ගෙවුනු දවස: දෙසැම්බර් 28 – දකුණු අප්‍රිකාව ඉදිරියෙන්

404
Sri Lanka Sports News last day summary December 28th

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

වැඩි වාසි දකුණු අප්‍රිකාවට

පසුගිය 26 වැනිදා ටෙස්ට් තරග ජයග්‍රහණයක් පිලිබඳ සියුම් බලාපොරොත්තුවක් ද සහිතව ආරම්භ වුනු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ප්‍රථම ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (28) ගෙවී යනවිට එම සියලු බලාපොරොත්තු බොඳ කරලීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමත්ව සිටියි. තරගය නිමා වීමට තවත් දින දෙකක් ඉතිරිව ඇති නිසා ප්‍රථම ඉනිමේදී අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගය ජය පරාජයෙන් තොරව කෙලවර කර ගැනීමට ද අසීරු තත්වයක් දැන් උදාවී තිබේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 98.5): ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, ක්වින්ටන් ඩි කොක් 37, හෂීම් අම්ලා 20, සුරංග ලක්මාල් 5/63, රංගන හේරත් 2/48, නුවන් ප්‍රදීප් 2/66.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 64.5): ධනංජය ද සිල්වා 43, ඇන්ජෙලෝ මැතිව්ස් 39, දිනේෂ් චන්දිමාල් 28, රංගන හේරත් 24, දුෂ්මන්ත චමීර 19, වර්නන් ෆිලැන්ඩර් 5/45, කයිල් ඇබට් 3/63.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 351 (පන්දුවාර 80): ස්ටීවන් කුක් 119, ඩීන් එල්ගාර් 52, හෂීම් අම්ලා 48, ක්වින්ටන් ඩි කොක් 42*, ෆැෆ් ඩු ප්ලෙසිස් 41*, ධනංජය ද සිල්වා 2/74, සුරංග ලක්මාල් 1/57, නුවන් ප්‍රදීප් 1/65.

සම්පූර්ණ ලිපිය:දකුණු අප්‍රිකානු පිතිකරුවන් තරගයේ පාලනය සියතට ගනියි


සදීරගෙන් ශතකයක්

දේශීය ක්‍රිකට් පිටියට වසන්තය රැගෙන එන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් නව තරග 6ක් ඊයේ (28) ආරම්භ විය. නමුත් ඊයේ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම කිසිදු තරගයක පන්දුවාර 90ම ක්‍රීඩා කිරීමට හැකි නොවීය. දිනයේ සාර්ථකම පිතිකරුවන් දෙදෙනා බවට පත්වූ සදීර සමරවික්‍රම සහ සඳුන් වීරක්කොඩි ශතක වාර්තා කරමින් තම ක්‍රීඩා සමාජ වල ලකුණු තත්වය ඉහළ නැංවූහ.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 179 (පන්දුවාර 48): ඉරෝෂ් සමරසූරිය 85, මිලින්ද සිරිවර්ධන 50, සංගීත් කුරේ 22, ප්‍රමෝද් මදුවන්ත 2/44.

NCC – කඩුලු 7ක් දැවී ලකුණු 237 (පන්දුවාර 54.2): සඳුන් වීරක්කොඩි 110, ඇන්ජෙලෝ පෙරේරා 63*, ශාලික කරුණානායක 3/53, රොෂාන් ජයතිස්ස 3/96.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 228 (පන්දුවාර 63): සදීර සමරවික්‍රම 119*, හෂාන් දුමිඳු 72, කාංචන ගුණවර්ධන 24.

