15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසන්

වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

438

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය දා අවසන් වුනා.

ඒ අනුව තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා කණ්ඩායමේ 32ක් තේරීපත්ව තිබෙන අතර එම කණ්ඩායම් සහ ඔවුන් තරග වදින ආකාරය ඊයේ (14) නිල වශයෙන් නිවේදනය කෙරුණා.

දිවයින පුරා විසිරුණු පාසල් කණ්ඩායම් 80කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කළ පළමු වටයෙන් අනතුරුව එම තරග වටයේ පෙරමුණ ලබා ගත් පාසල් 32ක් මෙලෙස පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා තේරී පත් වුන අතර අවසන් 32 වටයේ තරග සියල්ලම මේ මස 18 වැනි දිනට පෙර පවත්වා අවසන් කළ යුතු වනවා.

අවසන් 32 වටයේ ක්‍රීඩා කිරීමට නියමිත තරග,

  1. කොළඹ, නාලන්දා විද්‍යාලය සහ කොළඹ, රාජකීය විද්‍යාලය
  2. කෑගලු විද්‍යාලය සහ අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලය
  3. කොළඹ, වෙස්ලි විද්‍යාලය සහ මොරටුව, සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  4. ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය සහ කොටහේන, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  5. වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ රද්දොලුව ශ්‍රී පඣ්ඣානන්ද විද්‍යාලය
  6. ගාල්ල, මහින්ද විද්‍යාලය හා මරදාන, සාන්ත ජෝශප් විද්‍යාලය
  7. මාතර, රාහුල විද්‍යාලය සහ පානදුර, ශ්‍රී සුමංගල විද්‍යාලය
  8. බම්බලපිටිය, සාන්ත පීතර විද්‍යාලය සහ කෝට්ටේ, ජනාධිපති විද්‍යාලය
  9. කොළඹ, මහානාම විද්‍යාලය සහ ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලය
  10. තුඩැල්ල, ක්‍රිස්තු රාජ විද්‍යාලය සහ මීගමුව, මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
  11. මොරටුව, වේල්ස් කුමර විද්‍යාලය සහ මීගමුව, හරිස්චන්ද්‍ර විද්‍යාලය
  12. කොළඹ, ආනන්ද විද්‍යාලය සහ රත්ගම, දේවපතිරාජ විද්‍යාලය
  13. මහනුවර, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ කුරුණෑගල, මලියදේව විද්‍යාලය
  14. මහනුවර, සාන්ත අන්තෝනී විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනී විද්‍යාලය
  15. පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය
  16. මහනුවර, ත්‍රිත්ව විද්‍යාලය සහ කැලණිය, ගුරුකුල විද්‍යාලය

තරගාවලියේ ඉදිරි තරගවල තොරතුරු ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<