සුප්‍රකට ව්‍යවසායකයෙකුට Jaffna Stallions හි සම අයිතිය

ලංකා ප්‍රිමියර් ලීගය - Coverage powered by My Cola

847
Rahul Sood

සුප්‍රකට තාක්ෂණික ව්‍යවසායකයෙකු මෙන්ම Microsoft Ventures සමාගමේ නිර්මාතෘවරයා ද වන Rahul Sood මහතා මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිතව ඇති Lanka Premier League (LPL) තරගාවලියේ Jaffna Stallions කණ්ඩායමේ සම අයිතිකරු ලෙස පත්ව ඇත.

ඒ අනුව Rahul Sood මහතා Brindon Bagirathan ඇතුළු කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත අතර මෙය පිළිබඳව අදහස් දක්වමින් Jaffna Stallions කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියෙකු වන Anandan Arnold මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ Jaffna Stallions සන්නාම නාමය ලොව පුරා ප්‍රවර්ධනය කිරීම Rahul Soodගේ ප්‍රධාන භූමිකාව බවයි.

“Microsoft Ventures හී නිර්මාතෘ Rahul Sood මහතා අප කණ්ඩායමේ සම හිමිකරුවෙකු වශයෙන් පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්. ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීම මගින් ජාත්‍යන්තර තලයේ අත්දැකීම් රැසක් ඇති අයෙකු නිසාවෙන් ඔහු අපගේ සන්නාම නාමය දියුණු කරමින් එය ජාත්‍යන්තර තලයේ රඳා පවත්වනු ඇත” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Microsoft Ventures සමාගමට අමතරව Unikrn හිද සම නිර්මාතෘවරයෙකු වන Rahul Sood මහතා Jaffna Stallions සමඟින් එක්වීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව විසින් Lanka Premier League තරගාවලිය පැවැත්වීමට කටයුතු කිරීම දැක තමන් සතුටට පත්වු බවයි.

“ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ජනප්‍රියත්වය ඉතා විශාලයි, හැමෝම දන්නවා IPL තරගාවලිය සඳහා ලොව පුරා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මම ඉතාමත් පුදුමයට සහ සතුටට පත්වුනා ශ්‍රී ලංකාව විසින් Lanka Premier League තරගාවලිය පැවැත්වීමට යාම පිළිබඳව දැකීමෙන් අනතුරුව.

ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවයි, එම නිසාවෙන් මෙය එළඹෙන දශක කිහිපයේ දී ක්‍රීඩාව වෙනුවෙන් තැබූ විශාල පියවරක් වනු ඇත. මම Jaffna Stallions කණ්ඩායමේ සම හිමිකරුවෙකු වෙමින් එම කණ්ඩායමට ක්‍රිකට් ලෝකයේ ඉඩක් සාදා දීමට බලාපොරොත්තු වනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. 

තවත් ක්‍රිකට් පුවත්:

Microsoft හා සම්බන්ධ වීමට පෙර වසර 18ක් එකිනෙකට වෙනස් වූ ස්ථාන සමඟ කටයුතු කළ ව්‍යවසායකයෙකු වූ Rahul Sood මහතා සුඛෝපභෝගී පරිගණකයක් වූ VoodooPC නිපදවීමට ආරම්භ කළ අතර පසුව එය Hewlett-Packard (HP) විසින් ඔවුන්ට පවරා ගැනීමට කටයුතු කළේය. 

පසුව HP සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියෙකු ලෙස එක්වූ Sood මහතා පසුකලෙක Apple සමාගම විසින් මිල දී ගත් Maingear, Razer, ZED, සහ Vrvana හී කොටස් හිමිකරුවෙකු මෙන්ම උපදේශකයෙකු ලෙස ද කටයුතු කරන ලදි.

එමෙන්ම ලොව පුරා esports ප්‍රචලිත කළ Unikrn හීද සම හිමිකරුවෙකු වූ ඔහු එම ක්‍රීඩාවට සහභාගි වෙමින් එය ඉහළ නැංවීමට විශාල සේවයක් සිදු කළේය.

කැනේඩියානු ජාතිකයෙකු වන ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන සහ ක්‍රීඩා ප්‍රවර්ධනයේ ඉහළ අත්දැකීමක් ඇති Rahul Soodගේ එක්වීම Jaffna Stallions කණ්ඩායමේ මෙන්ම Lanka Premier League (LPL) තරගාවලියේ ප්‍රවර්ධනයට මහඟු පිටිවහලක් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<