Home Sinhala දෙවැනි වරටත් LPL ශූරයෝ Jaffna Kings

දෙවැනි වරටත් LPL ශූරයෝ Jaffna Kings

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

803

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ Jaffna Kings ලකුණු 23ක ජයග්‍රහණයකට උරුමකම් කියමින්.

ඒ අනුව නොකඩවා දෙවැනි වරටත් LPL ශූරතාවය තමන් සතුකර ගැනීමට Kings සමත් වෙද්දී, Galle Gladiators නැවත වරක් අනුශූරයින් ලෙස අභිෂේක ලැබුවා.

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනූ Jaffna Kings නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. Kings වෙනස්කමක් සිදු නොකරමින් අද තරගය සඳහා අවතීර්ණ වුවත්, Gladiators වෙනස්කම් දෙකක් සිදු කරමින් අවසන් මහා තරගයට පිවිසියා.

අවසන් මහා තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Galle Gladiators: Danushka Gunathilaka, Kusal Mendis (wk), Mohammad Hafeez, Bhanuka Rajapaksa (capt.), Samit Patel, Dananjaya Lakshan, Isuru Udana, Ben Dunk, Pulina Tharanga, Mohammad Amir, Nuwan Thushara

Jaffna Kings: Tom Kohler-Cadmore, Avishka Fernando, Rahmanullah Gurbaz (wk), Ashan Randika, Shoaib Malik, Thisara Perera (capt.), Wanindu Hasaranga, Chaturanga de Silva, Jayden Seales, Suranga Lakmal, Maheesh Theekshana

Galle Gladiators | OUT – S Arachchige & A Ali; IN – B Dunk & D Lakshan

Kings පිතිකරුවන් නොකඩවා දෙවැනි වරටත් ලකුණු 200 සීමාව අභිබවා යමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 201ක් වාර්තා කරන්නට සමත් වුනා.

දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී මෙන්ම මේ තරගයේ දීත් Kings වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් කඩුලු රකින පිතිකරු Gurbaz සහ අවිශ්ක පළමු කඩුල්ල සඳහා පන්දු 32ක් තුල ලකුණු 56ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු 18කට මුහුණ දුන් Gurbaz 194.44ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන 4 පහර 3ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනා.

Powerplay අවස්ථාව තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 61ක් ලබා ගැනීමට Kings සමත් වුනු අතර Gurbazගේ දැවී යාමට පසුව පිටියේ එක්වුණු අවිශ්ක සහ Tom Kohler-Cadmore  දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44ක දී ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවූවා.

අවිශ්ක 4 පහර 8ක් සහ 6 පහර දෙකක් එල්ල කරමින් පන්දු 41ක දී ලකුණු 63ක් ලබා ගත් අතර පන්දු 41ක් සඳහා මුහුණ දුන් Tom Kohler-Cadmore 4 පහර 2ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 57*ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු 11ක දී ලකුණු 23ක් ලබා ගත් Malik සමඟ එක්වෙමින් තෙවැනි කඩුල්ල සඳහා ද ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැංවීමට Kingsට හැකි වුනා.

Gladiators කණ්ඩායමේ පන්දු රැකීමේ අද දිනයේ දී ඉතාමත් දුර්වල මට්ටමක පැවතීම නිසා Kings පිතිකරුවන් හට රිසි සේ ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීමට හැකියාව හිමි වුනා. එයින් උපරිම ඵල නෙලා ගත් ඔවුන් සෑම කඩුල්ලක් වෙනුවෙන්ම ලකුණු 50කට වඩා වැඩි සබඳතාවයන් ගොඩනැංවීමට සමත් වුනා.

පිතිකරුවන්ගේ පාරාදීසයක් වූ මෙම තණතීරුවේ දී Patel, Amir සහ නුවන් තුෂාර කඩුල්ල බැගින් දවා ගනිමින් දස්කම් දැක්වුවා.

2020 පැවති පළමු LPL තරගයේ දී මෙන් මෙවරත් දෙවනුව පන්දුවට පහර දුන් Gladiatorsට දැවැන්ත ලකුණක් හඹා යාමට සිදු වුනා. ගුණතිලක සහ මෙන්ඩිස් පළමු පන්දුවාර 4 තුල දී Kings පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් පිති ප්‍රහාරයක් දියත් කරමින් තරගයේ පීඩනය පළමු පන්දුවේ සිටම අවම කර ගැනීමට කටයුතු කළා.

Powerplay අවස්ථාවේ දී කඩුලු 2ක් දැවී ලකුණු 81ක් ලබා ගැනීමට Gladiators මුල්පෙළ පිතිකරුවන් සමත් වුනේ Kings සිය powerplay අවස්ථාව තුල ලබා ගත් ලකුණු ප්‍රමාණයට සාපේක්ෂව ලකුණු 20ක් වැඩිපුර ලබා ගනිමිනුයි.

එම පන්දුවාර 6න් පළමු පන්දුවාර 4 තුල දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 59ක් ලබා ගැනීමට Gladiators සමත් වුනු අතර එහි වැඩි ගෞරවය ලබා ගත් ගුණතිලක පන්දු 19ක් තුල සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීම කැපී පෙනුණා.

