ගෘහස්ථ ලෝක වාර්තාවක් බිඳ වැටේ

160
Ryan Crouser
Image Courtesy: Getty Images

ඇමරිකාවේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියක දී යගුලිය විසි කිරීමේ ඉසව්වට සහභාගි වූ ඔලිම්පික් ශූර Ryan Crouser එම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

තරගාවලියේ යගුලිය විසි කිරීම ඉසව්වෙහි මුල්ම අවස්ථාවේ දී ම මීටර් 22.82ක දස්කමක් දැක්වීමට ඔහු සමත් වූ අතර එම දුර ප්‍රමාණය වසර 32කට ඉහත දී Randy Barnes විසින් පිහිටුවා තිබූ එම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව අභිබවා යන්නක් විය.

Ryan Crouser එහි දී වාර්තා කළ දුර ප්‍රමාණය යගුලිය විසි කිරීමේ ඉතිහාසයේ දසවැනි හොඳම දක්ෂතාවය ලෙස ද සටහන්ව තිබුණි.

නව වසරේ මුල්ම තරගාවලියේ දී ම අතිසාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වීම පිළිබඳව සිය අදහස් දක්වමින් Ryan Crouser ප්‍රකාශ කර සිටියේ එය 2021 නව වසර සඳහා හොඳ ආරම්භයක් බවයි.

තවත් මලල ක්‍රීඩා පුවත්:

2009 යොවුන් ලෝක ශූරතාවයේ යගුලිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වූ Ryan Crouser 2016 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී ඇමරිකාව නියෝජනය කරමින් යගුලිය විසි කිරීමේ ඉසව්වෙහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එතැන් පටන් එම ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඔහු අවසන් වරට පැවති 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී යගුලිය විසි කිරීමේ ඉසව්වෙහි රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<