Home Sinhala ඉසිපතනයේ සැමුවෙල්ගෙන් වාර්තාගත පන්දු යැවීමක්

ඉසිපතනයේ සැමුවෙල්ගෙන් වාර්තාගත පන්දු යැවීමක්

59 වැනි සහෝදරයින්ගේ මහා සටන

467

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන 59 වැනි සහෝදරයින්ගේ මහා සටන අද (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට ඉසිපතන විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබාගෙන සිටින්නේ තර්ස්ටන් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 171ක් පසුපසින් සිටිමින්.

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් නායක බවන්ත ජයසිංහ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කරමින් තරිඳු හර්ෂණ සහ පසිඳු රත්නායක පිටියට අවතීර්ණ වුනු නමුත් ඉසිපතනයේ වේගපන්දු යවන්නන් හමුවේ ඔවුන්ට එය එතරම්ම පහසු කටයුත්තක් වුනේ නැහැ.

තර්ස්ටන් පළමු ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 32ක් තුල දවා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුවත්, විහස් තෙව්මික සහ ශානික්‍ය දේශප්‍රිය 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවයක් ගොඩනංවමින් තර්ස්ටන් පළමු ඉනිමට යම් සහනයක් රැගෙන එන්නට සමත් වුනා.

ලකුණු 38ක් ලබා ගත් දේශප්‍රියගේ කඩුල්ල දවා ගැනීමට කෙවින් සැමුවෙල් සමත් වීමත් සමඟම ඉසිපතනයට හිසරදයක් වුනු එම සබඳතාවය බිඳ දමන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.

දිවා ආහාරය වන විට තර්ස්ටන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 85ක් ලබාගෙන සිටියා. එතැන් පටන් ක්‍රියාත්මක වූ තර්ස්ටන් පසුපෙළ පිතිකරුවන් දකුණතින් පිතිකරණයේ නිරත වන 16 හැවිරිදි විහස් තෙව්මික වටා එක්රොක් වෙමින් තර්ස්ටන් පළමු ඉනිම ඉතාමත් හොඳ මට්ටමක් දක්වා රැගෙන එන්නට සමත් වුනා.

තර්ස්ටන් මුල්පෙළ පිතිකරුවන් අතින් ගිලිහුණු වගකීම ඔවුන්ගේ පසුපෙළ ළාබාල පිතිකරුවන් ඉතාමත් හොඳින් ඉටු කළ අතර ඔවුන් අවසන් කඩුලු 5 තුල ලකුණු 170ක් ලබාගැනීමට සමත් වීම කැපී පෙනුණා.

එහි දී තර්ස්ටන් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු තෙව්මික පන්දු 114ක් තුල 4 පහර 2ක් එල්ල කරමින් ලකුණු 29ක් ලබා ගත් අතර දේශප්‍රිය සහ අසීම් මොහොමඩ් පිළිවෙළින් ලකුණු 38ක් සහ ලකුණු 25ක් ලබාගෙන තර්ස්ටන් පළමු ඉනිම සවිමත් කළා.

රංග රසාංක සහ තනුග පලිහවඩන අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු යැවීමේ දී ඉසිපතන ක්‍රීඩක සැමුවෙල් සිය පළමු මහා තරගයේ දී ලකුණු 52කට කඩුලු 6ක් දවාගෙන සහෝදරයින්ගේ මහා තරග ඉතිහාසය තුල පළමු වරට ක්‍රීඩා කළ ඉසිපතන ක්‍රීඩකයෙක් දැක්වූ හොඳම පන්දු යැවීමේ දස්කම දැක්වූවා.

අවසානයේ දී තර්ස්ටන් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 202ක හොඳ ලකුණක් ලබාගත්තා.

තර්ස්ටන්  ඉනිමට පිළිතුරු දීම ආරම්භ කළ ඉසිපතන ආරම්භක කඩුල්ලේ සබඳතාවය ඉක්මනින්ම බිඳ දැමීමට වමතින් වේගපන්දු යවන නිපුන් ප්‍රේමරත්න සමත් වුනේ ලකුණු 2ක් ලබාගෙන සිටි නවීන් කනිෂ්කගේ කඩුල්ල දවාගෙනයි.

දිනය තුල පන්දුවාර 105ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතාලන විට අද දිනය තුල ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 86ක් පමණයි.

