කැලණි සටනේ වැඩි වාසි ගුරුකුල විද්‍යාලයට

34th Battle of the Kelani

52

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 34 වැනි වරටත් පැවැති “කැලණි සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (11) විසඳුමකින් තොරව අවසන් වූවා.

1988 වසරේ දී ආරම්භ වූ මෙම තරගමාලාවේ විසඳුමකින් තොරව අවසන් වු 31 වැනි තරගයයි මේ. අනෙක් තරග ත්‍රිත්වයේ ජයග්‍රහණය හිමි ව ඇත්තේ ගුරුකුල විද්‍යාලයටයි.

කොළඹ P Sara Oval පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 271ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 193ක් පමණයි. ලකුණු 78ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා.

Battle of the Kelani, කොළඹ, 10 – 11 අප්‍රේල් 2024

o කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලය සිය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 271ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබා සිටියා.

අද එතැන් සිට තරගය ආරම්භ වූ අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 193ක් දක්වා ව්‍යාප්ත වූවා. එම ඉනිම වෙනුවෙන් කැපී පෙණෙන දක්ෂතා දැක් වූයේ ලක්වන් හසරැල්. ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක තෙමිර මිකසන සහ මෙලන හසංක ලකුණු 33ක් බැගින් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී තරුෂ කොඩිකාර ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව හිරුණ නිම්සර ලකුණු 27කට කඩුලු 3ක් ද තත්සර ඒශාන් කඩුලු 2ක් ද සහ පූර්ණ කල්හාර කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 78ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩයන්ගේ ඉනිම වෙනුවෙන් පූර්ණ කල්හාර පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. ඔහුට අමතර ව නෙත්සර දහම්සිත් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 69ක්.

කඩුලු දවා ගැනීමේ දී ලක්වන් හසරැල් සහ සතිඳු ප්‍රබෝධ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 271 (79.1) මොහොමඩ් මුර්සාඩ් 25, පූර්ණ කල්හාර 31, ජනිත් මිහිරංග 32, තත්සර ඒශාන් 56, දහම් විමුක්ති 79, මොහොමඩ් ෆර්ශාත් 3/47, සතිඳු ප්‍රබෝධ 3/92, තෙමිර මිකසන 2/43

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (83.1) තෙමිර මිකසන 33, ලක්වන් හසරැල් 61, මෙලන් හසංක 33, තරුෂ කොඩිකාර 4/50, තත්සර ඒශාන් 2/18, හිරුණ නිම්සර 3/27

ගුරුකුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 139 (26.5) පූර්ණ කල්හාර 60, නෙත්සර දහම්සිත් 35, තත්සර ඒශාන් නොදැවී 22

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – වගීෂ ආමන්ත(ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – තරුෂ කොඩිකාර (ගුරුකුල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – දහම් විමුක්ති (ගුරුකුල විද්‍යාලය)
  • තරගයේ විරයා – තත්සර ඒශාන් (ගුරුකුල විද්‍යාලය)

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.