“සුරදූතයන්ගේ සටන“ මෙවරත් විසඳුමක් නෑ

3rd Battle of the Lords

84

රත්නපුර ප්‍රින්ස් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති “සුරදූතයන්ගේ සටන“වාර්ෂික මහා ක්‍රිකට් තරගය පසුගියදා (02) ජය පරාජයෙන් තොරව අවසන් වූව ද එහි වැඩි වාසි හිමිකර ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වූවා.  

මෙම තරගමාලාවේ නිමා වූ සෑම තරගයක් ම විසඳුමකින් තොරව අවසන් වීම විශේෂත්වයක් වූ අතර මෙවර තරගය රත්නපුර සීවලී විද්‍යාලයීය පිටියේ දී පැවැතියා. 

  • ප්‍රින්ස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: ඔවිඳු රාජපක්ෂ (නායක), සතික දම්සිත්, මධුක නිශාන් එදිරිසංහ, දිල්සර උදාන (උප නායක), මලීෂ තේජාන් ජයරත්න, හංසක ලෝරන්ස්, මුදිත දම්මිත්, මොහොමඩ් රියාස් අහමඩ්, පසිඳු මල්ශාන්, රවිඳු චමුදිත, මොහොමඩ් මින්හාජ්. 
  • අතිරේක: සිතුම් දිදුලංක, යසික දිල්ශාන්, මධුරංග ධර්මදාස, නිම්න සිහිලැල් බාලසූරිය, කෙහාන් රත්නායක, ගිම්හාන් ආදිත්‍ය, කෝකිල ගයන, මිහිරිංග කෝසල, තිනුක රාජපක්ෂ, නිපුන් ලක්ෂිත, වරුණ කල්හාර.  
  • නිලධාරීන්: පියසිරි කාරියවසම් පතිරගේ (විදුහල්පති), කේ. එන්. කරුණාරත්න (නියෝජ්‍ය විදුහල්පති), ගයාන් තිලකරත්න (ක්‍රීඩා අංශ ප්‍රධානී), නිමේෂ් වීරසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), චමින්ද සුපුන් (ප්‍රධාන පුහුණුකරු), මාපා මලින්ද (සහාය පුහුණුකරු).  
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: තුහින අනුහස් ඉන්ද්‍රජිත් (නායක), චානුක දනංජය අභයසේන, මලිඳු ජිනප්‍රිය කුරුප්පු, සිතිජ ලක්ශාන්, කල්ප භානුක, කවිඳු දිල්ශාන් කුමාරසිංහ, අශේන් උදයංග, කවීෂ නෙත්මිණ විමලසිරි, ඩිල්ශාන් යටගම්පිටිය, ඔචින්ත ජයමින් රණවීර, තිසරු පබසර ගමගේ. 
  • අතිරේක: උදීර ජයතිලක, හිරුෂ කේතක, අසිඳු දෙව්මිණ කුමාරසිංහ, සත්සර කහටගහවත්ත, ජනිත්ප්‍රිය කරුණාරත්න, ලෝචන සහස්.  

නිලධාරීන්: හේමචන්ද්‍ර නානායක්කාර (නියොජ්‍ය විදුහල්පති – ක්‍රීඩා හා විනය සමගාමී), රවින්ද්‍ර කොස්වත්ත (නියෝජ්‍ය විදුහල්පති), නන්දන උදයකුමාර (ක්‍රිකට් භාර ආචාර්ය), නයනජිත් ක්‍රිශාන්ත (ක්‍රීඩා අංශ ප්‍රධානී), අතුල කුමාර (පුහුණුකරු). 

කාසියේ වාසිය දිනා ගත් ප්‍රින්ස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසියා. ඒ අනුව ඔවුන් තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171ක්. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු, නායක ඔවිඳු රාජපක්ෂ පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා.  

ඊට අමතර ව තේජාන් ජයරත්න ද න්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී කවීෂ විමලසිරි, කල්ප භානුක සහ චානුක දනංජය කඩුලු 3 බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු චානුක දනංජය චානුක දනංජය පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.  

ඔහු අනෙක් ආරම්භක පිතිකරු මලිඳු ජිනප්‍රිය සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 109ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනා.  

ඔවුන් දෙදෙනාගෙන් පසුව ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තුහින අනුහස්. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී මුදිත දම්මිත් ලකුණු 42කට කඩුලු 5ක් දවා ගත් අතර මොහොමඩ් මින්හාජ් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගත්තා. අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය දිල්සර උදාන සතු වූනා.  

ලකුණු 24ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ප්‍රින්ස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 105ක් ලබා සිටියා. මෙම ලකුණු ප්‍රමාණය සඳහා ඔවුන් පන්දු 337ක් වැය කිරීම කැපී පෙණුනා.  

කෙසේ වෙතත් එම ඉනිම වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරූ පිතිකරු බවට පත් වූයේ හංසක ලෝරන්ස්. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.  

ප්‍රින්ස් විද්‍යාලයීය ඉනිමේ කඩුලු 5ක් ලකුණු 34කට දැවී යමින් ඉතා අසරණ තත්ත්වයේ සිටිය දී ඉනිමේ ගැලවුම්කරු බවට ඔහු පත් වූවා. 6 වැනි කඩුල්ල සඳහා මොහොමඩ් මින්හාජ් සමඟ එක් වූ ඔහු ලකුණු 32ක සබඳතාවක් එක් කළා. මොහොමඩ් මින්හාජ් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.  

හංසක ලෝරන්ස් සහ මොහොමඩ් රියාස් අහමඩ් 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 39ක සබඳතාවක් එක් කළ අතර එය එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව ද වූවා. ඒ වෙනුවෙන් මොහොමඩ් ඒ. අහමඩ් පන්දු 50කට මුහුණ දෙමින් හතරෙ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චානුක දනංජය සහ කවිඳු ඩිල්ශාන් කඩුලු 2 බැගින් දවා ගත් අතර කවීෂ විමලසිරි සහ කල්ප භනුක ද කඩුලු 2 බැගින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ප්‍රින්ස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (59.2) ඔවිඳු රාජපක්ෂ 64, මධුක නිශාන් 19, තේජාන් ජයරත්න නොදැවී 52, කවීෂ විමලසිරි 3/50, කල්ප භානුක 3/35, චානුක දනංජය 3/40
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 195 (70.3) චානුක දනංජය 65, මලිඳු ජිනප්‍රිය 40, මුදිත දම්මිත් 5/42, මොහොමඩ් මින්හාඩ් 4/40
  • ප්‍රින්ස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 105 (56.0) මොහොමඩ් මින්හාජ් 19, හංසක ලෝරන්ස් නොදැවී 28, චානුක දනංජය 2/15, කවිඳු ඩිල්ශාන් 2/13

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජයග්‍රහණය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට) 

ප්‍රින්ස් විද්‍යාලයීය කණ්ඩායම 

  • තරගයේ දක්ෂතම පිතිකරු – ඔවිඳු රාජපක්ෂ (ප්‍රින්ස් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මුදිත දම්මිත් (ප්‍රින්ස් විද්‍යාලය)
  • තරගයේ වීරයා – චානුක ධනංජය (සාන්ත ඇලෝසියස් විද්‍යාලය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<