43 වැනි කෝට්ටේ මහා සටනට දින තීන්දුයි

245

කෝට්ටේ CMS ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය “කෝට්ටේ සටන” ලෙස ජනප්‍රියයි.

මෙවර 43 වැනි වරට පැවැත්වෙන එම තරගය එළඹෙන සැප්තැම්බර් 2 සහ 3 යන දෙදින කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

1919 වසරේ CMS ජයවර්ධනපුර විද්‍යාලයේ පළමු ක්‍රිකට් නායකයා වූ කේ. ජේ. රණසිංහ මහතා 1950 දී අභියෝග පලිහක් ඉදිරිපත් කළ අතර එදා සිට මේ දක්වා එම අභියෝගතා පලිහ වෙනුවෙන් මේ තරගය පැවැත්වෙනවා.

මෙවර සාන්ත තෝමස් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ තරින් වීරසිංහ වන අතර කවිෂ්ක ගිහාන් මෙවර කෝට්ටේ CMS ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාල කණ්ඩායම මෙහෙයවනවා.

CMS ජයවර්ධනපුර විද්‍යාල ආදි ශිෂ්‍ය ව්‍යාපාරය සහ සාන්ත තෝමස් විද්‍යාලය එක්ව “කෝට්ටේ සටන ඒකාබද්ධ සංවිධායක කමිටුව” විසින් මේ සංවිධානය කරනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<