අජන්ත මෙන්ඩිස්, Lion Warriors අවසන් පූර්ව තරගයට ගෙන යයි

389

‘Venora Last Man Stands – Race to Cape Town 2017’ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගිය සති අන්තයේ දී කදිරානේ දී පැවැත්විය.

නව මුහුණු ද සමඟින් එළියට ආ ක්‍රිකට් තේරීම් කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෝරා පත්කරගත් නව ක්‍රිකට් තේරීම් කමිටුව අද (19) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළේය.

පළමු අර්ධ අවසන් පූර්ව තරගය

  • නවලෝක ‘B’ – Power Tech Cement

රසික සම්පත්ගේ ඉහළ දක්‍ෂතා හමුවේ නවලෝක ‘B’ කණ්ඩායම කඩුලු 5කින් තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් Power Tech Cement කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවාරයේ දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 104ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවලෝක ‘B’ කණ්ඩායම පන්දුවාර 05කටත් වැඩි සංඛ්‍යාවක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය හඹායන්නට සමත් විය.

Power Tech – 104/8 (19.2) ඩිලාන් චන්දිම 33, දිනෙත් තිමෝද්‍ය 32, රසික සම්පත් 2/20, මාධව ප්‍රනාන්දු 2/21

Nawaloka ‘B’ – 109/3 (14.2) චරිත මෙන්ඩිස් 34, දුෂාන් විමුක්ති 24, පැතුම් දිල්ෂාන් 20, රසික සම්පත් 21*, සඳකැන් පතිරණ 1/17, මනෙල්කාර් ද සිල්වා 1/24


දෙවන අර්ධ අවසන් පූර්ව තරගය

  • Aba Macmi – DCC

Aba Macmi කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කළ DCC කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් Aba Macmi කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 118ක් පමණි. ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 17.4ක දී සපුරා ගන්නට DCC කණ්ඩායම සමත් විය.

Aba Macmi – 118/6 (20) ගිහාන් ද සිල්වා 23, රංග සුරේෂ් 35, සජන ද සිල්වා 17*, නිලන්ත විජේකෝන් 2/15, අමල් පීරිස් 3/25

DCC – 123/5 (17.4) ගයාන් ව්හින්තක 42, දිනේෂ් සංජය 32, අරුණ හැන්රිසන් 2/28


තෙවන අර්ධ අවසන් පූර්ව තරගය

  • Lion Warriors – ThePapare.com

අජන්ත මෙන්ඩිස්ගේ ඉහළ දස්කම් හමුවේ ThePapare.com කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට Lion Warriors කණ්ඩායම සමත් විය.

Photo Album – Last Man Stands – ThePapare.com vs Lion Warriors

පළමුව පන්දුවට පහර දුන් ThePapare.com කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් වූ අතර එහි දී ආරම්භක පිතිකරු ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 25කින් වේගවත් ලකුණු 42ක් රැස්කර ගැනීමට සමත් විය. Lion Warriors කණ්ඩායම වෙනුවෙන් එහි දී අජන්ත මෙන්ඩිස් සිය පන්දුවාර 4 තුළ කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Lion Warriors කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරාගත් අතර එහි දී අජන්ත මෙන්ඩිස් නොදැවී ලකුණු 21ක් රැස්කර ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නට සමත් විය.

ThePapare – 124/5 (20) ෂෙහාන් ප්‍රනාන්දු 42, ෂොහාන් රංගික 35, ශමීර වීරසිංහ 12, අජන්ත මෙන්ඩිස් 2/26

Lion Warriors – 125/4 (18.4) හෂාන් රන්දික 28, ලක්ෂාන් එදිරිසිංහ 27, හිමාෂ ලියනගේ 21, අජන්ත මෙන්ඩිස් 21*


සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය

  • නවලෝක ‘A’ – R & V Group

අවසන් මොහොතේ දී R & V Group කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය ක්‍රීඩා නොකළ අතර ඒ අනුව නවලෝක ‘A’ කණ්ඩායම තරගයේ ජයග්‍රාහකයින් ලෙස තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

අවසන් දින තරග කාලසටහන – මුවර්ස් ක්‍රීඩාංගණය

  • සැප්තැම්බර් 24 – පෙ.ව. 8.30 – පළමු අවසන් පූර්ව තරගය – නවලෝක ‘A’ vs Lion Warriors
  • සැප්තැම්බර් 24 – පෙ.ව. 10.30 – දෙවන අවසන් පූර්ව තරගය – නවලෝක ‘B’ vs DCC
  • සැප්තැම්බර් 24 – ප.ව. 2.30 – අවසන් මහා තරගය

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට