කාන්තා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අත්හැර දමයි

ICC කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2021

1865

සිම්බාබ්වේ හීදි පැවති 2021 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අවලංගු කර තිබෙනවා.

අප්‍රිකානු මහද්වීපය තුල COVID-19 හි නව ප්‍රභේදයක් හමුවීමත් සමඟම අප්‍රිකානු රටවල් සඳහා ගුවන් ගමන් තහනම් කිරීමට බොහෝමයක් රටවල් පියවර ගෙන තිබෙනවා. මේ පවතින තත්වය නිසාවෙන් සමස්ත ලෝක කුසලාන  සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියම  අත්හැර දැමීමට ICCය අද තීරය කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. ඒ ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

මේ නිසාවෙන් ICC පූර්ණ එක්දින සාමාජිකත්වය හිමි, කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්වුණු ශ්‍රී ලංකාවට සහ අයර්ලන්තයට 2022-25 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් ශූරතාවලිය සඳහා තරග කර දස්කම් දක්වා මීළඟ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සිදු වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමෙන් පසුව (1997) කාන්තා ලෝක කුසලාන තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා නොගත් පළමු අවස්ථාව මෙයයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<