Home Sinhala ජනිත්ගේ ශතකය අපතේ යයි; බංග්ලාදේශයට තරගාවලි ජයක්

ජනිත්ගේ ශතකය අපතේ යයි; බංග්ලාදේශයට තරගාවලි ජයක්

Sri lanka Tour of Bangladesh 2024

98

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලබමින් තරගාවලි ජයග්‍රහණයක් කරා යාමට බංග්ලාදේශය අද (18) සමත් වුනා.

අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් සමත් වූ අතර මෙවර ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.

මෙම තරගයට බංග්ලාදේශ කණ්ඩායම වෙනස්කම් තුනක් සමඟින් අවතීර්ණ වූ අතර, ශ්‍රී ලංකාව ද එක් වෙනස්කමක් සමඟින් තරගයට පිවිසුණා.

ඒ අනුව ආබාධයකට ලක් වූ ඩිල්ශාන් මදුශංක වෙනුවට මහීෂ් තීක්ෂණ නැවතත් අද තරගයට එක් වුනා.

ශ්‍රී ලංකාව:

පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායකයා), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මදුශාන් සහ ලහිරු කුමාර

බංග්ලාදේශය:

Soumya Sarkar, Anamul Haque, Najmul Hossain Shanto (c), Towhid Hridoy, Mushfiqur Rahim(w), Mahmudullah, Mehidy Hasan Miraz, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman

කුසල්ගේ තීරණය අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පිටියට පිවිසියත් එක් ලකුණක්      පමණක් ලබා සිටි පැතුම් නිස්සංක Taskin Ahmed හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගියා. නමුත් පසුව නිරීක්ෂණය කරන විට පෙනී ගියේ එය දැවී යාමක් නොවන බවයි. කෙසේ වෙතත් අදාළ අවස්ථාවේ විනිසුරු තීරණයට අභියෝග නොකිරීම නිසා පැතුම්ට තවත් දීර්ඝ ඉනිමක් කරා යාමට තිබූ අවස්ථාව අපතේ ගියා. ඉන් පසුව අවිශ්ක ප්‍රනාන්දු ද Taskin හමුවේ ලකුණු 4කට සිය ඉනිම නිමා කළා.

මින් පසුව කඩුල්ලට පිවිසි සදීරගේ ඉනිම ද ලකුණු 17කින් නතර වූ අතර, පන්දු 51ක් තුළ ලකුණු 29ක් ලබා ගත් නායක මෙන්ඩිස් ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට මුලු ලකුණු සංඛ්‍යාව 74ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් මින් පසුව කඩුල්ලේ එක් වූ ජනිත් ලියනගේ සහ චරිත් අසලංක පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් එක් කිරීමට සමත් වූ අතර, චරිත්ගේ ඉනිම 37කින් නතර කිරීමට Mustafizur Rahmanට හැකියාව ලැබුණා.

මින් පසුව දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග පිටියට පිවිසුනත් ඔවුන් ද අද සාර්ථක වුනේ නැහැ.

කෙසේ නමුත් මින් පසුව ජනිත් ලියනගේ සමඟ කඩුල්ලේ එක් වූ මහීෂ් තීක්ෂණ ඉතා ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ යෙදෙමින් ඉනිමේ අට වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මහීෂ් පන්දු 40කින් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ නොදැවී රැඳී සිටි ජනිත් ලියනගේ සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට අද සමත් වුනා.

පන්දු 102ක් තුළ ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වූ ජනිත්ගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා.

බංග්ලාදේශ ඉනිම ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ඉනිම අතරතුර ආබාධයකට ලක් වූ Soumya Sarkar වෙනුවට Tanzid Hasan Concussion Substitute අවස්ථාව යටතේ කණ්ඩායමට ඇතුළත් කර තිබූ අතර, මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ව තරමක් වික්ෂිප්ත කළ සිදුවීමක් වුනා.

