සීමිත පන්දුවාර කණ්ඩායමේ වගකීම Pandyaට ලැබෙන ලකුණු

341

ඉන්දීය ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර (එක්දින සහ විස්සයි විස්ස) නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya ලබා දීමට වැඩි ඉඩ කඩක් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ANI පුවත්පත වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ එය පිළිබඳව Hardik Pandya සමඟ ද සාකච්ඡා කළ බවයි.

“අපි ඒ සැලසුම Hardik Pandya සමඟින් ද සාකච්ඡා කළා. ඔහු අපෙන් කල් ඉල්ලුවා එයට ප්‍රතිචාරයක් ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් කිසිම තීරණයක් තාම අරගෙන නැති වුනත් ඔහුට නායකත්වය දෙන්න අපි අදහස් කරගෙන ඉන්නවා. ඒ නිසා මේ දේ ඉදිරියට යන්නේ කොහොමද කියලා අපි බලමු.”

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Gujarat Titans කණ්ඩායමේ නායකත්වය දැරූ Hardik සිය කණ්ඩායම මංගල තරග වාරයේදී ම කණ්ඩායම ශූරතාවය කරා මෙහෙයවූ අතර ඔහු තරගාවලියේ ලකුණු 487ක් සහ කඩුලු 8ක් දවා ගත්තා.

අයර්ලන්තයට එරෙහි තරගාවලියේ පළමු වරට ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වූ Hardik එම තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර 4-1ක් ලෙස ජය ගත් බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ උප නායකත්වය දැරුවේ ද ඔහුයි.

එමෙන්ම නවසීලන්ත එරෙහි තරගාවලියේ ද ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගත් ඔහු එම තරගාවලිය ද ජයග්‍රහණයකින් අවසන් කළා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<