ඉන්දීය කඩුලු රකින්නාට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වන ලකුණු

436

මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Wriddhiman Saha, ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වීමේ අවදානමකට ලක්ව ඇත.

කෙසේ නමුත් භෞත චිකිත්සක Nitin Patelගේ වාර්තාව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නිසාවෙන් මදක් ප්‍රමාද වී ඇති අතර එම වාර්තා සංසන්දනය කිරීමෙන් පසුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් Sahaගේ සහභාගිත්වය පිළිබඳව තීරණයක් ගනු ඇත.

Wriddhiman Saha IPL තරගාවලියේ Delhi Capital සමඟ පැවති දෙවන තරගයේ දී සුළු ආබාධයකට ලක් වූ නමුත් ඔහු මූලික වටයේ පැවති අවසන් තරගය වූ Mumbai Indians සමඟ පැවති තරගය ද ක්‍රීඩා කළ නමුත් පාදයේ ඇති වූ මාංශ පේෂි ඉරීමක් නිසාවෙන් අවසන් වටයේ තරග ක්‍රීඩා නොකරන බව ඔහුගේ කණ්ඩායම් නායක David Warner තහවුරු කරන ලදි.

තවත් ක්‍රිකට් පුවත්: 

එනමුත් ඔහුගේ ආබාධය පිළිබඳව නිශ්චිත තොරතුරක් තවමත් ලැබී නොමැති අතර ඔහුගේ ආබාධය අදියර 1 මට්ටමේ ආබාධයක් නම් එය සුව වීමට සති හතරක පමණ විවේකයක් ගැනීම සිදු කළ යුතු නිසාවෙන් ඔහුට දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වන තරගාවලිය සඳහා සහභාගි වීමට හැකියාවක් ඇත. නමුත් ඔහුගේ ආබාධය අදියර 2 මට්ටමේ පැවතියහොත් එය සුව වීමට අවම වශයෙන් මාස දෙකක කාලයක් ගතවනු ඇත.

යම් හෙයකින් Saha හට තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වුවහොත් Rishabh Pant එම සංචිතයේ සිටින නිසාවෙන් කඩුලු රකින්නෙකු ආදේශ කිරීමේ ගැටලුවක් පැන නොනගින අතර යම් හෙයකින් එලෙස ආදේශකයක් සිදු කිරීමට සිදුවුවහොත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික  MSK Prasad ප්‍රසාද්ට අනුව ආන්ද්‍රා කණ්ඩායමේ Srikar Bharat තෙවැනි කඩුලු රකින්නා ලෙස ඇතුළත් වීමට ඉඩක් ඇත.

Wriddhiman Saha මෙම වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Sunrisers Hyderabad නියෝජනය කරමින් එම කණ්ඩායමට මූලික වටයේ ජයග්‍රහණ ලබා ගැනීමට මහඟු සේවයක් ඉටු කළ අතර අවසන් වටයට තේරී පත්වීම සඳහා පැවති අවසන් තරගයේ දී සුළු ආබාධ තත්වයත් සමඟින් නොදැවී ලකුණු 58ක් රැස්කිරීමට ද ඔහු සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<