Home Sinhala රෝයිගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංගලියෝ අසරණ වෙති!

රෝයිගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංගලියෝ අසරණ වෙති!

211

ජේසන් රෝයිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා බංගලාදේශය අතර අද (08) පැවති තරගයෙන් ලකුණු 106ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රබල එංගලන්තය සමත් විය.

වැහි දෙවියන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත තල්ලුවක්

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් අද…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායක මෝර්ටාසා පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර එම තීරණයේ නිරවද්‍යතාව අභියෝගයට ලක් කළ එංගලන්ත පිතිකරුවෝ ආරම්භයේ සිටම ප්‍රතිවාදී පන්දු යවන්නන් හට පිටිය පුරා පහර එල්ල කරමින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී දැවැන්ත ලකුණු 386ක් වාර්තා කළහ.

මෙය එංගලන්තය ලෝක කුසලාන තරගාවලියක දී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් ලබා ගත් හත්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

එමෙන්ම මෙම තරගයේ දී එංගලන්තය පිට පිට තරග හතක දී ලකුණු 300 සීමාව පසු කළ පළමු කණ්ඩායම බවට පත් වෙමින් වාර්තා පොත් අතරට එක් වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2007 වසරේ දී පිට පිට තරග හයක දී ලකුණු 300 සීමාව පසු කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 51ක් ලබා සිටි ජොනී බෙයාස්ටෝව් දැවී ගියේ ජේසන් රෝයි හා එක්ව ගොඩ නැගූ ලකුණු 128ක සබඳතාවයකින් අනතුරුව ය.

බෙයාස්ටෝව්ගේ දැවී යාමෙන් අනතුරුව ද සිය වේගවත් පිතිකරණය ක්‍රියාත්මක කළ ජේසන් රෝයි බංග්ලාදේශ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහර දුන්නේ පන්දු 93කින් සිය නවවැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරමිනි.

ඉන්දීය අණසක හමුවේ හුදෙකලා වූ ශෙහාන්ගෙන් තවත් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අද (08)….

මෙහෙදි හසන් ක්‍රියාත්මක කළ තරගයේ 35 වැනි පන්දුවාරයේ දී පිට පිට හයේ පහර තුනක් එල්ල කළ රෝයි, සිව්වැනි පන්දුවට තවත් හයේ පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගිය අතර දැවී යන අවස්ථාවේ පන්දු 121කින් ලකුණු 153ක් රැස් කරගෙන සිටියේ ය. ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් හා දැවැන්ත හයේ පහර 5කින් වර්ණවත් විය.

රෝයිගෙන් පසු තරගය සිය පාලනයට නතු කර ගත් ජොස් බට්ලර් ලකුණු වේගය එලෙසම පවත්වා ගැනීමට කටයුතු කළේ පන්දු 44කින් ලකුණු 64ක් වාර්තා කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය.

මීට අමතරව නායක ඔයින් මෝගන් ලකුණු 35ක් රැස් කළ අතර ඉනිම අග භාගයේ දී ක්‍රිස් වෝක්ස් පන්දු 8කින් ලකුණු 18ක් හා මොයින් අලි වෙනුවට මෙම තරගය සඳහා කැඳ වූ ලියම් ප්ලන්කට් පන්දු 9ක දී ලකුණු 27ක් වාර්තා කරමින් සිය කණ්ඩායමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් නිර්මාණය කර දෙන ලදි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

සියලු බංග්ලාදේශ පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ අතර යම් පමණකට හෝ සාර්ථක වූ මෙහෙදි හසන් කඩුලු 2ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක මෝර්ටාසා හා මුස්ටෆිසුර් රහමන් එක් කඩුල්ල බැගින් ලබා ගත් අතර මොහොමඩ් ශෆියුඩීන් කඩුලු 2ක් ලබා ගත්ත ද ඔහු සිය පන්දුවාර 9 තුළ දී ප්‍රතිවාදින් හට ලකුණු 78ක් ලබා දී තිබුණි.

ලකුණු 387ක යෝධ ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට සාර්ථක වීමට ජොෆ්රා ආචර් ඇතුළු වේගපන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

නව පන්දුවෙන් බවුන්සර් පන්දු ද ඇතුළුව තර්ජනාත්මකව පන්දු යැවූ ආචර් හා වුඩ් බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නා ලදි.

දෝනිට අත් ආවරණ ගලවන්නට වෙයි ද?

ඉන්දියානු යුධ හමුදා පැරා කණ්ඩායම් වල සංකේතය වන බලිදාන් සංකේතය සහිත….

ඉන් අනතුරුව පිටියේ එක් වූ ශකීබ් අල් හසන් හා මුෂ්ෆිකර් රහීම් දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ කළ ද, ඔවුන් ඉදිරියේ පැවති විශාල ඉලක්කය කරා ළඟා වීමට එම උත්සහය ප්‍රමාණවත් නොවීය.

