ද මැසනොඩ්, සාන්ත ජෝසප් සහ සාන්ත අන්තෝනි පළමු ඉනිම් ජය ගනී

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

480
U19 Schools Cricket Tournament 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින තරග කිහිපයක් අද (26) නිමාවට පත් වෙද්දී, තවත් එක් තරගයක පළමු දිනය ක්‍රියාත්මක වුනා.

චාරුක ඒකනායක (4/11) ඇතුළු සාන්ත අන්තෝනි පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දස්කම් නිසා වේල්ස් කුමර පළමු ඉනිම ලකුණු 128ක සීමා කරමින් පළමු ඉනිම ජය ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

කැලණිය ගුරුකුල විද්‍යාලයට එරෙහි තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කරන්නට කඳාන ද මැසනෝඩ් ක්‍රීඩකයින්ට හැකි වුනා. මැසනෝඩ් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ උවිඳු පෙරේරා ලකුණු 196ක් රැස් කළා.

රිශ්ම අමරසිංහ වාර්තා කළ අර්ධ ශතකයත් (85), මානස මදුභාෂණ (43) සහ සදීෂ් ජයවර්ධන (41) වාර්තා කළ ඉනිම් නිසා කුරුණෑගල සාන්ත ඇන්නීස් ක්‍රීඩකයින් පළමු ඉනිමේ පරාජය කිරීමට මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා.

නිමේෂ් සිල්වා (4/70) සහ කවිෂ්ක ඉමේෂ්ගේ (4/76) පන්දු යැවීම නිසා සාන්ත සර්වේසස් පළමු ඉනිම ලකුණු 207කට සීමා කිරීමට මහනුවර සාන්ත සිල්වෙස්ටර් ක්‍රීඩකයින්ට හැකි වුනා.

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කඳාන ද මැසනෝඩ් විද්‍යාලය

  • ගුරුකුල පළමු ඉනිම – 285 (76.4): ජනිත ශෙහාන් 90, තත්සර ඒෂාන් 55, කවිදු කෞෂල්‍ය 6/57.
  • ද මැසනෝඩ් පළමු ඉනිම – 395 (108.4): උවිඳු පෙරේරා 196, සිතුම් ප්‍රනාන්දු 59, තත්සර ඒෂාන් 4/80.
  • ගුරුකුල දෙවැනි ඉනිම – 70/0 (11): මොහොමඩ් මුර්සාද් 31*.

තරගය ජය පරාජයෙන් තොරයි.

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

  • සාන්ත අන්තෝනි පළමු ඉනිම – 166 (64.4): මොහොමඩ් ආකිල් 37, කවිඳු ශෙහාන් 26, අචල පෙරේරා 5/49.
  • වේල්ස් කුමර පළමු ඉනිම – 128 (4) – රිවිත් ජයසූරිය 52, ඔමේෂ් මෙන්ඩිස් 30, චාරුක ඒකනායක 4/11, ඉඳුවර ගලපිටගේ 2/13.
  • සාන්ත අන්තෝනි දෙවැනි ඉනිම – 155/6d (58): ජනිත් රත්නසිරි 33, රවිඳු කපුකොටුව 32*, තරිඳු අමරසිංහ 3/27.
  • වේල්ස් කුමර දෙවැනි ඉනිම – 66/6 (24): ඔෂාන් ද සිල්වා 16, අචල පෙරේරා 13*, ලහිරු අබේසිංහ 3/15.

තරගය ජය පරාජයෙන් තොරයි.

සාන්ත ඇන්නීස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

  • සාන්ත ඇන්නීස් පළමු ඉනිම – 200 (86): මනාන් මුසම්මිල් 37, යොමේෂ් සුභසිංහ 35*, යෙනුල දෙව්තුස 3/65.
  • සාන්ත ජෝසප් පළමු ඉනිම – 276/9d (84.2): රිශ්ම අමරසිංහ 85, මානස මදුභාෂණ 43, සදීෂ් ජයවර්ධන 41, කෙවින් ශේවන්ත 4/106.
  • සාන්ත ඇන්නීස් දෙවැනි ඉනිම – 126/3 (22): මහිම කොටුවිල 53, බුද්දිම සහන 30, අවින්ත ද අල්විස් 2/33.

තරගය ජය පරාජයෙන් තොරයි.

සාන්ත සර්වේසස් විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

  • සාන්ත සර්වේසස් පළමු ඉනිම: 207 (61.5): චිරාන් නෙතෲ 42, දිනිරු අබේවික්‍රම 30, නිමේෂ් සිල්වා 4/70, කවිෂ්ක ඉමේෂ් 4/76.
  • සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිම: 39/1 (14): මලිත් ලක්ෂාන් 14, කුෂාන් විජේරාම 1/2.

19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<