ආචර්ගේ ඊතල හා රෝයිගේ ගිනිකෙළි

177

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම මේ වන විට මුලු ලෝකයම තම වසඟයට ගැනීමට සමත්ව ඇත. වාර්තා පිට වාර්තා පිහිටුවමින් ඉදිරියට ඇදෙන ලෝක කුසලානය මේ වන විට දෙවන සතියට පැමිණ ඇත.

එංගලන්තය මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායමක් ලෙස බොහෝ දෙනා අනාවැකි පල කළ අතර එම අනාවැකි සත්‍යයක් කරමින් ආරම්භක තරගයේ දී ම ලකුණු 300 සීමාව පසුකර යමින් දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය ලකුණු 100කට වැඩි පරතරයක් සහිතව ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.

දෙවන තරගයේ දී නොසිතූ ලෙස පාකිස්තානය හමුවේ පරාජය වූ එංගලන්තය එම තරගයේ දී ද ලකුණු 300 සීමාව පසුකර යාම විශේෂත්වයකි. පරාජයේ වේදනාව සමඟින් තම තුන්වැනි තරගයට සහභාගි වූ එංගලන්තය එම තරගයේ දී තමන් මෙතෙක් ලෝක කුසලාන තරගාවලිය කදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 386ක් වාර්තා කිරීමට සමත් විය. ඒ සමඟින් එක්දින තරග ඉතිහාසයේ පිට පිට ලකුණු 300 සීමාව පසු කළ තරග සංඛ්‍යාවට හිමි වාර්තාව ඔවුන් සතු කර ගැනීමට එංගලන්තයට හැකි විය. ඒ තරග 7ක දී නොකඩවා ලකුණු 300 සීමාව පසුකර යමිනි.

රෝයිගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංගලියෝ අසරණ වෙති!

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of….

එංගලන්ත ශතක සමාජය

එංගලන්ත පිතිකරුවන් පිළිබඳව තරගාවලියට පෙර සිටම ප්‍රබල ආකල්පයක් ගොඩනැගී තිබූ අතර එය තව තවත් තහවුරු කරමින් පළමු තරගයේ සිටම පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනිනි.

පාකිස්තානය සමඟ තරගයේ දී ජෝ රූට් හා ජෝස් බට්ලර් විසින් ශතක දෙකක් වාර්තා කළ අතර එංගලන්තය වෙනුවෙන් තරගාවලියේ තුන්වැනි ශතකය වාර්තා කිරීමට බංග්ලාදේශය සමඟ තරගයේ දී ජේසන් රෝයි සමත් විය.

මෙවර ලෝක කුසලානයට පෙර බොහෝ දෙනාගේ මතයක් වූයේ එංගලන්ත හා වේල්ස් තණතීරු පිතිකරුවන්ගේ පාරාදීසයක් වනු ඇති බවයි. නමුත් මේ දක්වා පැවති තරගවල දී පිතිකරුවන් හා පන්දු ‍යවන්නන් දෙපිරිසටම වාසිදායක බවක් දක්නට ලැබේ.

එංගලන්තයට අමතරව තරගාවලියේ ශතකයක් ලබා ගත් ක්‍රීඩකයන් බවට බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් හා ඉන්දියාවේ රෝහිත් ශර්මා පත්විය. ශකීබ් අල් හසන් එංගලන්තය සමඟ පැවති තරගයේ දී ලකුණු 121ක් ලබා ගත් අතර රෝහිත් ශර්මා දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 122ක් ලබා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ තරගයේ දී ජේසන් රෝයි ලකුණු 153ක් වාර්තා කළේ පන්දු 121ක් පමණක් වැය කරමිනි. එය 2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ ඇන්ඩෲ ස්ට්‍රෝස් ලබා ගත් ලකුණු 158ට පමණක් දෙවැනි වේ.

ජෝස් බට්ලර් හා ජොනී බෙයාස්ටෝව් බංග්ලාදේශ තරගයේ දී අර්ධ ශතක වාර්තා කළ අතර ලියම් ප්ලන්කට් පන්දු 9ක දී ලකුණු 27ක් වාර්තා කළේය.

රශීඩ් ඛාන්ගේ වාර්තාව එන තෙක් ඇෆ්ගනිස්තානය නොඉවසිල්ලෙන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (8) පැවති ඇෆ්ගනිස්තාන – නවසීලන්ත තරගය අතරතුර….

