හැළඹගේ ගෙන් වෙඩිවන් ඉනිමක් බංග්ලාදේශය අනාථ කරයි

Hong Kong Sixes 2026

12
Hong Kong Sixes 2026

අද (30) ආරම්භ වූ Hong Kong Sixes තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශය සමඟින් පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 127ක් ලබා ගත් අතර එම ඉලක්කය තරගයේ තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

>>ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හෙට Hong Kong Sixes තරග බිමේ

ශ්‍රී ලංකා කණ්ඩායම

 

සංගීත් කුරේ (නායක සහ කඩුලු රකින්නා), විශේආරන් හැළඹගේ, සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු, මුදිත ලක්ෂාන් සහ චමිඳු විජේසිංහ.

බංග්ලාදේශ කණ්ඩායම

 

Abu Hider (නායක), Habibur Rahman Sohan, Sabbir Rahman (කඩුලු රකින්නා), Mrittunjoy Chowdhury, Chowdhury Md Rizwan සහ Ahrar Amin.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ, පළමු පන්දු 27කට ම මුහුණ දෙන්නේ ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ Habibur Rahman Sohan සහ Sabbir Rahman.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Sabbir Rahman දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී  පන්දු 12ක දී හයේ පහර 5ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිම අවසන් වෙද්දී Habibur Rahman Sohan පන්දු 15ක දී හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියා.

ඊට අමතර ව Mrittunjoy Chowdhury පන්දු 3ක දී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 14ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී විශේන් හැළඹගේ ලකුණු 16කට කඩුල්ලක් ද සහ චමිඳු විජේසිංහ ලකුණු 31කට කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ විශේන් හැළඹගේ සහ නායක සංගීත් කුරේ විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 11ක දී ලකුණු 44ක් එක් කරනවා. එම ලකුණු සබඳතාවේ දී සංගිත් කුරේ රැස් කරන්නේ පන්දු 3ක දී හයේ පහරක් සමඟින් ලකුණු 6ක් පමණයි.

ඉන් අනතුරු ව පිටියට පිවිසි සචිත ජයතිලක ලකුණු ලබා නොගත් පන්දු 2කට සීමා වෙමින් දැවී යනවා. එහෙත් ඒ වෙද්දී එම කඩුල්ලට පන්දු 8ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කිරීමට විශේන් හැළඹගේ වැඩි දායකත්වයක් දක්වමින් සමත් වෙනවා.

එම දැවී යෑම් සමඟින් හඹා ගිය ශ්‍රී ලකා ඉනිමේ දි විශේන් හැළඹගේ ඉනිමේ 3 වැනි පන්දුවාරයේ දී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් එල්ල කරමින් එම පන්දුවාරයට ලකුණු 32ක් ලබා ගනිමින් තම ඉනිම ශක්තිමත් කළ අතර ඔහු ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී පන්දු 17ක දී හයේ පහර 11ක් සහ හතරේ පහර 3ක් සමඟින් නොදැවී 80ක් ලබා සිටියා.

එය මෙම තරගාවලියේ පළමු දිනයේ දී වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛාවයි.

ඔවුන් ට අමතර ව රවිඳු ප්‍රනාන්දු පන්දු 5ක දී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ද සහ ඉනිම අවසන් වෙද්දී චමිඳු විජේසිංහ පන්දු 4ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Mrittunjoy Chowdhury ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Mrittunjoy Chowdhury කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශය – කඩුලු 4ක් දැවී 127 (6.0)Habibur Rahman Sohan57, Sabbir Rahman 39, විශේන් හැළඹගේ 1/16
  • ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී 129 (5.2) විශේන් හැළඹගේ 80, රවිඳු ප්‍රනාන්දු 18, චමිඳු විජේසිංහ නොදැවී 16, Mrittunjoy Chowdhury4/44

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුල්ලක ජයක්.

ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය හෙට (31) පෙරවරු 7.10 ස්කොට්ලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<