ශ්‍රී ලංකාවෙන් කැන්ගරුවන්ට දරුණු ප්‍රහාරයක්

2621

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (8) ඩුබායි හිදී ආරම්භ විය.  එහි දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද (9) පැවැත්වූ තරගය ලකුණු 303කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහි දී සුරංග සම්පත් හා රුවන් වසන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක අතරට පිවිසෙන ලදි.

ලෝක කුසලානය ජය ගන්නට ක්‍රීඩකයෝ ඩුබායි යති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ලාහෝරයේ දී මේ මස 08 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර තරගාවලිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (4) ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්විය.

ඩුබායි හිදී අද උදෑසන ආරම්භ වූ මෙම තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 35ක් හිමි වූයේ අයහපත් කාලගුණය නිසාවෙනි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චන්දන දේශප්‍රිය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ඩුබායි හි අජ්මාන් ඕවල් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ පළමු පන්දුවේ සිටම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හට දැඩි ප්‍රහාරයක් දියත් කළ අතර එහි දී වමතින් පිත්ත හසුරුවන B 3 කාණ්ඩයේ ක්‍රීඩකයෙක් වන සුරංග සම්පත් පන්දු 85ක් තුල 4 පහර 12ක් සමඟින් ලකුණු 130ක් ලබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම විශාල ලකුණකට ගෙන යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළේය.

සුරංග හට අගනා සහයක් ලබා දෙමින් අනෙක් අන්තයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවූ දකුණතින් පිත්ත හසුරුවන B 2 කාණ්ඩයේ ක්‍රීඩක රුවන් වසන්ත ද සුරංග හට නොදෙවෙනි පිතිකරණයක නිරත වෙමින් අගනා ශතකයක් වාර්තා කළේය. අවසානයේ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 35 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 485ක් ලබා ගන්නා ලදි. එය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ද යන්න තවමත් ස්ථිර වී නොමැති නමුත් එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 13.85ක් ලබා ගැනීමට සුරංග හා රුවන් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩැනියල් කඩුලු 2යි.

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය චන්දනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේ දී මේ මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. නව වසරේ සිංහයන්ට අභියෝග කරන තරගාවලි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගත් කළ ගෙවී ගිය 2017 වර්ෂය සිත් …

ලකුණු 486ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් වෙනුවෙන් යම් මට්ටමකට හෝ සාර්ථක වූයේ ස්ටෙපාන් ප්ලමර් පමණි. ඔහු ලකුණු 49කට දැවී ගියේය. දකුණතින් මඳ වේගපන්දු යවන B 2 කාණ්ඩයේ ක්‍රීඩකයෙක් වන උපුල් සංජීව ඕස්ට්‍රේලියානු ප්‍රබල කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු කර ගැනීමට සවියක් විය. අවසානයේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 182කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 303ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත්තේ මෙවර පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියට ජව සම්පන්න ආරම්භයක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකාව – 485/7 (35): සුරංග සම්පත් 130, රුවන් වසන්ත 111, ඩැනියල් 2/95.

ඕස්ට්‍රේලියාව – 182/10 (29.4): ස්ටෙපාන් ප්ලමර් 49, උපුල් සංජීව 3/31.

තරගයේ වීරයා – සුරංග සම්පත් (ශ්‍රී ලංකාව)

Sri Lanka Team for Blind Cricket World Cup 2018

Sri Lanka Blind Cricket team will participate in the 5th edition of the 40-over Blind Cricket World Cup, scheduled to take place from 09th to 22nd January 2018 in UAE and Lahore. Sri Lanka Blind Cricket team, coming under the auspices of the Sri Lanka Cricket Association for the Visually Handicapped, will be led by Chandana Deshapriya.

තරගයට පසුව ThePapare.com සමඟින් සම්බන්ධ වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය මෙසේ සිය අදහස් දක්වන ලදි.

“ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. මොකද විශාල ලකුණු පරතරයක් ඇතිව අපි මෙම තරගය ජයග්‍රහණය කළා. එහි දී සුරංග හා රුවන් ශතක ලබාගෙන අපේ ලකුණු පුවරුව ඉතාමත් විශාල ලකුණක් කරා රැගෙන ගියා. හෙට (10) දිනයේ දී ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගයත් හොඳින් ක්‍රීඩා කරලා කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට අපේ කණ්ඩායමේ සියලු දෙනාම උත්සාහ කරනවා.”

ශ්‍රී ලංකා පිල සහභාගි වන මීළඟ තරගය හෙට (10) ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙනු ඇත.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<