යුපුන් ලෝක ශූරතාවය අතහරි

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2023

8719
ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2023

මෙවර තරග වාරයේ දී හට ගත් ආබාධ තත්වයක් නිසා මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තමන් සහභාගී නොවන බව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් දැනුම් දී තිබෙනවා.

අදාළ බලධාරීන් වෙත යුපුන් මේ පිළිබඳ දැනුවත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ඔහුට තරග දෙකකින් එකක් තෝරා ගැනීමට සිදු ව තිබූ නිසා මෙම තීරණය ගත් බවයි.

“පසුගිය මාස කිහිපය මට කායිකව මෙන්ම මානසිකව ද ඉතා අමාරු කාලයක්. මම ආබාධ කාලසීමාවක් පසු කරමින් සිටින අතර දැන් සෙමින් සුව අතට හැරෙමින් සිටින්නේ. මේ තීරණය මට ඉතා අමාරු එකක් වුනත් මම මුල ඉදන්ම බලාගෙන හිටපු තරග දෙකකින් එකක් මට තෝර ගන් වෙනවා.

ඒ නිසා මම කැමති බලධාරීන්ට දැනුම් දෙන්න මම ලෝක මලල ක්‍රීඩා ශූරතාවයෙන් ඉවත් වෙන්න තීරණය කළා කියලා. සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මගේ උපරිමය ලබා දෙන්නයි මම අවධානය ලබා දෙන්නේ.”

මෙවර තරග වාරයේ සහභාගී වූ පළමු මීටර් 100 තරගයේ දී යුපුන් අබේකෝන් ආබාධයට ලක් වූ අතර එම නිසා ඔහුට මෙම වසරේ සහභාගී වීමට තිබූ තරග කිහිපයකින්ම ඉවත් වීමට සිදු වුනා.

මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු සහ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා වන යුපුන් අබේකෝන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම ද දිනා ගත්තා.

දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<