ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (20) දිනයේ ආරම්භ වුනා.
එම තරගවල දී කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය එක් තරගයක් ක්‍රීඩා කරන අතර, එහි දී ලුම්බිණි විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුනා.
අනෙක් තරගයේ දී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය එකිනෙකා මුණගැසුණු අතර, එහි දී සාන්ත අන්තොනි විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු 135ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විද්‍යාලය අතර පැවැත්වුණු තරගය ඊයේ ජය පැරදුමකින් තොරව නිමා වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
(සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
කොළඹ ලුම්බිණි විද්‍යාලය – 102/10 (42.4) කිසඳු දුල්නෙත් 19, ඩේමියන් ද සිල්වා 4/17, යෙනුල දෙව්තුස 3/27
සාන්ත ජෝසප් විද්‍යාලය – 92/3 (20)
පළමු දිනය සඳහා තරගය නතර කළා.
වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
(සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී)
සාන්ත අන්තෝනි විද්‍යාලය – 135/10 (56.1) චමෝද් සංදීප 68, මෙවිඳු කුමාරසිරි 4/40
ශ්‍රී සුමංගල විද්‍යාලය – 11/0 (3)
පළමු දිනය සඳහා තරගය නතර කළා.
කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කළුතර සිරි කුරුස විද්‍යාලය
(හොරණ Arons ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
සාන්ත ආනා විද්‍යාලය -281/9d (51.2) ඕෂධ කොඩිකාර 51, සනුජ දිසානායක 50*, විහඟ නෙත්රූ සිල්වා 4/79
කළුතර සිරි කුරුස විද්‍යාලය – 26/0 (9)
තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුනා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<