ලොහාන් සහ ඉරුෂ්ක දඟපන්දුවෙන් විස්කම් දක්වයි

89

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (19) දින අවසන් වූ තරග අතුරින් කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත්වීමට ලොහාන් අරෝෂණ සහ ඉරුෂ්ක තිමිර සමත් වූහ. 

අවිශ්ක තරිඳු පාසල් ක්‍රිකට් පිටිය කළඹයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර්……

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නායක ලොහාන් අරෝෂණ නැවත වරක් තරගයක දී කඩුලු 10ක් දවා ගැනීමට සමත් වීම ද අද දවසේ සිදුවිය. ඒ නිමා වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟ තරගයේ දී ලකුණු 131කට කඩුලු 10ක් දවා ගනිමිනි. මේ අතර ඔහු ඉනිම දෙකේ දීම අර්ධ ශතක වාර්තා කර ගැනීම ද කැපී පෙනුනි. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන ඉරුෂ්ක තිමිර අද දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය. ඒ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක් දවා ගනිමිනි. 

මේ අතර ද මැසිනෝද් විද්‍යාලයේ දකුණත් පිතිකරු සහන් කෝසල, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් රැස්කර ගනිමින් අද දවසේ වාර්තා කළ එකම ශතකයේ හිමිකරු විය. 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ ජයග්‍රහණය සඳහා තම දෙවැනි ඉනිමේ දී ලකුණු 219ක් හඹා ගිය නමුත් ඔවුන්ට කඩුලු 4ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. එම ඉනිමේ දී අභිශේක් ලියනාරච්චි නොදැවී ලකුණු 71ක් රැස්කර ගත්තේය. 

ධර්මාශෝක විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 226 (64.5) ලොහාන් අරෝෂණ 93, සනුල ගුණරත්න 33, චානක ජනාන්ග 30, සෙනිත් හැළඹගේ 20, සෙනුර දිසානායක 4/31, ධනංජය දාබරේ 4/39. සහ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 194 (38) ලොහාන් අරෝෂණ 69, සසිඳු මල්ශාන් 35, චමිඳු තාරක 35, මනීන්ද්‍ර ජයතිලක 4/36, ඉමේෂ් අදීශ 2/27. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 28ක දී කඩුල්ලක් දැවී 73) සියලු දෙනා දැවී 202 (67.1) අනිශ්ක කල්පන 39, මනුර පීරිස් 50, ධනංජය දාබරේ 30, ලොහාන් අරෝෂණ 6/68, මනීෂ රශ්මික 4/39. සහ දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 135 (13) අභිශේක් ලියනාරච්චි නොදැවී 71, මුදිත ලක්ෂාන් 24, ලොහාන් අරෝෂණ 4/63. 

ඩිල්ස්කූප් මෙහෙයුමෙන් හැඩ ගැන්වෙන “ශ්‍රී ලංකා Legends කණ්ඩායම” එළිදකියි

යුගයක් කල එළි කළ ඒ ප්‍රතාපවත් ක්‍රිකට් විරුවන් එකම වේදිකාවක දී යළිත් වරක්….


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය 

මීගමුව කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ පළමු ඉනිමේ වාසිය සත්කාරක ක්‍රීඩකයන් සතු කරමිනි. එසේ වුවත් ඔවුන්ගේ ඉනිමේ කඩුලු 7ක් ලකුණු 77කට දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට දේවපතිරාජ විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන ඉරුෂ්ක තිමිර සමත් විය. 

දේවපතිරාජ විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 105 (42.2) ජීවක ශෂීන් 30, මෙනුෂ පෙරේරා 4/29, ශෝන් සෙනි 2/08, තරුෂ ප්‍රනාන්දු 2/15. සහ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 246 (81) පවන් සංජය 54, සුධීර වීරරත්න 50, කල්ප චේතිය 47, ජීවක සශීන් 39, මනුෂ පෙරේරා 3/71, නිපුන් ධනංජය 2/74. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 54ක දී කඩුලු 5ක් දැවී 167) සියලු දෙනා දැවී 217 (73.3) නිපුන් ධනංජය 37, අචින්ත දේශාන් 32, දිනෙත් උෂාර 25, චමත් ප්‍රනාන්දු 22, පසිඳු දසනායක 27, ඉරුෂ්ක තිමිර 7/66, සුධීර වීරරත්න 3/77. 


අද දින ආරම්භ වූ තරග 

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 

මත්තේගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉසිපතන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 304ක් රැස්කර ගත්හ. එම ඉනිම වෙනුවෙන් සවීන් දන්ත, ලෙශාන් අමරසිංහ සහ තිවංක ලක්රුවන් අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් වූහ.  

තරගය පළමු දිනයට නතර කරන විට කිංග්වුඩ් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 49ක් රැස්කර ගෙන සිටියහ. 

ඉසිපතන විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 7ක් දැවී 304 (73) සවීන් දන්ත 75, ලෙශාන් අමරසිංහ 57, තිවංක ලක්රුවන් නොදැවී 50, තේමිය ගුණරත්න 22, නවෝද්‍ය වීරසේකර 4/120. 

කිංග්ස්වුඩ් විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 4ක් දැවී 49 (19) 

නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලානයට සියල්ල සූදානම්

මෙරට පිහිටි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසල් සමූහයක් වන ලයිසියම්…….

කඳාන ද මැසිනෝද් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

ද මැසිනෝද් විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ද මැසිනෝද් විද්‍යාලය ශතකයක් සහ අර්ධ ශතක තුනක් සමඟ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 429ක් රැස්කර ගත්හ. එම ඉනිමේ දී සහන් කෝසල වාර්තා කළ ශතකයට අමතරව සාලිය ජූඩ් පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 97ක් රැස්කර ගත්තේය. ඊට අමතරව එම ඉනිමේ ශතක සබඳතාවක් පිහිටුවීමට සහන් කෝසල සහ සෙනාශ් ප්‍රනාන්දු සමත් වූහ. ඒ පස්වන කඩුල්ල වෙනුවෙනි. 

පන්දු යැවීමේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ කළන සංදීප ලකුණු 80කට කඩුලු 5ක් දවා ගත්තේය. 

ද මැසිනෝද් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 429 (95.4) සහන් කෝසල 106, සාලිය ජූඩ් 97, සෙනාශ් ප්‍රනාන්දු 74, නිම්න ප්‍රනාන්දු 54, රුවින් ෆොන්සේකා 37, කළන සංදීප 5/80, සසික පෙරේරා 2/50. 

අද දින ආරම්භ වූ මෙම තරග හෙට (20) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<