මීටර් 100ට යුපුන්ගෙන් වේගවත් ආරම්භයක්

Meeting International Città' Di Savona 2023

381
Yupun Abeykoon

ඊයේ (24) ඉතාලියේ සැවෝනා නුවර දී පැවති Meeting International Città’ Di Savona තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ජයග්‍රාහීව ඉසව්ව අවසන් කරන්නට සමත් වුනේ දෙවැනි ස්ථානය සඳහා හිමිකම් කියමිනුයි.

තත්පර 10.1ක කැපී පෙනෙන කාලයකින් මෙම ඉසව්ව අවසන් කිරීමට යුපුන් සමත් වූ අතර පළමු ස්ථානය දිනා ගත් බ්‍රිතාන්‍ය ක්‍රීඩක Reece Prescod ඉසව්ව අවසන් කළේ තත්පර 9.94ක කාලයක් වාර්තා කරමිනුයි.

2023 වසරේ යුපුන් සහභාගී වූ පළමු මීටර් 100 තරගය මෙය වූ අතර ඔහු මෙම තරගාවලියේ මූලික වටයේ තරගය අවසන් කළේ තත්පර 10.4ක කාලයකින් වීම විශේෂත්වයක්.

මෙවර තරග වාරයේ තමන් සහභාගී වූ පළමු මීටර් 100 තරගයේ දී ම මෙලෙස ඉහළ දස්කමක් දැක්වීමට යුපුන්ට හැකි වීම කැපී පෙනෙනවා.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු සහ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා ද වෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත නිසා මෙවර තරග වාරය මදක් ප්‍රමාද වී ආරම්භ කිරීමට යුපුන් තීරණය කළ අතර ඔහු සහභාගී වන මීළඟ තරගය මැයි 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

යුපුන් සහභාගී වන තරග සියල්ලේ ප්‍රතිඵල සහ සියලු දෙස් විදෙස් මලල ක්‍රීඩා පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<