ඔවුන් දෙදෙනා අතර පැවති ලකුණු 106ක සම්බන්ධතාව බිඳ දමමින් ලියම් ප්ලන්කට්ගේ පන්දුවකට ලකුණු 44ක් ලබා සිටි මුෂ්ෆිකර් රහීම් දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසි මොහොමඩ් මිතුන් ඊළඟ පන්දු වාරයේ දී ලකුණු නොලබාම දැවී ගියේ ය.

හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ ශකීබ් අල් හසන් සිය 8 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 119ක දී ලකුණු 121ක් රැස් කළ ද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

අන් කිසිදු පිතිකරුවෙකු හට සිය කණ්ඩායම වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට නොහැකි වූ අතර අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 280ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෆ්රා ආචර් හා බෙන් ස්ටෝක්ස් කඩුලු 3 බැගින් ලබා ගත් අතර මාක් වුඩ් කඩුලු 2ක් ලබා ගත්තේ ය.

එංගලන්තය වෙනුවෙන් ලකුණු 153ක් වාර්තා කළ ජේසන් රෝයි තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ ඉන්දියාව සහභාගි වන දෙවන තරගය හෙට (09) ඕස්ට්‍රේලියාව සමඟින් ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත ය.

Result


England
386/6 (50)

Bangladesh
280/10 (48.5)

Batsmen R B 4s 6s SR
Jason Roy c Mashrafe Mortaza b Mehidy Hasan Miraz 153 121 14 5 126.45
Jonny Bairstow c Mehidy Hasan Miraz b Mashrafe Mortaza 51 50 6 0 102.00
Joe Root b Mohammad Saifuddin 21 29 1 0 72.41
Jos Buttler c Soumya Sarkar b Mohammad Saifuddin 64 44 2 4 145.45
Eoin Morgan c Soumya Sarkar b Mehidy Hasan Miraz 35 33 1 2 106.06
Ben Stokes c Mashrafe Mortaza b Mustafizur Rahman 6 7 0 0 85.71
Chris Woakes not out 18 8 0 2 225.00
Liam Plunkett not out 27 9 4 1 300.00


Extras 11 (b 0 , lb 3 , nb 1, w 7, pen 0)
Total 386/6 (50 Overs, RR: 7.72)
Fall of Wickets 1-128 (19.1) Jonny Bairstow, 2-205 (31.3) Joe Root, 3-235 (34.4) Jason Roy, 4-330 (45.2) Jos Buttler, 5-340 (46.5) Eoin Morgan, 6-341 (47.1) Ben Stokes,

Bowling O M R W Econ
Shakib Al Hasan (vc) 10 0 71 0 7.10
Mashrafe Mortaza 10 0 68 1 6.80
Mohammad Saifuddin 9 0 78 2 8.67
Mustafizur Rahman 9 0 75 1 8.33
Mehidy Hasan Miraz 10 0 67 2 6.70
Mosaddek Hossain 2 0 24 0 12.00


Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Eoin Morgan b Mark Wood 19 29 1 0 65.52
Soumya Sarkar b Jofra Archer 2 8 0 0 25.00
Shakib Al Hasan (vc) b Ben Stokes 121 119 12 1 101.68
Mushfiqur Rahim c Jason Roy b Liam Plunkett 44 50 2 0 88.00
Mohammad Mithun c Jonny Bairstow b Adil Rashid 0 2 0 0 0.00
Mahmudullah c Jonny Bairstow b Mark Wood 28 41 1 1 68.29
Mosaddek Hossain c Jofra Archer b Ben Stokes 26 16 4 0 162.50
Mohammad Saifuddin b Ben Stokes 5 8 0 0 62.50
Mehidy Hasan Miraz c Jonny Bairstow b Jofra Archer 12 8 2 0 150.00
Mashrafe Mortaza not out 5 9 0 0 55.56
Mustafizur Rahman c Jonny Bairstow b Jofra Archer 0 3 0 0 0.00


Extras 18 (b 0 , lb 8 , nb 0, w 10, pen 0)
Total 280/10 (48.5 Overs, RR: 5.73)
Fall of Wickets 1-8 (3.2) Soumya Sarkar, 2-63 (11.6) Tamim Iqbal, 3-169 (28.6) Mushfiqur Rahim, 4-170 (29.3) Mohammad Mithun, 5-219 (39.3) Shakib Al Hasan (vc), 6-254 (43.1) Mosaddek Hossain, 7-261 (44.6) Mahmudullah, 8-264 (45.4) Mohammad Saifuddin, 9-280 (48.2) Mehidy Hasan Miraz, 10-280 (48.5) Mustafizur Rahman,

Bowling O M R W Econ
Chris Woakes 8 0 67 0 8.38
Jofra Archer 8.5 2 30 3 3.53
Liam Plunkett 8 0 36 1 4.50
Mark Wood 8 0 52 2 6.50
Adil Rashid 10 0 64 1 6.40
Ben Stokes 6 1 23 3 3.83



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<