මනුජ විසින් සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට රැගෙන යයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

74

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් එක් තරගයක් අද (22) අවසන් වුනා. 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සෙබස්තියන් විද්‍යාලය විසින් සමත් වුනා. මෙම තරගයේ වේල්ස් කුමර දෙවන ඉනිමේ දී තරගයේ ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 144ක් ඉලක්කයක් හිමි වූ අතර, දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 68ක් පමණයි. 

මෙම තරගයේ දී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් ප්‍රින්ස් ප්‍රනාන්දු කඩුලු 6 දස්කමක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වූ අතර, අචල පෙරේරා ද කඩුලු 4 දස්කමක් දැක්වීමට සමත් වුනා. 

කෙසේ වෙතත් සෙබස්තියන් විද්‍යාලයට තරගයේ වැඩි ගෞරවය හිමි කර දීමේ පෙරමුණ ගත් මනුජ චන්තුක කඩුලු වේල්ස් කුමර ඉනිම් දෙකේ කඩුලු 5ක් සහ 4ක් බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග 

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  

කිරි මණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ (පෙබරවාරි 21– 22) 

  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 173/10 (61.5) තරිඳු ඩිලංක 39, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 39, අචල පෙරේරා 4/75, නවීන් ප්‍රනාන්දු 3/29 & 118/10 (40.5) විමත් දින්සර 53, ප්‍රින්ස් ප්‍රනාන්දු 6/46, රුසඳු සිල්වා 2/16 
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 147/10 (55.3) සුවස් ප්‍රනාන්දු 37, සචිර ඩේමියන් 30, මනුජ චන්තුක 5/46, මලින්ත සිල්වා 2/52 & 68/5 (15) සුවස් ප්‍රනාන්දු 32, මනුජ චන්තුක 4/30 

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<