Kings ප්‍රධාන දඟපන්දු තුරුම්පුව වන වනිඳු සාමාන්‍යයෙන් Powerplay අවස්ථාව තුල පන්දු යැවීම සිදු නොකරන නමුත්, තරගයේ සැලසුම තරමක් වෙනස් කරමින් තිසර විසින් ඉනිමේ 5 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා වනිඳුව කැඳවනු ලැබුවා.

ලකුණු 54ක් ලබා සිටි ගුණතිලකගේ කඩුල්ල දවා ගත් වනිඳු, දෙවැනි ගොඳුර ලෙස Dunkගේ කඩුල්ල ලකුණු ලබා ගැනීමටත් පෙර ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට සමත් වුනේ තිසරගේ එම සැලසුම සාර්ථක කරමින්.

මෙන්ඩිස් සහ ගුණතිලක පළමු කඩුල්ල සඳහා පන්දු 23ක දී වේගවත් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත්, ලකුණු 54ක් ලබාගෙන සිටි ගුණතිලකගේ දැවී යාමත් සමඟම එම සබඳතාවය බිඳ වැටුණා.

ලකුණු 84කට කඩුලු 3ක් බිඳ වැටී තිබූ Gladiators ඉනිම ගොඩනැංවීම සඳහා භානුක සහ මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26ක් තුල ලකුණු 29ක් ලබා ගත් නමුත් ඔවුන් දෙදෙනා දැවී ගිය පසුව නැවත නැගී සිටීමට Gladiatorsට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැහැ.

අවසන් පන්දුවාර 10-11 තුල Kings පන්දු යවන්නන් සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට සමත් වුනු නිසා Gladiators පිතිකරුවන් දැඩි පීඩනයකට හසුවුණු අතර ඔවුන්ගේ දක්ෂ පන්දු රැකීම ද ඒ සඳහා විශාල සවියක් වුනා.

මෙවර LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු කුසල් මෙන්ඩිස් පන්දු 28කට මුහුණ දෙමින් 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 39ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම Gladiatorsට විශාල පාඩුවක් වුනා.

පළමු පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 106ක් ලබාගෙන සිටි Gladiators නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණයි.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 30කට කඩුලු 2ක් කඩුලු දවා ගන්නා විට, ඔහුගේ වැඩිමහල් සහෝදරයා වුනු චතුරංග ද කඩුලු 2ක් දවා ගන්නට සමත් වුනා.


Result


Galle Gladiators
178/9 (20)

Jaffna Kings
201/3 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Danushka Gunathilaka b Nuwan Thushara 63 41 8 2 153.66
Rahmanullah Gurbaz c Kusal Mendis b Samit Patel 35 18 3 3 194.44
Tom Kohler-Cadmore not out 57 41 2 3 139.02
Shoaib Malik c Pulina Tharanga b Mohammad Amir 23 11 1 2 209.09
Thisara Perera not out 17 9 1 2 188.89


Extras 6 (b 1 , lb 2 , nb 0, w 3, pen 0)
Total 201/3 (20 Overs, RR: 10.05)
Fall of Wickets 1-56 (5.2) Rahmanullah Gurbaz, 2-119 (12.4) Avishka Fernando, 3-181 (18.2) Shoaib Malik,

Bowling O M R W Econ
Mohammad Amir 4 0 39 1 9.75
Nuwan Thushara 4 0 33 1 8.25
Dhananjaya Lakshan 2 0 29 0 14.50
Isuru Udana 3 0 38 0 12.67
Samit Patel 4 0 32 1 8.00
Pulina Tharanga 3 0 27 0 9.00


Batsmen R B 4s 6s SR
Kusal Mendis run out () 39 28 3 1 139.29
Danushka Gunathilaka c Thisara Perera b Wanindu Hasaranga 54 21 7 3 257.14
Ben Dunk c & b 0 1 0 0 0.00
Mohammad Hafeez run out (Wanindu Hasaranga) 10 6 2 0 166.67
Bhanuka Rajapakse c Wanindu Hasaranga b Mahesh Theekshana 14 16 2 0 87.50
Samit Patel c Jayden Seales b Suranga Lakmal 22 20 0 1 110.00
Dhananjaya Lakshan c Wanindu Hasaranga b Chathuranga de Sliva 2 3 0 0 66.67
Pulina Tharanga b 4 6 0 0 66.67
Isuru Udana c Shoaib Malik b Jayden Seales 9 11 1 0 81.82
Mohammad Amir not out 6 6 1 0 100.00
Nuwan Thushara not out 5 2 1 0 250.00


Extras 13 (b 1 , lb 10 , nb 0, w 2, pen 0)
Total 178/9 (20 Overs, RR: 8.9)
Fall of Wickets 1-63 (4.2) Danushka Gunathilaka, 2-63 (4.3) Ben Dunk, 3-84 (6.2) Mohammad Hafeez, 4-113 (10.4) Bhanuka Rajapakse, 5-129 (13.1) Kusal Mendis, 6-133 (13.6) Dhananjaya Lakshan, 7-143 (15.5) Pulina Tharanga, 8-158 (17.6) Samit Patel, 9-168 (18.5) Isuru Udana,

Bowling O M R W Econ
Mahesh Theekshana 4 0 51 1 12.75
Jayden Seales 3 0 36 1 12.00
Suranga Lakmal 3 0 23 1 7.67
Wanindu Hasaranga 4 0 30 2 7.50
Shoaib Malik 3 0 12 0 4.00
Chathuranga de Sliva 3 0 15 2 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<