වසර 16කට ආසන්න කාලයක් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වෙමින් එම කණ්ඩායමට ඉහළ සේවයක් ලබා දුන් තුන් ඉරියව් ක්‍රීඩක Elton Chigumbura මේ දිනවල දී පැවැත්වෙන පකිස්තාන සංචාරයෙන් පසු ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇත.
සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ සමුගැනීම පිළිබඳව තහවුරු කර තිබූ අතර සිය සමුගැනීම පිළිබඳව අද (07) ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දෙමින් Chigumbura සඳහන් කර තිබුණේ වරින්වර සිදු වූ ආබාධ නිසාවෙන් නව තරුණ ක්‍රීඩකයෙකුට කණ්ඩායමට පැමිණීම සඳහා ඉඩකඩ විවර කරමින් තමන් සමුගැනීමට තීරණය කළ බවයි.
Former @ZimCricketv captain Elton Chigumbura is set to retire from international cricket at the end of the current @TheRealPCB tour. He has made 213 ODI and 14 Test appearances, with 54 T20Is under his belt before the start of his swansong series#ThankYouElty | #VisitZimbabwe pic.twitter.com/ah9ukP3mbJ
— Zimbabwe Cricket (@ZimCricketv) November 7, 2020
2004 වසරේ සිට සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ Chigumbura සිය වසර 16ක ක්‍රීඩා දිවිය තුළ දී (පකිස්තාන සංචාරයට පෙර) එක්දින තරග 213ක්, ටෙස්ට් තරග 14ක් සහ පන්දුවාර විස්සයි තරග 54ක් සඳහා සිය දායකත්වය ලබා දෙමින් අන්තර්ජාතික පිටියේ ශතක දෙකක් සහ අර්ධ ශතක 26ක් ඇතුළත්ව ලකුණු 5761ක් සහ කඩුලු 138ක් ලබා ගැනීමට සමත්ව තිබුණි.
තවත් ක්‍රිකට් පුවත්:
- Bio Bubble හිසරදයක් ද? Kohli සහ Archer හඬ අවදි කරති
- LPL ආරම්භක දිනය ආයිත් පස්සට
- හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිතිකරුවා පළමු පෙළ ගමනට තිත තබයි
- Bio Bubbles ගැන Steve Smithගෙන් මැසිවිලි
තවද එක්දින තරගවල දී Grant Flowerට පසු ලකුණු 4000ක් සහ කඩුලු 100ක් ලබා ගත් මුල්ම ක්‍රීඩකයා බවට පත්වීමට ද සමත් වූ ඔහු එක්දින තරග 62ක දී සහ පන්දුවාර විස්ස තරග 18ක දී සිය කණ්ඩායමට නායකත්වය ලබා දීමට ද කටයුතු කර තිබුණි.
එමෙන්ම 2007 වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව සමඟින් පැවති තරගයේ දී ලකුණු 20ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් සිය කණ්ඩායමට අමතක නොවන ජයක් ලබා දීමට දායකත්වය සැපයූ ඔහු 2011 එක්දින ලෝක කුසලානයේ දී ක්‍රීඩකයෙකු ලෙසත්, 2015 එක්දින ලෝක කුසලානයේ දී කණ්ඩායම් නායකයා ලෙසත් සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<