ශකීබ් සාධකය

බංග්ලාදේශ සංචිතයේ අත්දැකීම් බහුලතම හා ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ශකීබ් හැදින්විය හැක. 32 වියැති මේ දඟපන්දු ‍යවන ක්‍රීඩකයා තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටී.

එංගලන්තය තරගයේ දී පන්දු ‍යැවීම ආරම්භ කිරීම ශකීබ් විසින් සිදු කළ නමුත් ඔහු බලාපොරොත්තු වූ පීඩනය ලබා දීමට ඔහුට නොහැකි විය. ඔහුට එකදු කඩුල්ලක් වත් දවා ගැනීමට නොහැකි වූ අතර ලකුණු 71ක් ලබා දී තිබුණි.

පිතිකරණයේ දී ඔහු තම වගකීම මනාව ඉටු කරමින් ලකුණු 121ක් වාර්තා කළ අතර ඔහුට අනෙක් අන්තයෙන් ලැබිය යුතු සහයෝගය නොලැබීම නිසා එම ඉනිම ජයග්‍රාහී ඉනිමක් බවට පත්කිරීමට නොහැකි විය.

2011 හා 2015 ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේ දී ම එංගලන්තය පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වූ අතර මෙවර ඔවුන්ට එම සිහිනය සැබෑ කර ගැනීමට එංගලන්තය ඉඩ ලබාදු න්නේ නැත. පන්දු ‍රැකීමේ දී සිදු වූ අඩුපාඩු බංග්ලාදේශයට ජයග්‍රහණයේ දොරටු වසා දැමූ අතර එංගලන්තයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඉඩ සලසා දුන්නේය.

කොදෙව් තරගයෙන් උගත් දෑ ගැන ස්ටාක් කතා කරයි

2019 ලෝක ක්‍රිකට් වසන්තයේ උණුසුම දිනෙන් දින වැඩි වෙමින් පවතී. නොසිතූ පරාජයන් මෙන්ම නොසිතූ….

ආචර්ගේ ඊතලය

ජොෆ්‍රා ආචර්, එංගලන්තයේ ඊතලය බවට පත්ව හමාරය. එංගලන්තය විසින් පළමුව නිවේදනය කළ ලෝක කුසලාන සංචිතයේ නොසිටි ආචර්ට ලෝක කුසලාන වරම් හිමිවන්නේ පසුව නම් කළ සංචිතයෙනි. එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ආචර් මේ වන විටත් සමත්ව ඇත.

ප්‍රබල ඉලක්කයක් හා දැඩි වේගයක් සහිත මේ කොදෙව් ක්‍රීඩකයා බංග්ලාදේශ තරගයේ දී පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් බවට පත් කරගත්තේය. දෙවන පන්දුවාරයේ දී සෞම්‍ය සර්කාර්ගේ කඩුල්ල දවා ගත් ආචර් තම මුල් පන්දුවාර 5 දී කඩුලු එකකට ලබා දී තිබූ ලකුණු සංඛ්‍යාව 14කි. තරගය අවසන් වීමට පෙර තවත් කඩුලු 2ක් දවා ගත් ජොෆ්‍රා මෙම තරගයේ දී පන්දුවාර 8 පන්දු 5ක් තුල ලකුණු 29කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඉන්දියාව ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායම් ද තම වේගපන්දුව මනා ලෙස උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කරමින් සිටී. කොදෙව් කණ්ඩායම ද ප්‍රශංසනීය වේගපන්දු ප්‍රහාරයක් එල්ල කිරීමට සමත්ව ඇත. මේ සියලු වේගපන්දු බලඇණි අතරින් එංගලන්තයට සුපිරිම අවිය හමුවී ඇතැයි අවිවාදයෙන්ම කිව හැක.

ආචර්, ස්ටාක්, බුම්‍රාහ්, ශෙල්ඩන්ගේ ඊතල මෙන්ම රෝයි, රෝහිත්, වෝනර්, රසල්ගේ ගිනිකෙළි සමඟින් වර්ණවත් වන ලෝක කුසලාන තරගාවලිය සැබැවින්ම ක්‍රිකට් වසන්තයක් වනු ඇත.

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<