එවන් වාතාවරණයක් යටතේ ආරම්භ වූ බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස Anamul Haque දවා ගැනීමට ලහිරු කුමාර විසින් සමත් වූ අතර, ඉන් අනතුරුව බිඳ වැටුණු බංගලි කඩුලු තුනේ වගකීම ද ලහිරු සතු වුනා. බංග්ලාදේශ ඉනිමේ පස් වැනි කඩුල්ල ලෙස Tanzidව දවා ගැනීමට වනිඳු හසරංග විසින් සමත් වූ අතර, ඒ වන විට බංග්ලාදේශය ලකුණු පුවරුවේ සටහන් වී තිබුණේ ලකුණු 130ක් පමණයි. කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක වූ Mushfiqur Rahim සහ Mehidy Hasan Miraz හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවක් ගොඩ නංවමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු වෙත පියනැගීමට සමත් වුනා. මේ මොහොතේ නැවත ක්‍රියාත්මක වූ වනිඳු විසින් Mehidyගේ කඩුල්ල දවා ගනිමින් නැවතත් තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙතට හැරවීමට සමත් වුනත් එම සතුට වැඩි වේලා සැමරීමට ශ්‍රී ලංකා ප්‍රකාශකයින්ට ඉඩ ලැබුණේ නැහැ. Mehidyගෙන් පසුව පිටියට පිවිසි Rishad Hossain විසින් කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ අන්දමේ ප්‍රහාරයක් දියත් කරමින් මෙතෙක් වේලා දෙපිළට ම දෝලනය වෙමින් තිබූ තරගයේ ජය බංග්ලාදේශය වෙත පහසුවෙන් ළඟා කර දුන්නා. මෙහි දී ඔහුගේ ප්‍රධානතම ඉලක්කයක් බවට වනිඳු හසරංග පත් වූ අතර වනිඳු විසින් යොමු කළ තරගයේ 40 වැනි පන්දුවාරයේ දී ලකුණු 24ක් ඩැහැ ගැනීමට Rishad Hossain සමත් වුනා.

මේ අනුව බංග්ලාදේශය නියමිත ඉලක්කය කඩුලු 6ක් දැවී හඹා යාමට සමත් වූ අතර, මෙහි දී නොදැවී කඩුල්ලේ රැඳී සිටි Mushfiqur Rahim ලකුණු 37ක් ලබා ගනිද්දී, Rishad පන්දු 18කින් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එල්ල වීම විශේෂත්වයක්.

  • තරගයේ වීරයා – Rishad Hossain
  • තරගාවලියේ වීරයා – Najmul Hossain Shanto

මේ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් වූවා. මින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ පැවැත්වීමට ඉතිරි වී තිබෙන්නේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පමණයි. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මාර්තු 22 Sylhet හිදි ආරම්භ වීමට නියමිතයි.

එම තරගයේ සජීවී දසුන් ඔබ වෙත ‍රැගෙන ඒමට මෙන්ම, තරගය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Bangladesh
237/6 (40.2)

Sri Lanka
235/10 (50)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Taskin Ahmed 1 8 0 0 12.50
Avishka Fernando c Mushfiqur Rahim b Taskin Ahmed 4 6 1 0 66.67
Kusal Mendis c Mushfiqur Rahim b Rishad Hossain 29 51 3 0 56.86
Sadeera Samarawickrama c Mushfiqur Rahim b Mustafizur Rahman 14 15 2 0 93.33
Charith Asalanka c Mushfiqur Rahim b Mustafizur Rahman 37 46 5 0 80.43
Janith Liyanage  not out 101 102 11 2 99.02
Dunith Wellalage c Soumya Sarkar b Mehidy Hasan Miraz 1 18 0 0 5.56
Wanidu Hasaranga b Mehidy Hasan Miraz 11 8 0 1 137.50
Maheesh Theekshana c Tanzid Hasan b Soumya Sarkar 15 40 0 0 37.50
Pramod Madushan c Anamul Haque b Taskin Ahmed 3 6 0 0 50.00
Lahiru Kumara run out (Towhid Hridoy) 1 1 0 0 100.00


Extras 18 (b 0 , lb 0 , nb 1, w 17, pen 0)
Total 235/10 (50 Overs, RR: 4.7)
Bowling O M R W Econ
Shoriful Islam 10 0 55 0 5.50
Taskin Ahmed 10 1 42 3 4.20
Mustafizur Rahman 9 1 39 2 4.33
Soumya Sarkar 2 0 10 1 5.00
Mehidy Hasan Miraz 10 1 38 2 3.80
Rishad Hossain 9 0 51 1 5.67


Batsmen R B 4s 6s SR
Anamul Haque c Avishka Fernando b Lahiru Kumara 12 22 1 0 54.55
Tanzid Hasan c Charith Asalanka b Wanidu Hasaranga 84 81 9 3 103.70
Najmul Hossain Shanto c Kusal Mendis b Lahiru Kumara 1 5 0 0 20.00
Towhid Hridoy c Pramod Madushan b Lahiru Kumara 22 36 0 0 61.11
Mahmudullah c Kusal Mendis b Lahiru Kumara 1 4 0 0 25.00
Mushfiqur Rahim not out 37 36 3 1 102.78
Mehidy Hasan Miraz c Pramod Madushan b Wanidu Hasaranga 25 40 3 0 62.50
Rishad Hossain not out 48 18 5 4 266.67


Extras 7 (b 0 , lb 0 , nb 0, w 7, pen 0)
Total 237/6 (40.2 Overs, RR: 5.88)
Bowling O M R W Econ
Maheesh Theekshana 9.2 1 35 0 3.80
Pramod Madushan 7 0 52 0 7.43
Lahiru Kumara 8 0 48 4 6.00
Wanidu Hasaranga 9 0 64 2 7.11
Dunith Wellalage 6 0 30 0 5.00
Charith Asalanka 1 0 8 0 8.00