බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Sri Lanka tour of Bangladesh 2024

222
Sri lanka T20 Squad named

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග හට හිමි වී තිබුනත්, නිමා වූ ඇෆ්ගනිස්තානය අවසන් විස්සයි විස්ස තරගයේ දී ඇති වූ උණුසුම් තත්වය නිසා වනිඳුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් පැනවුනා. 

ඒ අනුව බංග්ලාදේශය සමඟ තරගාවලියේ පළමු තරග ද්විත්වයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපනායක චරිත් අසලංක හට පැවරෙනු ඇති. 

එමෙන්ම එම විස්සයි විස්ස තරගයේ දී ම පාදයේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක ද මෙම සංචිතයේ මූලික තෝරා ගැනීමක් වූ නමුත්, පසුව ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සඳහන් කරනවා. 

ඒ හැරුණු කොට ජෙෆ්‍රි වැන්ඩසේ මෙම සංචිතයේ 17 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇති අතර, බොහෝ විට වනිඳුට අහිමි වන තරග දෙකෙහි ආදේශක ක්‍රීඩකයා ලෙස ජෙෆ්‍රි භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි. 

ශ්‍රී ලංකා සංචිතය

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා,  කුසල් ජනිත් පෙරේරා, ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්‍රි වැන්ඩසේ  

මෙම විස්සයි විස්ස සංචිතය හෙට (29) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මාර්තු 04 වැනි දා ආරම්භ වීමට නියමිතයි. 

එමෙන්ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<