Result

Match drawn

Thurstan College
202/10 (73.5) & 25/2 (9.3)

Isipathana College
297/8 (90.1)

Batsmen R B 4s 6s SR
Pasindu Ratnayake lbw b Nikil Sahasmika 4 14 1 0 28.57
Tharindu Harshana lbw b Nikil Sahasmika 14 26 2 0 53.85
Ushan Imesh b Kevin Samuel 1 10 0 0 10.00
Vihas Thevmika b Kevin Samuel 39 105 2 0 37.14
Bawantha Jayasinghe c Dinuka Anupamal b Kevin Samuel 8 11 0 1 72.73
Thenuka Dewappriya c Kevin Samuel b Kavindu Bandara 0 6 0 0 0.00
Shanikya Deshapriya c Tharushka Ashel b Kevin Samuel 38 44 5 0 86.36
Azeem Mohomed c Nikil Sahasmika b Kevin Samuel 25 25 4 0 100.00
Nipun Premarathne c Thinula Liyanage b Kevin Samuel 19 50 3 0 38.00
Thanuga Palihawadana lbw b Yesith Kalupahana 24 91 1 0 26.37
Ranga Rasanka not out 18 63 1 0 28.57


Extras 12 (b 0 , lb 0 , nb 4, w 8, pen 0)
Total 202/10 (73.5 Overs, RR: 2.74)
Bowling O M R W Econ
Randunu Ganganath 9 3 27 1 3.00
Nikil Sahasmika 20 5 48 2 2.40
Kevin Samuel 16 3 52 6 3.25
Dinuka Anupamal 13 4 22 0 1.69
Kavindu Amantha 11 0 34 0 3.09
Yasith Kalupahana 2.5 0 4 1 1.60
Yuneth Senevirathne 1 0 1 0 1.00
Tharushka Ashel 1 0 4 0 4.00
Batsmen R B 4s 6s SR
Tharusha Nethsara b Nipun Premarathne 19 51 2 0 37.25
Naveen Kanishka b Nipun Premarathne 2 3 0 0 66.67
Yesith Kalupahana lbw b Thanuga Palihawadana 56 94 9 0 59.57
Tharushka Ashel lbw b Nipun Premarathne 0 5 0 0 0.00
Dinuka Anupamal c Tharindu Roshan b Nipun Premarathne 10 36 2 0 27.78
Randunu Gunaratne st Thanuga Palihawadana b Tharindu Harshana 99 157 6 1 63.06
Thinula Liyanage lbw b Nipun Premarathne 11 22 1 0 50.00
Kavindu Amantha c Thenuka Dewappriya b Thanuga Palihawadana 21 29 3 0 72.41
Yuneth Senevirathne not out 57 149 4 0 38.26


Extras 22 (b 7 , lb 0 , nb 6, w 9, pen 0)
Total 297/8 (90.1 Overs, RR: 3.29)
Bowling O M R W Econ
Nipun Premarathne 22 1 94 5 4.27
Ranga Rasanka 3 1 8 0 2.67
Bawantha Jayasinghe 19 5 55 0 2.89
Pasindu Rathnayake 1 0 4 0 4.00
Thanuga Palihawadana 16.1 3 43 3 2.67
Vihas Thewmika 11 3 30 0 2.73
Thenuka Dewappriya 12 1 35 0 2.92
Azeem Mohomed 1 0 6 0 6.00
Ushan Imesh 5 0 13 0 2.60


Batsmen R B 4s 6s SR
Pasindu Ratnayake st Thinula Liyanage b Yuneth Senevirathne 2 7 0 0 28.57
Tharindu Harshana lbw b Nikil Sahasmika 14 26 2 0 53.85
Thenuka Dewappriya not out 9 22 1 0 40.91
Vihas Thevmika not out 0 2 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 25/2 (9.3 Overs, RR: 2.63)
Bowling O M R W Econ
Dinuka Anupamal 2 1 3 0 1.50
Kavindu Amantha 3 0 9 0 3.00
Yuneth Senevirathne 2 0 5 1 2.50
Randunu Ganganath 1 0 3 0 3.00
Nikil Sahasmika 1.3 0 5 1 3.85



තරගයේ දෙවැනි සහ අවසන් දිනය හෙටයි (26). හෙට උදෑසන 9.30 සිට මේ තරගයේ සජීව විකාශය ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<