ලෝක ශූරයාගේ කොරෝනා වාර්තාව ගැටලුවක්

113
AFP Photo/Jewel SAMAD

මීටර් 400 වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකානු මලල ක්‍රීඩක Wayde Van Niekerk පසුගිය දා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

ඩයමන්ඩ් ලීග් කාල සටහනේ වෙනසක්

කෙසේ නමුත් මෙම කොරෝනා පරීක්ෂණ වාර්තාව අසත්‍ය එකක් බව ප්‍රකාශ කරමින් ඔහුගේ කළමනාකරු වන Peet van Zyl ප්‍රකාශ කර සිටියේ Van Niekerk පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව මුල්ම වරට තරග බිමට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් සහ ඔහු ඉතාලියට පැමිණි පසුව සියලූම සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම අනුගමනය කළ බැවින් මෙය සිදු විය නොහැකි බවයි.

අප සියල්ලන්ම වෙනත් පුද්ගලයන් සමඟ නොගැටි හුදකලාව රැඳී සිටියේ, අපි කෑම බීම පවා ගත්තේ තනිවමයි. Van Niekerkගේ මුල් පරීක්ෂණ ත්‍රිත්වයෙන්ම ඔහු නිරෝගී බව තහවුරු වූවත් හතරවැනි පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව තහවුරු වූ බව දැනුම් දුන්නා. නමුත් ඉන් පසුව සිදු කළ පරීක්ෂණයෙන් නැවතත් ඔහු ආසාදිතයෙක් නොවන බව තහවුරු වුනා. කෙසේ නමුත් අප තරගාවලියේ විධානයන් අනුගමනය කරනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කෙටි දුර ධාවන පිටියෙහි කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Van Niekerk 2016 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව තත්පර 43.03ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය.

එම ඉසව්වට අමතරව මීටර් 100 සහ 200 ඉසව්වන්ගේ ද කැපී පෙනෙන දස්කම් දැක්වූ ඔහු මීටර් 200 ඉසව්ව තත්පර 20කට අඩු කාලයකින් ද, මීටර් 100 ඉසව්ව තත්පර 10කට වඩා අඩු කාලයකින් ද අවසන් කිරීමට සමත් වූ අතර ඔහු මීටර් 400 ඉසව්ව තත්පර 44ට අඩු කාලයකින් ද, මීටර් 200 ඉසව්ව තත්පර 20ට වඩා අඩු කාලයකින් සහ මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාලයකින් අවසන් කළ මුල්ම ක්‍රීඩකයා ලෙස ද ඉතිහාස ගත විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<