ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමඟ තරගාවලියකට

Women’s U19 Tri-Nation Series 2024

73

ඕස්ට්‍රේලියා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ දී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

මෙහි දී මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගීත්වයෙන් එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා දෙකෙන් ම තරගාවලි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මෙම තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ. 

විස්සයි විස්ස තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම තරග හතරක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක්දින තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. නියමිත තරග අවසානයේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් තරගාවලි ජයග්‍රාහකයින් ලෙස නම් කරනු ඇති.  

19න් පහළ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීමේ අරමුණින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන මාර්තු 28 දින ආරම්භ වනු ඇති. 

දිනය  තරගය  තරග ආකෘතිය    ක්‍රීඩාංගණය 
මාර්තු 28  ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව   T20   හම්බන්තොට   
මාර්තු 29  ඕස්ට්‍රේලියාව එංගලන්තය    T20   හම්බන්තොට  
මාර්තු 30  ශ්‍රී ලංකාව එංගලන්තය    T20   හම්බන්තොට  
අප්‍රේල් 1  ඕස්ට්‍රේලියාව –  ශ්‍රී ලංකාව    T20   හම්බන්තොට  
අප්‍රේල් 02  එංගලන්තය ඕස්ට්‍රේලියාව    T20   හම්බන්තොට  
අප්‍රේල් 03   එංගලන්තය ශ්‍රී ලංකාව    T20   හම්බන්තොට  
           
අප්‍රේල්  05   ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව   එක්දින   ගාල්ල  
අප්‍රේල් 07   ඕස්ට්‍රේලියාව එංගලන්තය    එක්දින   ගාල්ල  
අප්‍රේල් 09  එංගලන්තය ශ්‍රී ලංකාව    එක්දින   ගාල්ල  

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<