එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයටත් කොරෝනා හරස් වෙයි

107
SL vs ENG

මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝන වයිරසය නිසාවෙන් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කොට ඇත.

Photos : Sri Lanka vs England – Warm-Up Match 2 – Day 1

ThePapare.com | Waruna Lakmal | 12/03/2020 Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright infringement. Photos are available for purchase contact – [email protected]

දෙරටේ ක්‍රිකට් ආයතන අතර සිදු වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර දෙවන ටෙස්ට් තරගය 27 වැනිදා සිට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. 

මෙම තත්වය මත තම ක්‍රීඩකයන් හැකි ඉක්මනින් තම රටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරන බව එංගලන්ත බලධාරීන් ප්‍රකාශ කර සිටියේය.

“මෙම අවස්ථාවේ දී අප කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික මෙන්ම මානසික යහපැවැත්ම ඉතා වැදගත්. අපි හැකි ඉක්මනින් ඔවුන්ව ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙම තත්වය අපි පෙර නොසිතූ තත්වයක්, මෙවැනි අවස්ථාවන් වලදී අපිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් එහා ගිය තීරණවලට යෑමට සිදු වෙනවා” යැයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Photos : Sri Lanka vs England – 1st Warm-Up Match | Day 01

ThePapare.com | Sithija De Silva | 8/3/2020 Editing and re-using images without permission of ThePapare.com will be considered an intended copyright infringement. Photos are available for purchase contact – [email protected]

මීට අමතරව මෙම අවස්ථාවේ දී සහය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම ස්තූතිය පිරිනමන බවත්, තමන් හැකි ඉක්මනින් නැවත මෙම තරගාවලියට සහභාගි වීමට පැමිණෙන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට පී. සරණමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සිව්දින පුහුණු තරගය මෙම තීරණයෙන් පසු අතහැර දැමීමට තීරණය කළ අතර එංගලන්ත ක්‍රීඩකයන් හැකි ඉක්මනින් තම මව් රට බලා පිටත් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<