රශීඩ් ඛාන්ගේ වාර්තාව එන තෙක් ඇෆ්ගනිස්තානය නොඉවසිල්ලෙන්

2864

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (8) පැවති ඇෆ්ගනිස්තාන – නවසීලන්ත තරගය අතරතුර දී ලුකී ෆර්ගියුසන් එවූ පන්දුවක් රශීඩ් ඛාන්ගේ හිස පෙදෙසේ වැදුණි. ඉන් අනතුරුව රශීඩ්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ නිසාවෙන් ඔහු එම තරගයේ දී පන්දු යැවීම සිදු කළේ නොමැත.

නීශම් – ෆර්ගියුසන් සුසංයෝගය ඇෆ්ගනිස්තානයට හරස් වෙයි!

මේ දිනවල සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුවී ඇති 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ඊයේ (08)…

ඇෆ්ගනිස්තාන ඉනිමේ 33 වැනි පන්දුවාරයේ දී පැයට කිලෝමීටර 138ක පමණ වේගයක් සහිතව පැමිණි බවුන්සර් පන්දුවක් රශීඩ් ඛාන්ගේ හිසේ වැදී කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු නොලබාම දැවී යාමට රශීඩ් හට සිදු විය. ඉන් අනතුරුව රශීඩ්ගේ පළමු  concussion පරීක්ෂණය සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුව තවදුරටත් එම තරගය තුල ක්‍රීඩා නොකිරීමට වෛද්‍යවරුන් හා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය.

එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම් නායක ගුලබ්ඩීන් නයිබ් රශීඩ්ගේ  තත්වය පිළිබඳව මෙසේ අදහස් පළ කළා.

“අපට ඊළඟ තරගය ජුනි 15 වැනිදා තියෙන්නේ දකුණු අප්‍රිකාව එක්ක. ඒ තරගයට තව දවස් කිහිපයක් තියෙනවා. රශීඩ්ව ඒ තරගයට ගොඩක් වැදගත් අපිට. මේ වන විට නම් ඔහුගේ තත්වය හොඳයි ගැටලුවක් නැහැ. මම හිතන්නේ දැන් ඔහුට යම් විවේකයක් අවශ්‍යයි.” යැයි පැවසීය.

රෝයිගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංගලියෝ අසරණ වෙති!

ජේසන් රෝයිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා බංගලාදේශය අතර අද (08)…

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුලබ්ඩීන් නයිබ් මෙසේ රශීඩ් පිළිබඳව පැවසුවා.

“අපේ කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයාගෙන් මම ඔහුගේ තත්වය ගැන විමසූ විට ඔහු පැවසුවේ රශීඩ්ට යම් ආකාරයක් හිසේ වේදනාවක් තිබෙන බවයි. ඒ වගේම රශීඩ්ට තව වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් කළ යුතුව තිබෙන බව ද ඔහු පැවසුවා. ඉතින් අපේ මුළු කණ්ඩායමම ඔහුගේ ඒ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලය එනකම් බලාගෙන ඉන්නවා. ඇෆ්ගන් මිනිස්සුන්ට හොඳට හයිය තියෙනවා. ඒක නිසා රශීඩ්ට ඒක පොඩි දෙයක්.”

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<