සම්පූර්ණ ලිපිය: කෝල්ට්ස් ඉනිමට ශක්තියක් වෙමින් සදීර සමරවික්‍රම සුපිරි පිතිකරණයක


ජයග්‍රහණය ලංකන් සමාජයට  

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග කිහිපයක්ම ඊයේ (28) ආරම්භ වූ අතර, පසුගිය 26 වනදා ආරම්භ වූ ලංකන් ක්‍රිකට් සමාජයේ තරගයට ඊයේ වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඔවුන්ට පළමු ඉණිමේ ජයග්‍රහණයකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. ඊයේ පැවැත්වූ තරඟ සියල්ලටම පාහේ වර්ෂාවෙන් බාධා එල්ල විය.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 428 (පන්දුවාර 109.3): මදුරංග සොයිසා 127, චරිත් ප්‍රනාන්දු 104, ලක්ෂාන් රොද්‍රිගෝ 68, රජීව වීරසිංහ 24, තරිදු සිල්වා 3/108, ෆහාඩ් බාබර් 2/49, රසික ප්‍රනාන්දු 2/56

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 152 (පන්දුවාර 53.5): රසික ප්‍රනාන්දු 54, මනොජ් නිරෝෂන් 44, දමිදු අශාන් 28, නවීන් කවිකාර 6/73

කළුතර භෞතික සංස්කෘතික සමාජය දෙවන ඉණිම (F/O) – කඩුලු 5ක් දැවී ලකුණු 102 (පන්දුවාර 40.3): දමිදු අශාන් 49, නිලාන් ප්‍රනාන්දු නොදැවී 23, ලක්ෂාන් රොද්‍රිගෝ 2/03, ලාල් කුමාර් 2/21

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 40.5): රුවන්ත ඒකනායක  43, සුවන්ජි මදනායක 3/17

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 35(පන්දුවාර 18.4):

සම්පූර්ණ ලිපිය: ලංකන් ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්


හරීන් සහ නවිදුගෙන් විශිෂ්ඨ දස්කම්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ඊයේ (28) පැවැත්වු අතර ඒ අතුරෙන් 27 වැනිදා ආරම්භ වු තරඟයෙන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 31.5): සුපුන් කවිදු 45, සඳරු නෙත්මින 31, හරීන් බුද්ධිල 7/26, කවිශ්ක ඩිල්ශාන් 2/35

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 56): අශේන් බණ්ඩාර 126, හරීන් බුද්ධිල 25, ශසික දුල්ෂාන් 3/42, සඳරු නෙත්මින 2/35

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 256 (පන්දුවාර 83.2): සඳරු නෙත්මින 79, මුදිත හශාන් 46, සුපුන් කවිදු 39, ඉසුරු දල්දවත්ත 39, හරීන් බුද්ධිල 3/06, කවිශ්ක ඩිල්ශාන් 2/35

සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 157 (පන්දුවාර 23): නවිදු නිර්මාල් නොදැවී 38, පසිදු නානායක්කාර 28, ඉසුරු දල්දවත්ත 3/63

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 48.1): හසිත බෝයගොඩ 35, හසින්ත ජයසූරිය 31, උමේක්ෂ ඩිල්ශාන් 5/24, දසුන් සෙනවිරත්න 2/11

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 15 (පන්දුවාර 8.1):

සම්පුර්ණ ලිපිය: හරීන් හා නවිදු ඇලෝසියස් ජය තහවුරු කරයි


මලල ක්‍රීඩා –

සුසන්තිකාට අසනීපයි

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ, 27 වැනිදා හදිසියේ ඇති වු රෝගාබාධ තත්ත්වයත් හේතුවෙන් දියතලාව මූලික  රෝහලට ඇතුළත් කරනු ලැබීය.

දියතලාව මලල ක්‍රීඩා පුහුණු වැඩසටහනකට උපදේශිකාවක් ලෙස සහභාගී වීම සදහා ඇය දියතලාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස රෝගාතුර වී ඇති අතර එහිදී ඇයට ඇති වු උණ රෝගී තත්වය උත්සන්නවීම හේතුවෙන් රෝහල්ගත කරන්නට සිදුවිය.

සම්පූර්ණ ලිපිය: සුසන්තිකාගේ තත්වය සුව අතට?

දිනයක නිමාව