සෆ්‍රාස් අහමඩ්ට එරෙහිව කැරැල්ලක්

2404
නවසීලන්ත හමුවේ ලද පරාජයන් පසු සෆ්‍රාස් අහමඩ් (වම) සහ කේන් විලියම්සන් (දකුණ)

පාකිස්තාන සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් වශයෙන් පාකිස්තානය ඔවුන්ගේ නිජබිමේ දී ම පරාජය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත් සමඟ පාකිස්තානු කණ්ඩායමේ නායකත්වය සහ පුහුණුකාරීත්වය සම්බන්ධව එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිට ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විරෝධය එල්ල වීමට පටන්ගෙන තිබේ.

කාසියේ වාසියට සමුදීමට කාලය හරි ද?

නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ දී ප්‍රථමයෙන් පිතිකරණයේ/…

කේන් විලියම්සන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු නවසීලන්ත කණ්ඩායම විසින් පාකිස්තානුවන්ව ඔවුන්ගේ නිජබිමේ දී පරාජයට පත් කරන ලද්දේ වසර 49කට පසුව වීම එම විවේචන වැඩි වීමට මූලාශ්‍ර වී තිබේ. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය යෙදී ඇත්තේ දකුණු අප්‍රිකාව අතර වන හෙයින් නිජබිමේ දී වත් ප්‍රතිවාදී කණ්ඩායමක් පරාජය කිරීමට නොහැකි නම් පාකිස්තානු කණ්ඩායමේ මීළඟ තරග සංචාරය කිරීමට නියමිතව ඇති දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියට කෙසේ මුහුණ දෙන්නේ ද යන්න එම පිරිස් ප්‍රශ්න කර සිටිති. එල්ල වන සියලු චෝදනාවන් පාකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන සෆ්‍රාස් අහමඩ්ට සහ පුහුණුකරු ලෙසින් කටයුතු කරන මිකී ආතර්ට එල්ල වී තිබේ.

අබුඩාබි හි පැවති තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් පන්දුව යොමු කිරීමත් සමඟ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව විවේචනයට එල්ල වීම ආරම්භ විය. එම විවේචන එල්ල කරන පිරිස් අතර හිටපු පාකිස්තානු ටෙස්ට් නායකයකු වූ අසීෆ් ඉක්බාල් චෝදනා කර සිටින්නේ දේශීය වාසි සියල්ල පාකිස්තානු කණ්ඩායම සතුව තිබූ අවස්ථාවක දී, පාකිස්තානය ලද පරාජය සම්බන්ධව කිසිසේත්ම නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකි බවයි.

ශායි හෝප්ගෙන් බංගලියන්ට එරෙහිව වික්‍රමාන්විත ඉනිමක්

බංග්ලාදේශය සහ බටහිර ඉන්දී කොදෙව්වන් අතර අද (11) මිර්පුර් හි ශේර් බංග්ලා ජාතික ක්‍රිකට් …

“ලැබූ පරාජය පිළිබඳව සාකච්ඡා කිරීමට කලින් නවසීලන්ත පිල අපව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ බව අප පිළිගත යුතුයි. ඔවුන්ට නුපුරුදු තත්ත්වයන් යටතේ ඒවාට අනුගත වුණු ආකාරය සම්බන්ධව ගෞරවය නවසීලන්තයට ලබා දිය යුතුයි” යැයි පවසන 1979-80 කාල සීමාවේ දී පාකිස්තානු පිලේ නායකත්වය දැරූ ඉක්බාල්, “සෆ්‍රාස් අහමඩ් නායකත්වයෙන් ඉවත් විය යුතු යැයි කියන පිරිස අතර මාත් ඉන්නවා. එක්දින සහ විස්සයි විස්ස තරගවල දී ඔහුගේ නායකත්වය සම්බන්ධව ගැටලුවක් නෑ. ඒත් ටෙස්ට් ක්‍රීඩාවේ දී තියෙන ලොකුම අභියෝගය තමයි දින 5ක් ක්‍රීඩා කිරීම සඳහා අවධානය යොමු කරන එක. ඒක නිසා මම යෝජනා කර සිටින්නේ ටෙස්ට් කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් හිමි පිතිකරුවෙකුට නායකත්වය ලබා දිය යුතුයි. සාර්ථක ප්‍රතිඵල ගන්න ප්‍රමාද වේවි. ඒත් එවැනි ක්‍රීඩකයකුට ඒ අවස්ථාව ලබා දිය යුතුයි” යැයි පවසයි.

මෙම තරගාවලියට ක්‍රීඩා කරන ලද පාකිස්තානු පිතිකරුවන් අතරින් බාබර් අසාම් (267), අසාර් අලී (307), හැරිස් සොහෙල් (232) සහ අසාද් ශෆික් (204) ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40 ඉක්මවා ලකුණු රැස් කිරීමට සමත් වූවත්, තරග 3ටම ක්‍රීඩා කරන ලද සෆ්‍රාස් අහමඩ්ට රැස් කරගත හැකිව ඇත්තේ ලකුණු 88ක් පමණි. ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය සටහන් වන්නේ ලකුණු 22ක් වශයෙනි. ඒ අනුව බැලීමේ දී නායකයකුගේ වගකීම හරියට ඉටු කිරීමට ශෆ්‍රාස් අහමඩ් සමත් වී නොමැති බව පැහැදිලිවම පෙනී යනු ඇත.

කෝලි හා විලියම්සන් අතර ද්වන්ද සටනක්

කේන් විලියම්සන් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 900යේ සීමාව ඉක්මවා ගිය පළමු නවසීලන්ත …

පාකිස්තානු පිල ලද පසුබෑමට මූලික හේතුව බවට පත්වූයේ නවසීලන්ත පිතිකරුවන්ට සාපේක්ෂව තම දක්ෂතා දිගින් දිගටම රඳවා ගැනීමට නොහැකි වීමය. නවසීලන්තය හමුවේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක පරාජයක් පාකිස්තානු පිල දෙවැනි ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් නවසීලන්තය ඉනිමකින් පරාජය කිරීමට සමත් විය. එහෙත් තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න වූ තීරණාත්මක තෙවැනි තරගයේ දී පාකිස්තානු ක්‍රීඩකයින්ට වඩා නවසීලන්ත ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ තලයක පැවතීම නිසා එම තරගයෙන් ලකුණු 123ක ජයක් අත්කර ගැනීමට සංචාරකයින්ට හැකි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<