T20 දැවැන්තයන් සමඟ එක් වෙන යොවුන් තුන් කොන් තරගාවලිය

55
Women’s U19 Tri-Nation Series

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන් කොන් වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් තරගාවලිය හෙට (28) සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සෑම තරගයක් ම හම්බන්තොට දී පැවැත්වෙන අතර එක් එක් කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ තරග 2ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන

  Date Team 1 Team 2 Venue
1 මාර්තු 28 ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව MRICS, සූරියවැව
2 මාර්තු 29 ඔස්ට්‍රේලියාව එංගලන්තය MRICS, සූරියවැව
3 මාර්තු 30 ශ්‍රී ලංකාව එංගලන්තය MRICS, සූරියවැව
4 අප්‍රේල් 01 ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව MRICS, සූරියවැව
5 අප්‍රේල් 02 ඔස්ට්‍රේලියාව එංගලන්තය MRICS, සූරියවැව
6 අප්‍රේල් 03 එංගලන්තය ශ්‍රී ලංකාව MRICS, සූරියවැව

තරගාවලියට එක් වෙන කණ්ඩායම් අතර සංචාරක කණ්ඩායම් මේ වන විට වයස අවුරුදු 19න් පහළ ලෝක කණ්ඩායම් අතර ඉදිරියෙන් ම සිටින කණ්ඩායම් වීම විශේෂත්වයක්. ඒ අතුරින් සංචාරක එංගලන්ත කණ්ඩායම නිමා වූ වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරියන් වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී එංගලන්තය වෙතින් පරාජය වූ කණ්ඩායමයි.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ සුපිරි 6 වටයේ 5 වැනි ස්ථානයයි. එබැවින් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට යම් මට්ටමකට පැමිණිමට නම් වැඩි වැඩ කොටසක් කිරීමට සිදු වෙනවා.

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 16 වියැති ඉදිරි පෙළ වමත් පිතිකාරිනී මනුදි නානායක්කාර වෙතයි. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඇය පසුගිය වසරේ පැවැති ICC කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමේ සමාජිකාවක් ද වූවා.

එම තරගාවලියේ දී ඇය තරග 5ක දී ලකුණු 66ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ තෙවැනියා බවට පත් වෙනවා. එමෙන් ම ඇය මෙරට දී නිමා වූ වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ වැඩිම තරග 5ක ලකුණු 153ක් ලබා ගනිමින් වැඩිම ලකුණුලාභිනිය ද වූවා.

ඇයගේ නායිකාව බවට පත් වෙන්නේ මාතර අනුර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රශ්මිකා සෙව්වන්දි. ඇය ද නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩිකාවක්.

එමෙන් ම එම තරගාවලිය නියෝජනය කළ රිස්මි සංජනා, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා, රශ්මි නේත්‍රාංජලී සහ නෙත්මි සේනාරත්න ද මෙම කණ්ඩායමට ඇතුලත්.

තරගාවලියට එක්වෙන ඔස්ට්‍රේලියාව කණ්ඩායමේ ද නිමා වු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම ඇතුලත්.

ඒ අතර තරග 6ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 134ක් ලබා ගත් දකුණත් පිතිකාරිනී  Kate Pelle ද සහ තරග 6ක දී ලකුණු 100ක් ලබා ගත් ඉදිරි පෙළ පිතිකාරිනී Amy Smith ද සිටිනවා.

පන්දු යැවීමේ දී කඩුලු 12ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් දකුණතින් මඳ වේග පන්දු යවන Maggie Clark ද එම කණ්ඩායමට ඇතුලත්.

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අනුශූරියන් වීම හේතුවෙන් ම එංගලන්ත කණ්ඩායම මෙම කණ්ඩායම් ත්‍රිත්වය අතුරින් වඩාත් කැපී පෙණෙන කණ්ඩායම බවට පත් වෙනවා.

අනුශූර එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් අතුරින් Josie Groves, Charis Pavely, Davina Perrin, Alexa Stonehouse සහ Maddie Ward යන ක්‍රීඩිකාවන් 5 දෙනා මෙම සංචාරයට එක් ව සිටිනවා.

තරගාවලියට එක් වෙන කණ්ඩායම්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

මනුදි නානායක්කාර (නායිකා), රශ්මිකා සෙව්වන්දි (උප නායිකා), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ශශිනි ගිම්හානි, රිස්මි සංජනා, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, දැහැමි සනේත්මා, විශ්මි සාවින්දි, අශානි කෞශල්‍යා, යසන්ති නිමන්තිකා, නෙත්මි සේනාරත්න, හිරුණි හංසිකා, චමෝදි ප්‍රබෝධා.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

Amy Hunter, Amy Smith, Bonnie Berry,  Eleanor Larosa,  Grace Lyons, Hasrat Gill,   Ines McKeon,  Juliette Morton, Kate Pelle, Lucy Finn, Lucy Hamilton, Maggie Clark, Samara Dulvin, Sienna Eve, Tegan Williamson.

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

Meg Austin, Summer Carrington, Tilly Corteen-Coleman, Jodi Grewcock, Josie Groves,  Lola Harris, Trudy Johnson, Katie Jones, Charlotte Lambert, Ava Lee, Abi Norgrove,  Charis Pavely, Davina Perrin, Sophia Smale, Alexa Stonehouse, Charlotte Stubbs, Amu Surenkumar, Mary Taylor, Erin Thomas, Maddie Ward.

මෙම රටවල් ත්‍රිත්වය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<