මුරලිගේ වාර්තාව කඩන්නේ කවුද? මුරලිම තෝරයි

1519

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කඩුලු 800ක් දවා ගන්නට සමත් වූ එකම පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්. 2010 වසරේ දී ඉන්දියාවට එරෙහිව ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් ටෙස්ට් තරගයේ දී, Pragyan Ojhaගේ කඩුල්ල දවා ගනිමින් ඔහු කඩුලු 800 සීමාව පසු කළා. ඔහුට කඩුලු 92ක් පිටුපසින් වැඩිම කඩුලු ලාභීන්ගේ සටහනේ දෙවැනියට Shane Warne සිටින අතර තුන්වැනි ස්ථානයේ සිටින්නේ කඩුලු 619ක් දවා ගත් Anil Kumble.  

වත්මන් ටෙස්ට් පන්දු යවන්නන් අතරින් R Ashwin හා Nathan Lyon ඉහළ දස්කම් දක්වමින් කැපී පෙනෙනවා. Ashwin ඉන්දියාව වෙනුවෙන් තරග 74ක් ක්‍රීඩා කර තිබෙන අතර Lyon ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 99ක් ක්‍රීඩා කර තිබෙනවා. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ටෙස්ට් කඩුලු 377ක් හා 396ක් බැගින් රැස් කරගෙන සිටිනවා.   

තවත් ක්‍රිකට් පුවත්:

“කවුරු හරි කඩුලු 800 සීමාව පසු කරයි ද? Ashwinට හොඳ අවස්ථාවක් තියෙනවා මොකද ඔහු හොඳ පන්දු යවන්නෙක් නිසා” මුරලි Sydney Morning Herald පුවත්පතට පවසා තිබුණා. “ඒ ඇරෙන්නට මට පෙන්නන්න නම් කඩුලු 800 යන්නට පුළුවන් යොවුන් පන්දු යවන්නෙක් නැහැ. සමහර විට Nathan Lyon පුළුවන් වෙයි කඩුලු 800ට ළඟා වෙන්න. ඔහු දැන් කඩුලු 400ට ආසන්නයි හැබැයි ඔහුට තව ගොඩක් තරග ක්‍රීඩා කරන්නට සිදු වෙනවා.”  

“ටෙස්ට් ක්‍රීඩාවට තිබෙන ගැටලුව තමයි විස්සයි විස්ස හා එක්දින ආකෘතිය ටෙස්ට් තරග වෙනස් කර තිබීම. මම ක්‍රීඩා කරන කාලයේ පිතිකරුවන් තාක්ෂණික වශයෙන් ගොඩක් හොඳයි වගේම තණතිලි ඔක්කොම වගේ ඔවුන්ට සහය දැක්වුවා. දැන් ඔවුන් උත්සහ කරන්නේ තරගයක් දින තුනෙන් ඉවර කරන්න” මුරලි පවසා තිබුණා.

“මම ක්‍රීඩා කළ කාලයේ පන්දු යවන්නන්ට ගොඩක් මහන්සි වෙන්න සිදු වුනා පන්දුව දඟකවන්න. දැන් ඔබ හොඳ ස්ථානයක ගොඩ වෙලාවක් පන්දු යවනවා නම් ඔබට කඩුලු පහක් ලැබෙනවා. ඒක ස්ථිරයි මොකද දැන් පිතිකරුවන්ට ආක්‍රමණශීලී නොවී ගොඩක් වෙලා ඉන්න බැහැ.”

“දඟපන්දු යවන්නන්ට කඩුලු ගන්න ඕනේ නම් හොඳින් පන්දු යවන්නන් ස්ථානගත කරලා, හොඳ ස්ථානයක පන්දු යවලා තණතිල්ලට හා පිතිකරුවන් ඉතුරු දේවල් කරනකම් බලාගෙන ඉන්න ඕනේ. දඟපන්දු යවන්නන් මහන්සි වෙන්න ඕනේ කඩුලු ගන්න. ඒ නිසා තමයි ඔවුන් අලුත් පන්දු හොයා ගන්න උත්සහ කරන්නේ. ඔවුන් ඒ දෙය විස්ස තරගවල කරනවා මොකද පිතිකරුවන් ඔවුන්ව හඹා එන නිසා.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<