දකුණු අප්‍රිකානු ක්‍රිකට් Dialog TV හරහා ශ්‍රී ලංකාවට

Sri Lanka Tour Of South Africa 2024

65
Sri Lanka Tour Of South Africa 2024

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කාන්තා සහ පිරිමි කණ්ඩායම්වල ඉදිරි තරගාවලි ශ්‍රී ලංකාවේ විකාශනය කිරීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය (CSA) සහ Dialog TV අතර ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙන්ම, ඉන් පසුව පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත දීර්ඝ ක්‍රිකට් තරගාවලියත්, දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියත් Dialog TV හරහා නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

මෙය දකුණු අප්‍රිකානු ක්‍රිකට් දේශීය ක්‍රිකට් රසිකයින් අතර තවත් ප්‍රචලිත කිරීමට හේතුවක් වනු ඇති. එමෙන්ම දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අද (05) ආරම්භ වීමට නියමිත අතර, එම තරගය ද ThePapare TV (Dialog TV Ch.63), ThePapare TV HD (Dialog TV Ch.126), Dialog ViU app සහ ThePapare.com හරහා නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වනු ඇති.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<