ලකිඳුගේ නොදැවුණු පිතිකරණයෙන් ලුම්බිණිය ඉදිරියෙන්

247

19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ සිට සුපිරි 8 වටයට පාසල් රැසක්ම මේ වන විට සුදුසුකම් ලබාගෙන ඇති අතර සුපිරි 16 දෙනාගේ තරග වටයේ තවත් එක් තරගයක් අද (26) තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර ආරම්භ විය.

දකුණු ලක පාසලකට සුපිරි අටට වරම්

කැලණිය ගුරුකුල විද්‍යාලය හමුවේ පළමු ඉනිමේ ජයක් ලබාගත් ගාල්ල මහින්ද විද්‍යාලය…

තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය

සුපිරි 16 දෙනාගේ වටයට අයත් වූ මෙම තරගය කොළඹ තර්ස්ටන් පිටියේ දී ආරම්භ විය. එහි කාසියේ වාසිය දිනූ මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ඒ වාසියත් සමඟින් පිටියට අවතීර්ණ වූ මහානාම විද්‍යාලය වෙනුවෙන් නායක හෙශාන් නෙලික හා වත්සර පෙරේරා පිළිවෙළින් ලකුණු 40ක් හා ලකුණු 34ක් ලබාගෙන දස්කම් අතරට පිවිසියේ මහානාම විද්‍යාලය අසරණව සිටි තැනින් පියවරක් ඉදිරියට ගෙන එමිනි. සවන් ප්‍රභාෂ් හා නායක නිපුන් ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගෙන දස්කම් දක්වන ලදි.

තරගයේ පළමු දිනය නිමා වන විට තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 72ක් ලෙස සටහන් වූයේ යම් වාසියක් මහානාම විද්‍යාලයට හිමි කර දෙමිනි. පන්දු යැවීමේ දී නායක හෙශාන් මහානාම විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3යි.

මහානාම විද්‍යාලය – 147 (58.4): හෙශාන් නෙලික 40, වත්සර පෙරේරා 34, පවන් රත්නායක 28, විනුක රූබසිංහ 20, සවන් ප්‍රභාෂ් 3/16, නිපුන් ලක්ෂාන් 3/47, යෙශාන් වික්‍රමාරච්චි 2/04.

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 72/9 (22): හෙශාන් නෙලික 3/21, පැතුම් බොතේජු 2/24, පියුමාල් සංදීප 2/25.

සල්පිටි – රයිගම් කෝරල සීමිත පන්දුවාර තරගයට ආලෝකය හරහට හිටී

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වැනි වරටත්…


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

ද මැසනොඩ් විද්‍යාල පිටියේ දී සුහද තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ආනන්ද විද්‍යාලයට ඇරයුම් කළේය.

ලහිරු හිරන්‍යගේ නොදැවුණු පිතිකරණයේ සවිය නිසාවෙන් පළමු දිනයට තරගය අවසන් වන විට ආනන්ද ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා ගන්නා ලදි. තරගයේ ආරම්භය තරමක් පමා වූයේ පිටියේ තණතිල්ල තෙත බරිතව තිබීම නිසාවෙනි. පෘථිවි ජෙගරාජසිංහම් ලකුණු 30කට කඩුලු 3යි.

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 150/6 (41.3): ලහිරු හිරන්‍ය 46*, අශෙල් සිගේරා 29, කනිශ්ක රන්තිලකගේ 27, පෘථිවි ජෙගරාජසිංහම් 3/30.


ලුම්බිණි විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක මොරටු විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 139ක් රැස්කර ගැනීමට සමත් විය. එහි දී ශෙසද නිශේන්ද්‍ර ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණු 48ක් එක්කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී පසිඳු නදුන් හා විමුක්ති කුලතුංග අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. පළමු දිනයට තරගය අවසන් වන විට ලුම්බිණි විද්‍යාලය තරගයේ වැඩි වාසිය දිනා ගත්තේ එක් කඩුල්ලක් දැවී ලකුණු 110ක් රැස්කර ගනිමිනි. ලකිඳු උපේන්ද්‍ර ලකුණු 50*යි.

මොරටු මහා විද්‍යාලය – 139 (39.4): ශෙසද නිශේන්ද්‍ර 48, නිශාන් මදුශ්ක 23, පසිඳු නිදුන් 3/32, විමුක්ති කුලතුංග 3/38, ප්‍රභාත් මදුසංක 2/19, අමිත් දනංජය 2/24.

ලුම්බිණි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 110/1 (24.3): ලකිඳු උපේන්ද්‍ර 50*, රන්මල් ප්‍රනාන්දු 36*.

මේ තරග සියල්ලම හෙට (27) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<