මංගල “මිත්‍රත්වයේ සටන” විසඳුමකින් තොරයි

01st Battle of Friendship

389

වීරකැටිය ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය සහ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය අතර පළමු වරට පැවැති “මිත්‍රත්වයේ සටන” බාලිකා වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව (01) අවසන් වූවා.

වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය පන්දුවාර 30කට සීමා වූ ඉනිම් 2ක තරගයක් ලෙසිනුයි පැවැතියේ.

ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිතාරා තුල්නදී (නායිකාව), නිපුනි නිමේෂා (කඩුලු රකින්නිය), රන්දි ප්‍රතිභා, ස්නේහා කෞමිනි, දමෝද්‍යා තත්සරණි, චතුමි ශ්‍රීස්තා, මයුමි ශාවින්දි, සනුති තසන්‍යා, වොනිල්කා සවිත්මි, සිතුමිණි සංකල්පනා මුණසිංහ, නෙතුලි හෙෂාරා.

ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: ශෂිනි උමේෂා (නායිකාව), විජිනි ප්‍රභා, තරුෂි ඉමාෂා, සචිනි ද සොයිසා, කවීෂා ගිම්හානි, වගීෂා බවසරණි, ආශිනී මධුශානි, චනාරා දෙවිදුනි, ඉසුරි ජයෝද්‍යා, යශ්මි කවීෂා, උපුලි සමාරා.

කාසියේ වාසිය දිනා ගත් සංචාරක ප්‍රජාපතී ගෝතමී බාලිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය තම පන්දුවාර 30 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

අතිරේක ලකුණු 41ක් එක් වූ එම ඉනිම වෙනුවෙන් නායිකාව වූ සිතාරා තුල්නදී සහ උප නායිකාව වූ ස්නේහා කෞමිනි පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා. සිත්හාරා තුල්නදී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා ගත් අතර ස්නේහා කෞමිනි පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ තරුෂි ඉමාෂා ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ශෂිනි උමේෂා, සචිනි ද සොයිසා සහ විජිනි ප්‍රභා කඩුල්ල බැගින් දවා ගත්තා.

එම ඉනිම අවසානයේ පැවැති ප්‍රජාපතී ගෝතමී බාලිකාවන්ගේ ඉනිම ලකුණු 64කට සීමා කිරීමට සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වූවා. එහි දී සනුති තසන්‍යා ලකුණු 10කට කඩුලු 3ක් සහ රන්දි ප්‍රතිභා ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභීන් බවට පත් වූවා.

ඊට අමතර ව ස්නේහා කෞමිනි ලකුණු 3කට කඩුලු 2ක් ද, දමෝද්‍යා තත්සරණි සහ සිතුමිණි සංකල්පනා මුණසිංහ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ප්‍රජාපතී ගෝතමී ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ වගීෂා බවසරණි. ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා. අනෙක් කිසිදු ක්‍රීඩිකාවක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් ඔවුන්ට අතිරේක ලකුණු 27ක් එක් වී තිබුණා.

ලකුණු 73ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සත්කාරක ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්වය විද්‍යාලයීය ඉනිම එවර ලකුණු 18කට සීමා වෙන්නේ ප්‍රතිවාදීන් ලබා දුන් අතිරේක ලකුණු 9ක් ද එකතු කර ගනිමිනුයි.

එහි දී වමතින් පා දඟ පන්දු යැවූ නායිකා, ශෂිනි උමේෂා පන්දුවාර 5ක් යවමින් ලකුණු 07කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව සචිනි ද සොයිසා සහ තරුෂි ඉමාෂා කඩුල්ල බැගින් දවා ගන්නවා.

ඔවුන්ගේ ඉනිම වැඩිම ලකුණුලාභිනිය වන්නේ ලකුණු 4ක් ලබා ගත් නිපුනි නිමේෂා.

ජයග්‍රහණය සඳහා ලකුණු 91ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි ප්‍රජාපතී ගෝතමී බාලිකාවෝ තරගය නතර කරන විට පන්දුවාර 11ක් අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.

එහි දී සචිනි දසොයිසා පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද සහ විජිනි ප්‍රභා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 137 (30.0) ස්නේහා කෞමිනි 31, සිත්හාරා තුල්නදී නොදැවී 37, තරුෂි ඉමාෂා 2/16
  • ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 64 (20.0) වගීෂා බවසරණි 13, රන්දි ප්‍රතිභා 3/24, ස්නේහා කෞමිනි 2/03, සනුති තසන්‍යා 3/10
  • ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 18 (12.0) නිපුනි නිමේෂා 4, ශෂිනි උමේෂා 6/07
  • ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 28 (11.0) විජිනි ප්‍රභා නොදැවී 7, සචිනි ද සොයිසා නොදැවී 15

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පිතිකාරිනී – සිත්හාරා තුල්නදී (ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නිය – ශෂිනි උමේෂා (ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු රකින්නිය – විජිනි ප්‍රභා (ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – ස්නේහා කෞමිනී (ශ්‍රී ලංකා – සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<