෙසඳු සංජන් 28, කුමේෂ් නුවන්ජන නොදැවී 53, විරාන් චමුදිත 6/51

තරගය  (24) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<