ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ වෙනසක්

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

354

පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙම මාසයේ පැවැත්වීමට නියමිත 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සති අන්තය (ඉරිදා සහ සෙනසුරාදා) කේන්ද්‍ර කරමින් අදියර 4ක් යටතේ පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම මස (මැයි) 20 සිට 23 දක්වා පැවැත්වීමට තිබූ තරගාවලිය පෙර සැලසුම් පරිදි නොපැවැත්වෙන අතර තරගාවලියේ මුල් අදියරේ ඉසව් මැයි 22 (සෙනසුරාදා) සහ 23 (ඉරිදා) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

මාර්ග ධාවන ඉසව් හැර සියලුම ජවන හා පිටිය ඉසව් මෙවර තරගාවලියේ දී පැවැත්වීමට නියමිත නමුත් පවතින වසංගත තත්වය නිසා පසුගිය තරගාවලි ද්විත්වයේ දී දස්කම් දැක්වූ සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට පමණක් තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇත.

තවත් ක්‍රීඩා පුවත්:

මෙම තරගාවලිය ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙර මෙරට පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය ද වන නිසාවෙන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් තරගාවලියක් වේ.

පවතින වසංගත තත්වයේ වැඩි වීම නිසාවෙන් මෙම තරගාවලිය ඉතා දැඩි සෞඛ්‍ය නිතී අනුගමනය කරමින් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.

තරගාවලියේ සියලු ඉසව් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් හැර අනෙකුත් පාර්ශවයන්ට එය නැරඹීමට අවසර හිමි නොවේ.

තරගාවලිය පිළිබඳව සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<