Home Sinhala ඉනෝකාගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාවට ජය ගෙනයි

ඉනෝකාගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාවට ජය ගෙනයි

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022

6631

2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව: චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරී, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය
  • බංග්ලාදේශය: Murshida Khatun, Fargana Hoque, Nigar Sultana (c & wk), Ritu Moni, Fahima Khatun, Rumana Ahmed, Shohely Akhter, Salma Khatun, Jahanara Alam, Shanjida Akter, Sobhana Mostary

බංග්ලාදේශ නායිකාවගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරම්භය ලකුණු හයකට සීමා කරමින් ලකුණක් ලබා සිටි චමරි අතපත්තු දවා ගැනීමට Jahanara Alamට හැකි වුනා.

හර්ෂිතා මාධවී හට ද එතරම් සාර්ථක වීමට ඉඩ නොදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් ඇයව ලකුණු 18කට පිටියෙන් ඉවත් කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 31ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පහරවල් කරා යොමු වීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් ඉඩ ලබා නොදුන් අතර අනුෂ්කා සංජීවනී ලකුණු 08කට සහ හසිනි පෙරේරා ලකුණු 11කට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු හතරක් දැවී ලකුණු 60ක් ලෙසයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 77ක් වන විට ලකුණු 11ක් ලබා සිටි කවීෂා ඩිල්හාරි ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස දවා ගැනීමට Rumana Ahmedට හැකි වුනා.

පළමු ඉනිමේ අග භාගයේ ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියා.

එම වර්ෂාව තරමක් දීර්ඝ වූ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නැවතත් පන්දුවට පහර දීමට අවස්ථාවක් හිමි නොවූ අතර බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය පන්දුවාර 7ක් තුළ ලකුණු 41ක්.

ලකුණු 41ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 12ක් තුළ දවා ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වුනා.

නමුත් ඉන්පසුව පිටියේ එක්වූ Nigar Sultana සහ Rumana Ahmed තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 15ක සම්බන්ධතාවක් ගොඩනගමින් තරගයේ වැඩි වාසි බංග්ලාදේශයට ගෙන ආවා.

අවසන් පන්දුවාර 2 තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් අවශ්‍ය වූ මොහොතේ හයවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ අත්දැකීම් බහුල ඉනෝකා රණවීර එම පන්දුවාරය ලකුණු 3කට සීමා කිරීමට සමත් වුනේ බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හතර දෙනෙක් නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

සටන්කාමී ඉනිම් ක්‍රීඩා කරමින් සිටි Nigar Sultana ලකුණු 12කට Rumana Ahmed ලකුණු අටකට සහ Sobhana Mostary එක් ලකුණකට ඉනෝකාගේ පන්දු හමුවේ දැවී යද්දී Fahima Khatun දුවද්දී දැවී යාමක් නිසා පිටියෙන් ඉවත් වුනා.

ඉනෝකාගේ සුපිරි පන්දුවාරය නිසාවෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවාරය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 3කට ජයක් ගෙන දීමට ඕෂධීට හැකි වුනා.

එම ජයත් සමඟින් තරගාවලියේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර අගනා පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 7කට කඩුලු 4යි.

Result


Bangladesh Women
37/7 (7)

Sri Lanka Women
83/5 (18.1)

Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama c Nigar Sultana b Sanjida Akter Meghla 18 31 2 0 58.06
Chamari Athapaththu b Salma Khatun 1 5 0 0 20.00
Anushka Sanjeewani c Murshida Khatun b Rumana Ahmed 8 13 0 0 61.54
Hasini Perera c Sobhana Mostary b Fahima Khatun 11 17 0 0 64.71
Nilakshi de Silva not out 28 31 2 0 90.32
Kavisha Dilhari c Sobhana Mostary b Rumana Ahmed 11 10 1 0 110.00
Oshadi Ranasinghe not out 1 2 0 0 50.00


Extras 5 (b 4 , lb 1 , nb 0, w 0, pen 0)
Total 83/5 (18.1 Overs, RR: 4.57)
Bowling O M R W Econ
Salma Khatun 3 0 9 0 3.00
Jahanara Alam 3.1 0 17 1 5.48
Shohely Akhter 2 0 9 0 4.50
Sanjida Akter Meghla 4 0 13 1 3.25
Rumana Ahmed 3 0 14 2 4.67
Fahima Khatun 3 0 16 1 5.33


Batsmen R B 4s 6s SR
Fargana Hoque Pinky st Anushka Sanjeewani b Inoka Ranaweera 6 8 0 0 75.00
Murshida Khatun st Anushka Sanjeewani b Oshadi Ranasinghe 1 4 0 0 25.00
Nigar Sultana c Anushka Sanjeewani b Inoka Ranaweera 12 11 1 0 109.09
Rumana Ahmed c Nilakshi de Silva b Inoka Ranaweera 8 9 0 0 88.89
Shohely Akhter c Nilakshi de Silva b Inoka Ranaweera 1 2 0 0 50.00
Mst Ritu Moni not out 3 5 0 0 60.00
Fahima Khatun run out (Anushka Sanjeewani) 1 1 0 0 100.00
Salma Khatun run out (Malsha Shehani) 2 2 0 0 100.00
Jahanara Alam not out 0 0 0 0 0.00


Extras 3 (b 0 , lb 2 , nb 0, w 1, pen 0)
Total 37/7 (7 Overs, RR: 5.29)
Bowling O M R W Econ
Sugandika Kumari 2 0 9 0 4.50
Oshadi Ranasinghe 2 0 13 1 6.50
Inoka Ranaweera 2 0 7 4 3.50
Kavisha Dilhari 1 0 6 0 6.00




2022 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න hePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<